සාමය ඔබ සමඟ තබා යන්නෙමි; මාගේ සාමය ඔබට දෙන්නෙමි. මා ඔබට දෙන්නේ ලෝකයා දෙන විදියට නො වේ. ඔබගේ හදවත් කලබල වන්නට ඉඩ නො දෙන්න. බය නො වන්න.
එපීස 6:23 - සිංහල කාලීන පරිවර්තනය පියාණන්වහන්සේ වන දෙවියන්වහන්සේගෙන් ද යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේගෙන් ද සාමයත්, ඇදහිල්ල සමඟ ප්‍රේමයත් සහෝදරයින්ට අත් වේවා! Sinhala New Revised Version පියාණන් වන දෙවියන් වහන්සේගෙන් ද ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගෙන් ද සහෝදරයන් හට සාමයත්, ප්‍රේමයත්, ඇදහිල්ලත් වේ වා! Sinhala New Revised Version 2018 පියාණන් වන දෙවියන් වහන්සේගෙන් ද ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගෙන් ද සහෝදරයන් හට සාමයත්, ප්‍රේමයත්, ඇදහිල්ලත් වේ වා! Sinhala Revised Old Version පියවූ දෙවියන්වහන්සේගෙන්ද ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන්ද සමාදානයත් ඇදහිල්ල සමඟ ප්‍රේමයත් සහෝදරයන්ට වේවා. |
සාමය ඔබ සමඟ තබා යන්නෙමි; මාගේ සාමය ඔබට දෙන්නෙමි. මා ඔබට දෙන්නේ ලෝකයා දෙන විදියට නො වේ. ඔබගේ හදවත් කලබල වන්නට ඉඩ නො දෙන්න. බය නො වන්න.
දෙවියන්වහන්සේ විසින් ප්‍රේම කරනු ලබන, ශුද්ධවන්තයින් වීමට කැඳවීම ලැබූ, රෝමයේ වෙසෙන සියලු දෙනා වෙතයි: අපගේ පියාණන් වූ දෙවියන්වහන්සේගෙන් හා යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේගෙන් ඔබට අනුග්‍රහයත්, සාමයත් අත් වේවා!
අපගේ පියාණන්වහන්සේ වූ දෙවියන්වහන්සේගෙන් ද යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේගෙන් ද ඔබට අනුග්‍රහ ලැබේවා; සාමය වේවා!
සහෝදරයිනි ප්‍රීතිවන්න! සම්පූර්ණත්වය අරමුණු කරගන්න. එකිනෙකා ධෛර්යවත් කරන්න. එකිනෙකා හා එකඟ වන්න. සාමයෙන් ජීවත් වන්න. ප්‍රේමයේත්, සාමයේත් දෙවියන්වහන්සේ ඔබ සමඟ වන සේක.
මන්ද චර්මඡේදනයවත්, චර්ම අඡේදනයවත් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ගණන් නො ගැණේ. ගණන් ගැනෙන්නේ ප්‍රේමයෙන් ක්‍රියා කරන ඇදහිල්ල පමණ ය.
මේ ප්‍රතිපත්තිය පිළිපදින හැම දෙනාට, දෙවියන්වහන්සේගේ ඉශ්‍රායෙල්ට සාමයත්, දයාවත් වේවා!
යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේට නොමියෙන පෙමින් ප්‍රේම කරන සැමට අනුග්‍රහය වේවා!
එහෙත් අප දවාලට අයිති බැවින්, ආරක්ෂක ළය වැස්මක් ලෙස ඇදහිල්ල හා ප්‍රේමය ද ආරක්ෂක හිස්-වැස්මක් ලෙස ගැලවීමේ බලාපොරොත්තුව ද පැලඳ සිහි කල්පනාවෙන් යුතුව සිටිමු.
සහෝදරයිනි, ඔබගේ ඇදහිල්ල වඩා බහුලව වර්ධනය වෙමින් පවත්නා නිසාත්, ඔබ හැම කෙනකු එකිනෙකා කෙරේ දක්වන ප්‍රේමය වැඩෙමින් පවත්නා නිසාත්, ඔබ ගැන නිබඳව දෙවියන්වහන්සේට ස්තුති දීම අපගේ යුතුකමකි; කළ යුත්තකි.
සාමයේ ස්වාමින්වහන්සේම හැම කල, හැම අයුරු ඔබට සාමය සලසන සේක්වා! ස්වාමින්වහන්සේ ඔබ සියල්ලන් සමඟ වන සේක්වා!
ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඇදහිල්ල හා ප්‍රේමය සමඟ මා උදෙසා වූ අප ස්වාමින්වහන්සේගේ අනුග්‍රහය පිටාර ගැලී ය.
මකිදෝනියාව බලා මා පිටත්ව යන කල, මා උදක්ම ඔබෙන් ඉල්ලා සිටියේ, එපීසයේ නැවතී සිට, අමුතු මත වාද නූගන්වන ලෙස ඇතමුනට අණ කරන්නටත්,
යමෙක් තම නෑයින්ට, විශේෂයෙන්ම තම පවුලේ අයට තම යුතුකම් ඉටු කරන්නේ නැතිනම්, ඔහු ඇදහිල්ල ඉවත දැමූවකු ද නො ඇදහිලිකරුවකුටත් වඩා අන්ත කෙනකු ද වෙයි.
ප්‍රේමයේ සිපාචාරයකින් එකිනෙකාට සමාචාර දක්වන්න. ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටින ඔබ හැමට සාමය වේවා!
ඉතා ඉක්මනින් ඔබ හමුවට ඒමට බලාපොරොත්තු වෙමි. එවිට මුහුණට මුහුණ ලා කතා කරන්නට හැකි වෙයි.
යොහන් වෙතින්, ආසියාවේ සභා හත වෙතයි: ඔබට අනුග්‍රහයත්, සාමයත් සිටින්නා වූ, සිටියා වූ, මතු ද සිටින්නා වූ තැනැන්වහන්සේගෙන් ද උන්වහන්සේගේ සිංහාසනය අබියස සිටින ආත්මයාණන් සත් දෙනාගෙන් ද