ඉන්පසු වෙනත් බලවත් දේව දූතයකු ස්වර්ගයෙන් බැස එනවා මම දුටුවෙමි. වලාකුළක වෙළී, හිසට ඉහළින් දේදුන්නක් ඇතිව සිටි ඔහුගේ මුහුණ හිරුට සමාන විය; ඔහුගේ කකුල් ගිනි කුලුනු බඳු විය.
එළිදරව් 18:21 - සිංහල කාලීන පරිවර්තනය ඉන්පසු බලගතු දේව දූතයෙක්, යෝධ ඇඹරුම් ගලක් වැනි මහ ගලක් ගෙන, එය මුහුදේ හෙළුවේ මෙසේ කියමිනි: “බබිලෝනි මහ පුරවරය බිඳ හෙළනු ලබන්නේ, මේ සා සැහැසි අයුරිනි, කිසි කල යළි එය සම්භ වන්නේ නැත. Sinhala New Revised Version එවිට බලසම්පන්න දේව දුතයෙක් මහා ඇඹරුම් ගලක් වැනි ගලක් ගෙන, මෙසේ කියමින්, එය මුහුදේ හෙළී ය: “මෙලෙස ඒ මහා නුවර වූ බබිලෝනිය දරුණු අයුරින් හෙළාදමනු ලබන්නේ ය. එය නැත්තට ම නැති වී යයි. Sinhala New Revised Version 2018 එවිට බලසම්පන්න දේව දූතයෙක් මහා ඇඹරුම් ගලක් වැනි ගලක් ගෙන, මෙසේ කියමින්, එය මුහුදේ හෙළී ය: “මෙලෙස ඒ මහා නුවර වූ බබිලෝනිය දරුණු අයුරින් හෙළාදමනු ලබන්නේ ය. එය නැත්තට ම නැති වී යයි. Sinhala Revised Old Version තවද බලවත්වූ දේවදූතයෙක් මහත් ඇඹරුම් ගලක් වැනිවූ ගලක් ගෙන මුහුදේ හෙළා: ඒ මහත් නුවරවූ බබිලෝනිය මහත් වැටීමකින් මෙසේ හෙළනු ලබන්නීය, තවත් කිසිසේත් සම්බ නොවන්නීය. |
ඉන්පසු වෙනත් බලවත් දේව දූතයකු ස්වර්ගයෙන් බැස එනවා මම දුටුවෙමි. වලාකුළක වෙළී, හිසට ඉහළින් දේදුන්නක් ඇතිව සිටි ඔහුගේ මුහුණ හිරුට සමාන විය; ඔහුගේ කකුල් ගිනි කුලුනු බඳු විය.
ඇය විඳින වධය ගැන බයින් ඔවුහු දුරින් සිට මෙසේ හඬ නැගූහ: “ ‘අහෝ! අහෝ මහ පුරවරය, අහෝ බබිලෝනිය! බලවත් පුරවරය, නුඹේ විනිශ්චය එක් පැයකින්ම ඇවිල්ලා!’
වීණා වයන්නන්ගේ, සංගීතඥයින්ගේ නළා වයන්නන්ගේ හා හොරණෑ වාදකයින්ගේ සංගීත නාද, තවදුරටත් නුඹ තුළ ඇසෙන්නේ නැත. කවර වෘත්තියක හෝ කර්මාන්තකරුවකු, තවදුරටත් නුඹ තුළ සම්භ වන්නේ නැත. ඇඹරුම් ගලක හඬ, තවදුරටත් නුඹ තුළ ඇසෙන්නේ නැත.
ඉන්පසු ධවල මහා සිංහාසනයක් හා එහි වැඩහුන් තැනැන්වහන්සේ දුටිමි. උන්වහන්සේ ඉදිරියෙන් අහසත්, පොළොවත් පලා ගියේ ය. ඒවාට තැනක් සම්භ නො විණි.
තවද බලවත් දේව දූතයකු උස් හඬ නගා, “මේ පොත දිග හරින්නටත්, එහි මුද්‍රා කඩන්නටත් සුදුස්සා කවුරු දැ?” යි ප්‍රකාශ කරනු මම දුටුවෙමි.