එළිදරව් 19:18 - සිංහල කාලීන පරිවර්තනය එවිට නුඹලාට රජුන්ගේ මස් ද හමුදාපතීන්ගේ මස් ද බලවතුන්ගේ මස් ද අශ්වයින්ගේ හා අසරුවන්ගේ මස් ද වහල්, නිවහල්, ලොකු, කුඩා යන සියලු මිනිසුන්ගේ මස් ද කන්නට හැකි යැ” යි කීවේ ය. Sinhala New Revised Version “තෙපි රජුන්ගේ මස් ද සේනාධිපතීන්ගේ මස් ද බලවත් මිනිසුන්ගේ මස් ද අශ්වයන්ගේත් අශ්වාරෝහකයන්ගේත් මස් ද දාස නිර්දාස, ලොකු කුඩා සියලු මිනිසුන්ගේ මස් ද කන පිණිස, දෙවියන් වහන්සේගේ මහා මංගල්‍ය භෝජනයට පැමිණ එක්රැස් වෙයව්” යයි කී ය. Sinhala New Revised Version 2018 “තෙපි රජුන්ගේ මස් ද සේනාධිපතීන්ගේ මස් ද බලවත් මිනිසුන්ගේ මස් ද අශ්වයන්ගේත් අශ්වාරෝහකයන්ගේත් මස් ද දාස නිර්දාස, ලොකු කුඩා සියලු මිනිසුන්ගේ මස් ද කන පිණිස, දෙවියන් වහන්සේගේ මහා මංගල්‍ය භෝජනයට පැමිණ එක්රැස් වෙයව්” යයි කී ය. Sinhala Revised Old Version නුඹලා රජුන්ගේ මස්ද සේනාපතීන්ගේ මස්ද බලවත් මනුෂ්‍යයන්ගේ මස්ද අශ්වයන් සහ උන් පිට හිඳිනවුන්ගේ මස්ද දාස නිර්දාස ලොකු කුඩා සියලු මනුෂ්‍යයන්ගේ මස්ද කන පිණිස, දෙවියන්වහන්සේගේ මහත් රාත්‍රි කෑමට ඇවිත් රැස් වෙන්නැයි කීවේය. |
එවිට ගෝලයෝ, “කොහේ ද ස්වාමිනි?” යි ඇසූහ. උන්වහන්සේ පිළිතුරු දෙමින්, “මළකුණ කොතැන ද එතැනට ගිජු ලිහිණි රැස් වෙති” යි කී සේක.
ජාතීහු කෝප වූහ, එහෙත් ඔබගේ උදහස පැමිණියේ ය. මළවුන් විනිශ්චය කිරීමේත්, ඔබගේ දිවැසිවරුන් හා ඔබගේ ශුද්ධවතුන් වන ඔබගේ සේවකයින්ට ද ඔබගේ නාමයට බය-පක්ෂ ලොකු කුඩා සැමට ද, ඉටු විපාක දීමේත්, පොළොව විනාශ කරන්නවුන් විනාශකිරීමේත් කාලය පැමිණ තිබේ.”
තවද ඌ, උසස්, පහත්, දුප්පත්, පොහොසත්, වහල්, නිවහල් යන හැමට ඔවුන්ගේ දකුණු අතේ හෝ නළලේ හෝ සලකුණක් ලබන්නට සැලැස්වී ය.
ඔබ දුටු අං දහය හා මෘගයා, වේශ්‍යාවට වෛර බඳිනු ඇත. ඔවුන් ඇය පාළුවට යවා, ඇය නිරුවත් කර, ඇගේ මාංස කා දමා, ගින්නෙන් ඇය දවා දමනු ඇත.
එවිට සිංහාසනයෙන් පැමිණි කටහඬක් මෙසේ පැවසී ය: “අපේ දෙවියන්වහන්සේට ප්‍රශංසා කරන්න. උන්වහන්සේගේ සියලු සේවකයිනි, උන්වහන්සේට බය, ලොකු කුඩා සියල්ලෙනි,”
එවිට පොළොවේ රජවරු, අධිපතීහු, හමුදාපතීහු, ධනවත්හු හා බලවත්හු ද හැම වහලෙක් හා නිවහල් මිනිහෙක් ද ගුහාවලත්, කඳුවල ගල් කුළු අතරේත් සැඟවුණහ.