එහෙත් ලොත් සොදොමෙන් පිට වූ දවසේම අහසින් ගිනි හා ගෙන්දගම් වැසි වැස ඔවුන් සියල්ලන් විනාශ කර දැමී ය.
එළිදරව් 20:9 - සිංහල කාලීන පරිවර්තනය ඔවුහු පොළෝ තලය පුරා පෙළගැසී, ගොස් ශුද්ධවතුන්ගේ කඳවුර හා ප්‍රේමණීය පුරය වටලා ගත්හ. එහෙත්, ස්වර්ගයෙන් ගිනි බැස, ඔවුන් දවාලීය. Sinhala New Revised Version ඔව්හු පොළොවේ සෑම දිශාවල ම පැතිර ගොස් සැදැහැවතුන්ගේ කඳවුර ද ප්‍රිය මනාප නුවර ද වටලාගත්හ. එවිට ස්වර්ගයෙන් ගිනි බැස අවුත් ඔවුන් වනසාදැමී ය. Sinhala New Revised Version 2018 ඔව්හු පොළොවේ සෑම දිශාවල ම පැතිර ගොස් සැදැහැවතුන්ගේ කඳවුර ද ප්‍රිය මනාප නුවර ද වටලාගත්හ. එවිට ස්වර්ගයෙන් ගිනි බැස අවුත් ඔවුන් වනසාදැමී ය. Sinhala Revised Old Version ඔව්හු පොළොවේ සෑම තැනටම ගොස් ශුද්ධවන්තයන්ගේ කඳවුරද ප්‍රියවූ නුවරද වටලාගත්තෝය. එවිට [දෙවියන්වහන්සේ වෙතින්] ස්වර්ගයෙන් ගිනි බැස ඔවුන් විනාශකෙළේය. |
එහෙත් ලොත් සොදොමෙන් පිට වූ දවසේම අහසින් ගිනි හා ගෙන්දගම් වැසි වැස ඔවුන් සියල්ලන් විනාශ කර දැමී ය.
නුඹේ සතුරන් නුඹට එරෙහිව ගොඩැලි නගා, නුඹ වටලා, හැම අතින්ම නුඹ කොටුකරන දවස් නුඹ පිට පැමිණෙයි.
ඒ දුටු යාකොබ් හා යොහන්, “ස්වාමිනි, මොවුන් දවාලන්නට අහසින් ගිනි බසින ලෙසට ඉල්ලන්න අපට අවසර දැ?” යි ඇසූහ.
එකල දෙවියන්වහන්සේ නො හඳුනන්නන්ට හා යේසුස් අප ස්වාමින්වහන්සේගේ ශුභාරංචියට කීකරු නො වන්නන්ට දඬුවම් කරන සේක.
යමකු ඔවුනට අනතුරු කරන්නට යන්නේ නම්, ඔවුන්ගේ මුවින් ගිනි වැගිර, ඔවුන්ගේ සතුරන් දවා දැමේ; ඔවුන්ට අනතුරු කරන්නට සොයන්නවුන් එලෙස මරා දමනු ලැබිය යුතු වේ.
තවද ඌ, මිනිසුන් ඉදිරියේ අහසින් පොළොවට ගිනි බැස්සවීමට තරම් මහත් වූ හාස්කම් ලකුණු ගෙන හැර පෑවේ ය.