Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එළිදරව් 5:13 - සිංහල කාලීන පරිවර්තනය

13 එවිට, ස්වර්ගයේ ද පොළොවේ ද පොළොවෙන් යට ද මුහුදේ ද වූ හැම මැවිල්ලක් හා ඒවායේ සිටින සියල්ලන් මෙසේ පවසනු මට ඇසිණි: “සිංහාසනයේ හිඳ සිටිනා තැනැත්තාණන්ටත්, බැටළු පැටවාණන්ටත්, ප්‍රශංසාව හා ගෞරවය ද මහිමය හා පරාක්‍රමය ද, සදහට ම, සදාතනිකව අත් වේවා!”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 තවද, ස්වර්ගයෙහි ද පොළොවෙහි ද පොළොව යට ද මුහුදෙහි ද යන මුළු ලෝකයෙහි ඇති සියලු සත්ත්වයන්: “සිංහාසනයෙහි වැඩ සිටින තැනැන් වහන්සේටත්, බැටළු පෝතකයාණන්ටත් ප්‍රශංසාව ද ගෞරවය ද මහිමය ද පරාක්‍රමය ද සදහට ම වේ වා!”යි කියනු ඇසීමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 තවද, ස්වර්ගයෙහි ද පොළොවෙහි ද පොළොව යට ද මුහුදෙහි ද යන මුළු ලෝකයෙහි ඇති සියලු සත්ත්වයන්: “සිංහාසනයෙහි වැඩ සිටින තැනැන් වහන්සේටත්, බැටළු පෝතකයාණන්ටත් ප්‍රශංසාව ද ගෞරවය ද මහිමය ද පරාක්‍රමය ද සදහට ම වේ වා!”යි කියනු ඇසීමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

13 තවද ස්වර්ගයෙහිත් පොළොවෙහිත් පොළොවෙන් යට සහ මුහුද පිටත් ඇත්තාවූ සියලු මැවිලි වන එහි ඇති සියල්ලෝ: සිංහාසනයෙහි වැඩඉන්න තැනන්වහන්සේටත් බැටළුපැටවාණන්ටත් ප්‍රංශසාවද ගෞරවයද මහිමයද පරාක්‍රමයද සදාකාලේටම වේවයි කියනවා ඇසීමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එළිදරව් 5:13
29 හුවමාරු යොමු  

එසේ කළේ, ස්වර්ගය තුළ ද පොළොව පිට ද පොළොවෙන් යට ද සියල්ලන්, යේසුස් යන නාමයට දණ නැමිය යුතු වන පිණිසත්,


එහෙත් පොත දිග හරින්නට හෝ එහි ඇතුළත බලන්නට හෝ සමත් කිසිවකු ස්වර්ගයේවත්, පොළොවේවත්, පොළොවෙන් යටවත් නො වීය.


ඔවුහු හඬ නගා, “මරන ලද බැටළු පැටවාණෝ, බලය, ධනය හා ප්‍රඥාව ද ශක්තිය, ගෞරවය, මහිමය හා පැසසුම ද ලබන්නට වටින්නේ යැ!” යි පැවසූහ.


මන්ද සියලු දේම උන්වහන්සේගෙනි. උන්වහන්සේ මඟිනි. සියලු දේ උන්වහන්සේ උදෙසා ය. උන්වහන්සේට සදහට ම මහිමය වේවා! ආමෙන්.


උන්වහන්සේට සදාතනිකව ම බලපරාක්‍රමය වේවා! ආමෙන්.


“උසස් තැන්හි දෙවියන්වහන්සේට වේවා මහිමය, උන්වහන්සේගේ ප්‍රසාදය ලද පොළොවේ ජනයාට වේවා සාමය.”


ඔවුහු කඳු හා පර්වත අමතමින්, “අප පිට වැටියව්! සිංහාසනය මත හිඳින තැනැන්වහන්සේගේ මුහුණ වෙතින් හා බැටළු පැටවාණන්ගේ උදහස වෙතින් අප සඟවා ගනිව්.


අප ගැලවුම්කාර එකම දෙවියන්වහන්සේට, යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ මඟින් තේජෝමහිමයත්, පරාක්‍රමයත්, බලයත්, ආධිපත්‍යයත් සියලු කාලවලට පෙරත්, දැනුත්, සදහටත් වේවා! ආමෙන්.


අසමසම ප්‍රඥාවෙන් හෙබි එකම දෙවියන්වහන්සේට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මඟින් සදහට ම තේජෝ මහිම වේවා! ආමෙන්.


මුල් පියවරුන් ඔවුන්ගේ ය. මාංසයට අනුව ක්‍රිස්තුස්වහන්සේ ද ඔවුන්ගේ පෙළපතින් ය. සියල්ලටම උතුම් වූ දෙවියන්වහන්සේ වන උන්වහන්සේ සදහට ම ප්‍රශංසනීය ය! ආමෙන්.


එකල සිංහාසනයට හා ජීවමාන සත්වයින් හතර දෙනාට මැදි වී, වැඩිමහල්ලන් අතර සිටගෙන හුන් බැටළු පැටවකු මම දුටුවෙමි. මරන ලද සේ පෙනුණු ඒ බැටළු පැටවාණන්ට අං සතක් හා ලෝකය මුළුල්ලේ පිටත් කර යවන ලද දෙවියන්වහන්සේගේ ආත්මයාණන් හත්දෙනා වන ඇස් හතක් තිබිණි.


ස්වකීය දෙවියන්වහන්සේ හා පියාණන්වහන්සේට රාජ්‍යයක් ද පූජකයින් ද බවට අප පත් කළ, තැනැන්වහන්සේට සදහට ම, සදාතනයට ම තේජෝමහිමයත්, ආධිපත්‍යයත් වේවා! ආමෙන්.


යමෙක් වචනය කතා කරන්නේ නම්, ඔහු දෙවියන්වහන්සේගේ වචන කතා කරන්නකු ලෙස එය කළ යුතු ය. යමෙක් සේවය කරන්නේ නම්, දෙවියන්වහන්සේ සපයන ශක්තියෙන් ඔහු එය කළ යුතු ය. එසේ කළ යුත්තේ, හැම දේහිදීම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් දෙවියන්වහන්සේ තේජෝමහිමයට පැමිණෙන පිණිස ය. තේජෝමහිමයත්, ආධිපත්‍යයත් සදහට ම උන්වහන්සේගේ ය! ආමෙන්.


සභාව තුළත්, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ මඟින් සියලු පරම්පරාවන්හිදීත් සදහට ම තේජෝ මහිම වේවා. ආමෙන්!


ඔවුහු අලුත් ගීයක් ගැයූහ: “සුදුසුයි ඔබ පොත ගන්නට, හා එහි මුද්‍රා අරින්නට, මන්ද ඔබ මරන ලද නිසා ඔබගේ ලෙයින් වන්දි ගෙවා, හැම ගෝත්‍රයකින් හා භාෂාවකින් ද හැම ජනතාවකින් හා ජාතියකින් ද, මිනිසුන් දෙවියන්වහන්සේට මිලයට ගෙන,


එසේ වන්නේ ඔබ ඇදහිල්ලේ තහවුරු වී, ස්ථාවර වී, අඛණ්ඩව එහි පැවත, ශුභාරංචියේ බලාපොරොත්තුවෙන් බැහැර නො වී සිටියහොත් ය. අහසින් යට සමස්ත මැවිල්ලටම ප්‍රකාශිත එය, ඔබ ද ඇසූ ශුභාරංචිය ය; පාවුල් වන මම එහි සේවකයෙක් බවට පත්ව සිටිමි.


පරීක්ෂාවනට අප නො පමුණුවා, නපුරාගෙන් අප මුදා ගත මැනව.’


ඔබගේ පැවැත්ම ගැනත්, ඉගැන්වීම් ගැනත් සුපරික්ෂාකාරී වන්න. ඒවායේ පැවත සිටින්න. ඔබ එසේ කරන්නේ නම්, ඔබ ඔබම ගලවා ගනු ඇත; ඔබට සවන් දෙන්නන් ද ගලවා ගනු ඇත.


පසු දා යේසුස්වහන්සේ තමන් දෙසට එනු දුටු යොහන් කතා කරමින්, “අන්න! ලෝකයේ පාපය දුරු කරන දෙවියන්වහන්සේගේ බැටළු පැටවාණෝ;


තවද සිංහාසනයේ හිඳ හුන් තැනැන්වහන්සේගේ දකුණු අතේ, ඇකුළුම් පොතක් තිබෙනු දුටුවෙමි. ඇතුළත හා පිටත ලියන ලද එය මුද්‍රා හතකින් මුද්‍රා තබා තිබිණ,


පොළෝ වාසී සියල්ලෝ, එනම් ලොව මැවූ තැන් පටන් මරා දමන ලද බැටළු පැටවාණන්ගේ ජීවන පොතේ නම් ලියනු නො ලැබූවෝ මෘගයාට නමස්කාර කරති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්