පසු දා යේසුස්වහන්සේ තමන් දෙසට එනු දුටු යොහන් කතා කරමින්, “අන්න! ලෝකයේ පාපය දුරු කරන දෙවියන්වහන්සේගේ බැටළු පැටවාණෝ;
එළිදරව් 6:1 - සිංහල කාලීන පරිවර්තනය බැටළු පැටවාණන් මුද්‍රා හතෙන් පළමුවැන්න කඩනු මම බලා සිටියෙමි. එවිට ජීවමාන සත්වයින් හතර දෙනාගෙන් එකකු ගිගුරුමක් වැනි හඬින්, “එනු!” යි කියනු මට ඇසිණි. Sinhala New Revised Version එවිට බැටළු පෝතකයාණන් මුද්‍රා සතින් පළමුවැන්න කඩනවා මම දිටිමි. එකල ජීවමාන සත්ත්වයන් සතර දෙනාගෙන් එකෙකු ගිගුරුම් හඬකින් මෙන් කතා කොට, “එන්නැ”යි කියනු ඇසීමි. Sinhala New Revised Version 2018 එවිට බැටළු පෝතකයාණන් මුද්‍රා සතින් පළමුවැන්න කඩනවා මම දිටිමි. එකල ජීවමාන සත්ත්වයන් සතර දෙනාගෙන් එකෙකු ගිගුරුම් හඬකින් මෙන් කතා කොට, “එන්නැ”යි කියනු ඇසීමි. Sinhala Revised Old Version තවද බැටළුපැටවාණන් මුද්‍රා සතෙන් එකක් කැඩූ කල, මම බැලුවෙමි, ජීවමාන සත්වයන් සතරදෙනාගෙන් එක්කෙනෙක් ගර්ජනා ශබ්දයකින් මෙන් කථාකොට: එන්නැයි කියනවා ඇසීමි. |
පසු දා යේසුස්වහන්සේ තමන් දෙසට එනු දුටු යොහන් කතා කරමින්, “අන්න! ලෝකයේ පාපය දුරු කරන දෙවියන්වහන්සේගේ බැටළු පැටවාණෝ;
එවිට ස්වර්ගයේ වූ දෙවියන්වහන්සේගේ මාලිගය විවර කරන ලදී. උන්වහන්සේගේ ගිවිසුම් කරඬුව දේව මාලිගය ඇතුළත පෙනෙන්නට තිබිණි. එවිට විදුලි අකුණු ද ශබ්ද රාව ද මේඝ ගර්ජනා ද පොළෝ කම්පාවක් හා මහා ගල් වර්ෂාවක් ද ඇති විය.
පොළෝ වාසී සියල්ලෝ, එනම් ලොව මැවූ තැන් පටන් මරා දමන ලද බැටළු පැටවාණන්ගේ ජීවන පොතේ නම් ලියනු නො ලැබූවෝ මෘගයාට නමස්කාර කරති.
තවද මහ ජල ඝෝෂාවක වැනි හඬක් හා මහ ගිගුරුමක ශබ්දයක් වැනි කටහඬක් ස්වර්ගයෙන් මට ඇසිණි. මට ඇසුණු ඒ කටහඬ, වීණා වයන්නන් ඔවුන්ගේ වීණා වයන හඬ වැන්න.
ඉන්පසු මහා ජන සමූහයකගේ ද හඬ බඳු වූ, බොහෝ ජල ඝෝෂාවක හා ගිගුරුම් හෙණ හඬක් වැනි කටහඬකින් මෙසේ මොර ගසනු මට ඇසිණි: “හාලේලූයා! මන්ද සියලු බලැති අප දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ රජකම් කරන සේක.
එක් එක් ජීවමාන සත්වයා පියාපත් හයක් බැගින් යුක්තව, පිටතින් හා ඇතුළතින් ඇස්වලින් පිරී සිටියහ. ඔවුහු දිවා රෑ දෙක්හි කිසි විටෙක නො නැවතී, මෙසේ කියති: “සිටියා වූ, සිටින්නා වූ, මතු ද සිටින්නා වූ, ‘සියලු බලැති දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ, ශුද්ධ ය, ශුද්ධ ය, ශුද්ධ ය.’”
තවද සිංහාසනයේ හිඳ හුන් තැනැන්වහන්සේගේ දකුණු අතේ, ඇකුළුම් පොතක් තිබෙනු දුටුවෙමි. ඇතුළත හා පිටත ලියන ලද එය මුද්‍රා හතකින් මුද්‍රා තබා තිබිණ,
ඔවුහු හඬ නගා, “මරන ලද බැටළු පැටවාණෝ, බලය, ධනය හා ප්‍රඥාව ද ශක්තිය, ගෞරවය, මහිමය හා පැසසුම ද ලබන්නට වටින්නේ යැ!” යි පැවසූහ.
එතුමන් පොත ගත් කල, ජීවමාන සත්වයින් හතරදෙනා හා වැඩිමහල්ලන් විසිහතර දෙනා බැටළු පැටවාණන් අබියස වැඳ වැටුණහ. ඒ හැම කෙනෙක්ම වීණාවක් ද ශුද්ධවතුන්ගේ යාච්ඤා නම් වූ සුවඳ දුමින් පිරුණු රන් පාත්‍රා ද දැරූහ.
උන්වහන්සේ තුන් වන මුද්‍රාව කැඩූ කල, තුන් වන ජීවමාන සත්වයා, “එනු!” යි කියනු මට ඇසිණි. මා බැලූ කල, මෙන්න! කළු අශ්වයෙක්! අසරුවා අත තරාදි යුගලයක් තිබිණි.