එළිදරව් 12:16 - සිංහල කාලීන පරිවර්තනය එහෙත් පොළොව, ස්ත්‍රියගේ පිහිටට පැමිණ, කට ඇර, මකරා උගේ කටින් වැගුරූ ගංගාව ගිල්ලා ය. Sinhala New Revised Version එහෙත් පොළොව ස්ත්‍රියට පිහිට වී, කට ඇර, මකරා තමාගේ කටින් පිට කළ ගංගාව ගිලගත්තා ය. Sinhala New Revised Version 2018 එහෙත් පොළොව ස්ත්‍රියට පිහිට වී, කට ඇර, මකරා තමාගේ කටින් පිට කළ ගංගාව ගිලගත්තා ය. Sinhala Revised Old Version නුමුත් පොළොව ස්ත්‍රීට පිහිටව, කට හැර, මහ සර්පයා තමාගේ කටින් නික්මවූ ගංගාව ගිල්ලාය. |
එවිට සර්පයා, ස්ත්‍රියට පිටුපසින් ගංගාවක් සේ ජලය උගේ කටින් පිට කර හැරියේ, ඒ ජල ප්‍රවාහයෙන් ඇය ගසාගෙන යනු පිණිස ය.
එවිට මකරා, ස්ත්‍රී කෙරේ කුපිතව, දෙවියන්වහන්සේගේ නියෝග පිළිපදින, යේසුස්වහන්සේගේ සාක්ෂිය දරන ඇගේ වංශයේ ඉතිරි අය හා යුද්ධ කරන්නට ගියේ ය.