රාජ්‍යය පිළිබඳ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් වශයෙන් ලොව මුළුල්ලේ ප්‍රකාශ කරනු ලබනු ඇත. ඉන්පසු අවසානය පැමිණේ.
එළිදරව් 16:14 - සිංහල කාලීන පරිවර්තනය මන්ද ඔවුහු හාස්කම් ලකුණු දක්වන යක්ෂාත්මයෝ ය; සියලු බලැති දෙවියන්වහන්සේගේ මහා දවසේ යුද්ධය සඳහා රජුන් රැස් කරන්නට මුළු ලොව පුරා ඔවුන් වෙත යන්නේ මොවුන් ය. Sinhala New Revised Version ඔව්හු හාස්කම් කරන දුෂ්ටාත්මයෝ ය. ඔව්හු සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේගේ මහා දවසේ යුද්ධයට මුළු ලෝකයේ රජවරුන් රැස් කරන පිණිස ඔවුන් වෙත යන්නාහ. Sinhala New Revised Version 2018 ඔව්හු හාස්කම් කරන දුෂ්ටාත්මයෝ ය. ඔව්හු සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේගේ මහා දවසේ යුද්ධයට මුළු ලෝකයේ රජවරුන් රැස් කරන පිණිස ඔවුන් වෙත යන්නාහ. Sinhala Revised Old Version මක්නිසාද ඔව්හු සර්වපරාක්‍රමවූ දෙවියන්වහන්සේගේ මහත් දවසේ යුද්ධයට මුළු ලෝකයේ රජුන් රැස්කරන පිණිස, ඔවුන් ළඟට යන්නාවූ, හාස්කම් කරන්නාවූ යක්ෂයින්ගේ ආත්මයෝය. (බලව, මම සොරෙකුමෙන් එමි. |
රාජ්‍යය පිළිබඳ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් වශයෙන් ලොව මුළුල්ලේ ප්‍රකාශ කරනු ලබනු ඇත. ඉන්පසු අවසානය පැමිණේ.
මන්ද හැකි වේ නම්, තෝරා ගත්තවුන් පවා මුළා කරන පිණිස, ව්‍යාජ ක්‍රිස්තුවරුන් හා ව්‍යාජ දිවැසිවරුන් නැගිට, මහත් ලකුණු හා හාස්කම් දක්වනු ඇත.
මන්ද ව්‍යාජ ක්‍රිස්තුවරුන් හා ව්‍යාජ දිවැසිවරුන් නැගිට, හැකි නම් තෝරාගනු ලැබූවන් වුව මුළා කරන්නට තරම් වූ හාස්කම් හා අනුහස් ලකුණු දක්වනු ඇත.
නුඹලා, නුඹලාගේ පියා වන යක්ෂයාගෙන්. නුඹලාගේ කැමැත්ත නුඹලාගේ පියාගේ ආශාව ඉෂ්ට කිරීමයි. ඔහු පටන්ගැන්මේ සිට මිනී මරන්නෙක්; සත්‍යය සමඟ ඔහුට කිසි සම්බන්ධයක් නැහැ; මන්ද ඔහු තුළ සත්‍යතාවක් නැහැ. ඔහු බොරු කියන විට, ඔහු ප්‍රකාශ කරන්නේ ඔහුගේ සහජ ගතියයි. මන්ද ඔහු බොරුකාරයෙක්; බොරුවේ පියා ඔහුයි.
පළමු කොට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මඟින් ඔබ හැම ගැන මාගේ දෙවියන්වහන්සේට මා ස්තුති කරන්නේ, ඔබගේ ඇදහිල්ල මුළු ලෝකයේම ප්‍රසිද්ධව ඇති බැවිනි.
නොපනත්කාමියාගේ පැමිණීම, සාතන්ගේ ක්‍රියාකාරී බලයට අනුව සියලු විධ කූට හාස්කම්, අනුහස් ලකුණු හා අරුම පුදුම මඟින් දැක් වේ.
ආත්මයාණන්වහන්සේ පැහැදිලිව පවසා සිටින්නේ, පසු කාලෙක ඇතමුන් ඇදහිල්ල අතහැර, මුළා කරවන ආත්ම හා යක්ෂාත්මයින්ගේ ඉගැන්වීම්වලට අනුව ගමන් කරන බව ය.
ඒ මහ මකරා පහළට හෙළා දමනු ලැබී ය; මුළු ලෝකයේම රවටන්නා වූ යක්ෂයා හෙවත් සාතන් නමින් හැඳින් වූ ඒ පුරාණ සර්පයා පොළොවට හෙළා දමනු ලැබී ය. උගේ දූතයෝ ද ඌ සමඟ හෙළා දමනු ලැබූහ.
උගේ හිස්වලින් එකක මාරක තුවාලයක් තිබුණාක් මෙන් පෙනුනත්, ඒ මාරක තුවාලය සුව වී තිබිණි. මුළු පොළොව මවිතව මෘගයා පස්සේ ගියහ.
එවිට පූජාසනයෙන් මෙසේ කියනු මට ඇසිණ: “එසේය, සියලු බලැති දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්ස, ඔබගේ විනිශ්චයන් සත්‍ය ය, සාධාරණ ය.”
ඔවුන් බැටළු පැටවාණන්ට එරෙහිව යුද්ධ කරනු ඇත. එහෙත්, බැටළු පැටවාණෝ ඔවුන්ගෙන් ජය ගන්නාහ. මන්ද උන්වහන්සේ ස්වාමිවරුන්ගේ ස්වාමියාණෝ ය; රජවරුන්ගේ රජ්ජුරුවෝ ය. උන්වහන්සේ සමඟ සිටින්නේ කැඳවුම් ලැබූ, තෝරාගනු ලැබූ, විශ්වාසනීයයන් යැ” යි පැවසී ය.
පොළොවේ සතර කොනේ සිටින, ගොග් හා මාගොග් ජාතීන් මුළා කර, ඔවුන් යුද්ධයට රැස් කරන පිණිස පිටත්ව යනු ඇත. ඔවුහු ගණනින් මුහුදු වෙරළේ වැලි හා සම වෙති.
ඉවසීමෙන් දරා සිටින්නට මා දුන් වචනය ඔබ රක්ෂා කළ බැවින්, මිහි පිට වෙසෙන්නවුන් පරීක්ෂා කිරීමට මුළු ලෝකය පිටට එන්නට තිබෙන පරීක්ෂාවේ පැයෙන්, මමත් ඔබ රක්ෂා කරන්නෙමි.