ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එළිදරව් 11:5 - සිංහල කාලීන පරිවර්තනය

යමකු ඔවුනට අනතුරු කරන්නට යන්නේ නම්, ඔවුන්ගේ මුවින් ගිනි වැගිර, ඔවුන්ගේ සතුරන් දවා දැමේ; ඔවුන්ට අනතුරු කරන්නට සොයන්නවුන් එලෙස මරා දමනු ලැබිය යුතු වේ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

යමෙක් ඔවුන්ට අනතුරු කරන්නට සිතන්නේ නම්, ඔවුන්ගේ කටින් ගිනි නික්ම විත් ඔවුන්ගේ සතුරන් විනාශ කරයි. ඔවුන්ට අනතුරු කරන්නට සිතන තැනැත්තේ, මෙලෙස මරනු ලබන්නේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

යමෙක් ඔවුන්ට අනතුරු කරන්නට සිතන්නේ නම්, ඔවුන්ගේ කටින් ගිනි නික්ම විත් ඔවුන්ගේ සතුරන් විනාශ කරයි. ඔවුන්ට අනතුරු කරන්නට සිතන තැනැත්තේ, මෙලෙස මරනු ලබන්නේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

යමෙක් ඔවුනට අනතුරුකරන්ට කැමතිවේ නම්, ඔවුන්ගේ කටින් ගිනි නික්ම ඔවුන්ගේ සතුරන් විනාශකරයි. යමෙක් ඔවුන්ට අනතුරුකරන්ට කැමතිවන්නේ නම් ඔහු මෙලෙස මරනු ලබන්ට ඕනෑය.

පරිච්ඡේදය බලන්න



එළිදරව් 11:5
13 හුවමාරු යොමු  

තවද ඌ, මිනිසුන් ඉදිරියේ අහසින් පොළොවට ගිනි බැස්සවීමට තරම් මහත් වූ හාස්කම් ලකුණු ගෙන හැර පෑවේ ය.


මගේ දර්ශනයෙන් මා දුටු අශ්වයින් හා අසරුවන් මා දැක්කේ මෙසේ ය: ඔවුන්ගේ ළය වැසුම් ගිනි, ඉඳුනිල් හා ගෙන්දගම් යන පැහැයෙන් යුතු විණි. අශ්වයින්ගේ හිස්, සිංහ හිස් හා සමාන විය. උන්ගේ කටින් ගිනි, දුම් හා ගෙන්දගම් පිටව ආවේ ය.