Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එළිදරව් 19:17 - Sinhala Revised Old Version

17 තවද සූර්යයා තුළ දේවදූතයෙක් සිටිනවා දුටිමි; ඔහුද ආකාශ මධ්‍යයෙහි පියාසරකරන සියලු පක්ෂීන්ට මහත් හඬින් මොරගසා:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 තවද හිරු මඬලෙහි දේව දුතයෙකු සිටිනු දිටිමි. ඔහු මැද අහසේ පියාසර කරන සියලු පක්ෂීන්ට මහා හඬකින් මොරගසා:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

17 ඉන්පසු, හිරු මත සිටගෙන සිටිනු මා දුටු දේව දූතයා, අහස මැද පියාසර කරන සියලු පක්ෂීනට උස් හඬින් මොර ගසමින්, “වරෙල්ලා; දෙවියන්වහන්සේගේ මහා භෝජනයට රැස් වෙයල්ලා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 තවද හිරු මඬලෙහි දේව දූතයෙකු සිටිනු දිටිමි. ඔහු මැද අහසේ පියාසර කරන සියලු පක්ෂීන්ට මහා හඬකින් මොරගසා:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එළිදරව් 19:17
10 හුවමාරු යොමු  

අනික් අය අශ්වයා පිට වැඩහුන් තැනන්වහන්සේගේ කඩුවෙන්, එනම් උන්වහන්සේගේ මුඛයෙන් නික්මුණු කඩුවෙන්, මරනු ලැබුවෝය. ඔවුන්ගේ මාංසවලින් සියලු පක්ෂීහු තෘප්තියට පැමුණුණෝය.


තවද එක් රාජාලියෙක් අහස මැද පියාසරකරනවා දුටිමි. පිඹින්ට සිටින දේවදූතයන් තුන්දෙනාගේ ඉතුරු හොරණෑ ශබ්ද නිසා පොළොවේ වසන්නන්ට දුක්වේ, දුක්වේ, දුක්වේයයි මහත් ශබ්දයකින් කියනවාත් ඇසීමි.


මට මාගේ උරුමය මස් කන ලප ඇති පක්ෂියෙකු මෙන් වේද? ගිජු පක්ෂීහු ඈට විරුද්ධව අවටින් සිටිත්ද? ගොස් වනයේ සියලුම සතුන් රැස්කොට ගොදුරු පිණිස ගෙනෙන්න.


වනයේ සියලු සත්වයෙනි, කැලෑවෙහි සියලු සත්වයෙනි, කාදමන්ට එන්න.


පොළොවේ වසන්නන්ටත් සියලු ජාතීන්ටත් ගෝත්‍රයන්ටත් භාෂාවන්ටත් සෙනඟටත් ප්‍රකාශකරන පිණිස, සදාකාල ශුභාරංචියක් ඇතුව සිටින තවත් දේවදූතයෙක් අහස මැද පියාසරකරනවා දුටිමි;


තවද පිලිස්තියයා: මා ළඟට වර, මම තාගේ මස් ආකාශයේ පක්ෂීන්ටත් වනයේ මෘගයන්ටත් දෙන්නෙමියි දාවිත්ට කීවේය.


එකල මම අරියෙල්ට විපත පමුණුවන්නෙමි, එකල්හි ශෝකය සහ වැලපීම වන්නේය. ඒකද මට අරියෙල් මෙන් වන්නේය.


ඔහුගේ වැටුණු කඳ පිට ආකාශයේ සියලු පක්ෂීහු ලගින්නෝය, ඔහුගේ අතු උඩ වනයේ සියලු මෘගයෝ හිඳින්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්