ඉන්පසු වෙනත් දේව දූතයකු, පොළොවේ වෙසෙන හැම ජාතියකට, හැම ගෝත්‍රයකට, හැම භාෂාවකට හා හැම ජනතාවකට ප්‍රකාශ කරන්නට සදාතන ශුභාරංචියක් ඇතිව අහස මැද පියාසර කරනු මම දැක්කෙමි.
එළිදරව් 19:17 - සිංහල කාලීන පරිවර්තනය ඉන්පසු, හිරු මත සිටගෙන සිටිනු මා දුටු දේව දූතයා, අහස මැද පියාසර කරන සියලු පක්ෂීනට උස් හඬින් මොර ගසමින්, “වරෙල්ලා; දෙවියන්වහන්සේගේ මහා භෝජනයට රැස් වෙයල්ලා. Sinhala New Revised Version තවද හිරු මඬලෙහි දේව දුතයෙකු සිටිනු දිටිමි. ඔහු මැද අහසේ පියාසර කරන සියලු පක්ෂීන්ට මහා හඬකින් මොරගසා: Sinhala New Revised Version 2018 තවද හිරු මඬලෙහි දේව දූතයෙකු සිටිනු දිටිමි. ඔහු මැද අහසේ පියාසර කරන සියලු පක්ෂීන්ට මහා හඬකින් මොරගසා: Sinhala Revised Old Version තවද සූර්යයා තුළ දේවදූතයෙක් සිටිනවා දුටිමි; ඔහුද ආකාශ මධ්‍යයෙහි පියාසරකරන සියලු පක්ෂීන්ට මහත් හඬින් මොරගසා: |
ඉන්පසු වෙනත් දේව දූතයකු, පොළොවේ වෙසෙන හැම ජාතියකට, හැම ගෝත්‍රයකට, හැම භාෂාවකට හා හැම ජනතාවකට ප්‍රකාශ කරන්නට සදාතන ශුභාරංචියක් ඇතිව අහස මැද පියාසර කරනු මම දැක්කෙමි.
සෙසු අය, අසු පිට හිඳ හුන් තැනැත්තාණන්ගේ මුවින් නික්මුණු කඩුවෙන් මරනු ලැබූහ. සියලු පක්ෂීහු ඔවුන්ගේ මාංස, ගිජු ලෙස ගිල දැමූහ.
මා බලා සිටියදී ඉහළ අහසේ පියාසර කරමින් සිටි රාජාලියකු උස් හඬින් මෙසේ මොර ගසනු මට ඇසිණි. “දේව දූතයින් තුන්දෙනා පිඹින්නට යන අනෙක් හොරණෑ නාද නිසා, මිහි පිට වාසීනට දුක් වේ! දුක් වේ! දුක් වේ!”