ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එළිදරව් 5:12 - සිංහල කාලීන පරිවර්තනය

ඔවුහු හඬ නගා, “මරන ලද බැටළු පැටවාණෝ, බලය, ධනය හා ප්‍රඥාව ද ශක්තිය, ගෞරවය, මහිමය හා පැසසුම ද ලබන්නට වටින්නේ යැ!” යි පැවසූහ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔව්හු මහ හඬින් මෙසේ කී හ: “මරනු ලැබූ බැටළු පෝතකයාණෝ බලය ද ධනය ද ප්‍රඥාව ද පරාක්‍රමය ද ගෞරවය ද මහිමය ද ප්‍රශංසාව ද ලබන්නට සුදුසු තැනැන් වහන්සේ ය.”

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔව්හු මහ හඬින් මෙසේ කී හ: “මරනු ලැබූ බැටළු පෝතකයාණෝ බලය ද ධනය ද ප්‍රඥාව ද පරාක්‍රමය ද ගෞරවය ද මහිමය ද ප්‍රශංසාව ද ලබන්නට සුදුසු තැනැන් වහන්සේ ය.”

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔව්හු කථාකොට: මරනු ලැබූ බැටළුපැටවාණෝ බලයත් ධනයත් ප්‍රඥාවත් පරාක්‍රමයත් ගෞරවයත් තේජසත් ප්‍රශංසාවත් ලබන්ට වටින තැනන්වහන්සේයයි මහත් හඬකින් කීවෝය.

පරිච්ඡේදය බලන්න



එළිදරව් 5:12
19 හුවමාරු යොමු  

යේසුස්වහන්සේ ඔවුන් වෙත අවුත්, “ස්වර්ගයේත්, පොළොවේත් සියලු ආධිපත්‍යය මට දී තිබේ.


පසු දා යේසුස්වහන්සේ තමන් දෙසට එනු දුටු යොහන් කතා කරමින්, “අන්න! ලෝකයේ පාපය දුරු කරන දෙවියන්වහන්සේගේ බැටළු පැටවාණෝ;


මන්ද පුත්‍රයාණන්ට ඔබ දුන් සියලු දෙනාට සදාතන ජීවනය දෙන පිණිස, සකල මිනිස් වර්ගයා කෙරෙහි ඔබවහන්සේ පුත්‍රයාණන්ට ආධිපත්‍යය දුන් සේක.


මන්ද යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ අනුග්‍රහය ඔබ දනිති. උන්වහන්සේ ධනවත් නමුදු ඔබ උදෙසා දිළිඳු බවට පැමිණියේ උන්වහන්සේගේ දිළිඳු බව තුළින්, ඔබ ධනවත් වන පිණිස ය.


අජරාමර, අදෘශ්‍යමාන, එකම දෙවියන්වහන්සේ වූ සදාතනික රජතුමන්හට සදහට ම, ගෞරවයත්, මහිමයත් වේවා! ආමෙන්.


ස්වකීය දෙවියන්වහන්සේ හා පියාණන්වහන්සේට රාජ්‍යයක් ද පූජකයින් ද බවට අප පත් කළ, තැනැන්වහන්සේට සදහට ම, සදාතනයට ම තේජෝමහිමයත්, ආධිපත්‍යයත් වේවා! ආමෙන්.


පොළෝ වාසී සියල්ලෝ, එනම් ලොව මැවූ තැන් පටන් මරා දමන ලද බැටළු පැටවාණන්ගේ ජීවන පොතේ නම් ලියනු නො ලැබූවෝ මෘගයාට නමස්කාර කරති.


ඔවුහු දෙවියන්වහන්සේගේ සේවක මෝස‍ෙස්ගේ ගීතය හා බැටළු පැටවාණන්ගේ ගීතය ගයමින් මෙසේ පැවසූහ: “සියලු බලැති දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්ස, හරි උදාර ය, විස්මිත ය, ක්‍රියා ඔබගේ. ජාතීන්ගේ රජ්ජුරුවනි, යුක්තිය ය, සත්‍යය ය, මාර්ග ඔබගේ.


මින් අනතුරුව ස්වර්ගයෙහි මහත් ජන සමූහයකගේ බඳු උස් කටහඬකින් මොර ගසා කියනු මට ඇසිණි: “හාලේලූයා! ගැලවීම, තේජස හා බලය අයිති අප දෙවියන්වහන්සේට ය,


“අපගේ ස්වාමින්වහන්ස, අපගේ දෙවියන්වහන්ස, මහිමයත්, ගෞරවයත්, බලයත්, ලබන්ට වටින්නේ ඔබවහන්සේ ය. මන්ද ඔබ සියලු දේ මැවූ සේක. ඒවා පවතින්නේත්, ඒවා මවන ලද්දේත් ඔබගේ කැමැත්තෙනි” යි පවසති.


එවිට, ස්වර්ගයේ ද පොළොවේ ද පොළොවෙන් යට ද මුහුදේ ද වූ හැම මැවිල්ලක් හා ඒවායේ සිටින සියල්ලන් මෙසේ පවසනු මට ඇසිණි: “සිංහාසනයේ හිඳ සිටිනා තැනැත්තාණන්ටත්, බැටළු පැටවාණන්ටත්, ප්‍රශංසාව හා ගෞරවය ද මහිමය හා පරාක්‍රමය ද, සදහට ම, සදාතනිකව අත් වේවා!”


එකල සිංහාසනයට හා ජීවමාන සත්වයින් හතර දෙනාට මැදි වී, වැඩිමහල්ලන් අතර සිටගෙන හුන් බැටළු පැටවකු මම දුටුවෙමි. මරන ලද සේ පෙනුණු ඒ බැටළු පැටවාණන්ට අං සතක් හා ලෝකය මුළුල්ලේ පිටත් කර යවන ලද දෙවියන්වහන්සේගේ ආත්මයාණන් හත්දෙනා වන ඇස් හතක් තිබිණි.


එතුමන් පොත ගත් කල, ජීවමාන සත්වයින් හතරදෙනා හා වැඩිමහල්ලන් විසිහතර දෙනා බැටළු පැටවාණන් අබියස වැඳ වැටුණහ. ඒ හැම කෙනෙක්ම වීණාවක් ද ශුද්ධවතුන්ගේ යාච්ඤා නම් වූ සුවඳ දුමින් පිරුණු රන් පාත්‍රා ද දැරූහ.


ඔවුහු අලුත් ගීයක් ගැයූහ: “සුදුසුයි ඔබ පොත ගන්නට, හා එහි මුද්‍රා අරින්නට, මන්ද ඔබ මරන ලද නිසා ඔබගේ ලෙයින් වන්දි ගෙවා, හැම ගෝත්‍රයකින් හා භාෂාවකින් ද හැම ජනතාවකින් හා ජාතියකින් ද, මිනිසුන් දෙවියන්වහන්සේට මිලයට ගෙන,


බැටළු පැටවාණන් මුද්‍රා හතෙන් පළමුවැන්න කඩනු මම බලා සිටියෙමි. එවිට ජීවමාන සත්වයින් හතර දෙනාගෙන් එකකු ගිගුරුමක් වැනි හඬින්, “එනු!” යි කියනු මට ඇසිණි.


මෙසේ කීහ: “ආමෙන්! ප්‍රශංසාව හා මහිමයත්, ප්‍රඥාව හා ස්තූතියත්, ගෞරවයත්, බලය හා පරාක්‍රමයත්, සදහට ම, සදාතනිකව ම අපේ දෙවියන්වහන්සේටම වේවා. ආමෙන්!”