ඉන්පසු වෙනත් බලවත් දේව දූතයකු ස්වර්ගයෙන් බැස එනවා මම දුටුවෙමි. වලාකුළක වෙළී, හිසට ඉහළින් දේදුන්නක් ඇතිව සිටි ඔහුගේ මුහුණ හිරුට සමාන විය; ඔහුගේ කකුල් ගිනි කුලුනු බඳු විය.
එළිදරව් 5:2 - සිංහල කාලීන පරිවර්තනය තවද බලවත් දේව දූතයකු උස් හඬ නගා, “මේ පොත දිග හරින්නටත්, එහි මුද්‍රා කඩන්නටත් සුදුස්සා කවුරු දැ?” යි ප්‍රකාශ කරනු මම දුටුවෙමි. Sinhala New Revised Version “ඒ පොත දිග අරින්නටත්, මුද්‍රා කඩන්නටත් සුදුස්සා කවරෙක් දැ”යි කියමින් මහ හඬින් හඬගසන බලවත් දේව දූතයෙකු දිටිමි. Sinhala New Revised Version 2018 “ඒ පොත දිග අරින්නටත්, මුද්‍රා කඩන්නටත් සුදුස්සා කවරෙක් දැ”යි කියමින් මහ හඬින් හඬගසන බලවත් දේව දූතයෙකු දිටිමි. Sinhala Revised Old Version ඒ පොත දිගඅරින්ටත් එහි මුද්‍රා කඩන්ටත් වටින්නේ කවුදැයි කියා මහත් ශබ්දයකින් බලවත් දේවදූතයෙක් හඬගසනවා දුටිමි. |
ඉන්පසු වෙනත් බලවත් දේව දූතයකු ස්වර්ගයෙන් බැස එනවා මම දුටුවෙමි. වලාකුළක වෙළී, හිසට ඉහළින් දේදුන්නක් ඇතිව සිටි ඔහුගේ මුහුණ හිරුට සමාන විය; ඔහුගේ කකුල් ගිනි කුලුනු බඳු විය.
ඉන්පසු බලගතු දේව දූතයෙක්, යෝධ ඇඹරුම් ගලක් වැනි මහ ගලක් ගෙන, එය මුහුදේ හෙළුවේ මෙසේ කියමිනි: “බබිලෝනි මහ පුරවරය බිඳ හෙළනු ලබන්නේ, මේ සා සැහැසි අයුරිනි, කිසි කල යළි එය සම්භ වන්නේ නැත.
තවද සිංහාසනයේ හිඳ හුන් තැනැන්වහන්සේගේ දකුණු අතේ, ඇකුළුම් පොතක් තිබෙනු දුටුවෙමි. ඇතුළත හා පිටත ලියන ලද එය මුද්‍රා හතකින් මුද්‍රා තබා තිබිණ,
එවිට මා ඇමතූ වැඩිමහල්ලන්ගෙන් කෙනෙක්, “හඬන්න එපා; මෙන්න, පොත හා එහි මුද්‍රා හත අරින්නට හැකි වන පිණිස, යූදා වංශයේ සිංහයා වූ දාවිත්ගේ අංකුරයාණන් ජය ගත් සේකැ” යි මට කීවේ ය.