ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එපීස 3:9 - සිංහල කාලීන පරිවර්තනය

සෑම සියල්ල මැවූ දෙවියන්වහන්සේ තුළ යුග ගණනාවක් සඟවා තබන ලද මෙම අබිරහසේ සැලැස්ම හැම කෙනකුටම පහදා දීමටත් ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මේ අබිරහස් අරමුණ ක්‍රියාත්මක කරනු ලබන ආකාරය එළිදරව් කිරීමටත් ය. යුග ගණනාවක් මුළුල්ලේ ඒ අබිරහස විශ්වයේ මැවුම්කාරයාණන් වන දෙවියන් වහන්සේ තුළ සැඟවී තිබිණි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මේ අබිරහස් අරමුණ ක්‍රියාත්මක කරනු ලබන ආකාරය එළිදරව් කිරීමටත් ය. යුග ගණනාවක් මුළුල්ලේ ඒ අබිරහස විශ්වයේ මැවුම්කාරයාණන් වන දෙවියන් වහන්සේ තුළ සැඟවී තිබිණි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

සියල්ල මැවුවාවූ දෙවියන්වහන්සේ තුළ සියලු කාලවල පටන් සැඟවී තිබුණාවූ රහසේ නියමය කිමෙක්ද කියා සියල්ලන්ට පෙන්වන පිණිසත්ය.

පරිච්ඡේදය බලන්න



එපීස 3:9
38 හුවමාරු යොමු  

අඳුරේ මා ඔබට කියන දෑ, ආලෝකයේදී පවසන්න. ඔබේ කනට කොඳුරා කී දෑ, ගෙපියසි උඩදී ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න.


මෙසේ වූයේ දිවැසිවරයා මඟින් පැවසුණු දෑ ඉටු වන පිණිස ය: “මම උපමාවලින් මගේ මුව විවර කරමි, ලෝකයේ අත්තිවාරම් ලූ තැන් පටන් සැඟවී තිබූ දෑ පවසන්නෙමි.”


“එවිට රජ්ජුරුවෝ තමන් දකුණු පස සිටින්නන් අමතමින්, ‘එන්න, මගේ පියාණන්වහන්සේගෙන් ආශිර්වාද ලද්දනි, ලොව අත්තිවාරම් ලූ තැන් පටන් ඔබ සඳහා සූදානම් කරන ලද රාජ්‍යය උරුම කරගන්න.


එබැවින් ගොස් සියලු ජාතීන්ගෙන් ගෝලයින් තනන්න; පියාණන්වහන්සේගේත්, පුත්‍රයාණන්වහන්සේගේත්, ශුද්ධාත්මයාණන්වහන්සේගේත් නාමයෙන් ඔවුන් බව්තීස්ම කරමින් ද


යෙරුසලමෙන් පටන් ගෙන සෑම ජාතියකටම උන්වහන්සේගේ නාමයෙන් පසුතැවිල්ලත්, පාප කමාවත් ප්‍රකාශ කරන්නටත් යුතුව ඇත’ යනුවෙනි.


මමත්, පියාණන්වහන්සේත් එක යැ” යි පැවසූ සේක.


යේසුස්වහන්සේ කතා කරමින්, “මගේ පියාණන්වහන්සේ තවමත් වැඩ කරන සේක; මමත් වැඩ කරන්නෙමි” යි පැවසූ සේක.


යේසුස්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, පියාණන්වහන්සේ යම් සේ ක්‍රියා කරනවා පුත්‍රයා දකිනවා ද, ඒ දේම කරනවා මිස, තනිව කිසිවක් කරන්නට පුත්‍රයාට නුපුළුවන් බවයි. පුත්‍රයා කරන්නේ, ඒ සැටියෙන්ම පියාණන්වහන්සේ කරන දේ කිරීමයි.


ඉහත අනාදියේ පටන් මේ සියල්ල ගැන දන්වන්නා වූ ස්වාමින්වහන්සේ පවසන්නාහ’ යනුයි.


සහෝදරයිනි, ඔබ නැණවත් යයි ඔබ උඩඟු නො වන පිණිස මේ අබිරහස දැන ගන්නවාට කැමැත්තෙමි. ඉශ්‍රායෙල් වෙත තරමක දැඩිකමක් පැමිණ ඇත්තේ, අන්‍ය-ජාතිකයින්ගේ සම්පූර්ණත්වය පැමිණෙන තෙක් ය.


අප කතා කරන්නේ අපගේ තේජස උදෙසා දෙවියන්වහන්සේ යුග යුගවලට කලින් නියම කරන ලද දෙවියන්වහන්සේගේ රහසිගත අබිරහස් ප්‍රඥාව ය.


මන්ද ලෝකය මැවීමට ප්‍රථමයෙන්, ක්‍රිස්තුස්වහන්සේ තුළ උන්වහන්සේ අප තෝරා ගත්තේ, තමන්වහන්සේ අබිමුවෙහි අප ශුද්ධව හා නො කැළැල්ව සිටින පිණිස ය. ප්‍රේමයෙන්


ඔබ උදෙසා මට පවරනු ලැබ ඇති දෙවියන්වහන්සේගේ අනුග්‍රහයේ භාරකාරත්වය ගැන ඔබ අසා ඇතැයි සිතමි.


මා මුව විවර කරන හැම විටෙක ශුභාරංචි අබිරහස අභීතව ප්‍රකාශ කරන්නට නිසි වචන පැවසීමට වර ලැබෙනු පිණිස, මා ගැනත් යාච්ඤා කරන්න.


එසේ වන්නේ ඔබ ඇදහිල්ලේ තහවුරු වී, ස්ථාවර වී, අඛණ්ඩව එහි පැවත, ශුභාරංචියේ බලාපොරොත්තුවෙන් බැහැර නො වී සිටියහොත් ය. අහසින් යට සමස්ත මැවිල්ලටම ප්‍රකාශිත එය, ඔබ ද ඇසූ ශුභාරංචිය ය; පාවුල් වන මම එහි සේවකයෙක් බවට පත්ව සිටිමි.


ඒ පණිවුඩය, කාල වකවානු හා පරම්පරා ගණනාවක් තිස්සේ රහසිගතව තිබූ නමුදු, දැන් ශුද්ධවන්තයනට හෙළිකර ඇති අබිරහසයි.


මන්ද ඔබ මැරුණු බැවින්, ඔබගේ ජීවිතය ක්‍රිස්තුස්වහන්සේ සමඟ දෙවියන්වහන්සේ තුළ සඟවා ඇත.


මා සිර-බැඳුම් ලැබීමට හේතු වූ ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ අබිරහස ප්‍රකාශ කෙරෙන පණිවුඩයේ වචනය ප්‍රකාශ කරන්නට හැකි වන ලෙස දෙවියන්වහන්සේ අපට දොරක් ඇර දෙන පිණිස, අප උදෙසාත් යාච්ඤා කරන්න.


ස්වාමින්වහන්සේගේ ප්‍රේමයට පාත්‍ර වූ සහෝදරයිනි, ආත්මයාණන්වහන්සේගේ පවිත්‍ර කිරීමේ කාරිය තුළින් හා සත්‍යය ඇදහීම තුළින් ගැලවීම ලබන පිණිස, පටන්ගැන්මේ සිට දෙවියන්වහන්සේ ඔබ තෝරා ගෙන ඇති බැවින්, ඔබ ගැන දෙවියන්වහන්සේට නිබඳව ස්තුති දීම අප විසින් කළ යුත්තකි.


අප ප්‍රකාශ කරන දේව භක්තියේ අබිරහස ඇත්තෙන්ම අති උතුම් ය: උන්වහන්සේ මාංසයෙන් ප්‍රකාශ වූ සේක. නිදොස් බවට ආත්මයාණන්ගෙන් සාක්ෂි ලද සේක. දේව දූතයින් විසින් දක්නා ලද සේක. ජාතීන් අතරේ ප්‍රකාශ කරනු ලැබූ සේක. ලෝකයෙහි අදහා ගනු ලැබූ සේක. තේජසට ඔසවනු ලැබූ සේක.


උන්වහන්සේ අප ගලවා, ශුද්ධ වූ කැඳවීමකට අප කැඳවූයේ, අපගේ ක්‍රියා නිසා නො ව, කාලයේ පටන්ගැන්මටත් පෙර, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ අපට දුන් ස්වකීය අරමුණ හා අනුග්‍රහය නිසා ය.


එහෙත් මා මඟින් පණිවුඩය මුළුමනින් ප්‍රකාශ වී, සියලු අන්‍ය-ජාතිකයින් එය අසන පිණිස, ස්වාමින්වහන්සේ මා පසෙකින් සිට, මා දිරිගැන්වූ සේක. මෙසේ, සිංහ මුඛයෙන් මම ගලවනු ලැබීමි.


බොරු නො කියන දෙවියන්වහන්සේ යුග කාල පටන්ගැන්මටත් කලින් පොරොන්දු වූ, සදාතන ජීවනය පිළිබඳ බලාපොරොත්තුව,


ලෝකය මැවීමටත් පළමුවෙන් හැඳින සිටි නමුදු, උන්වහන්සේ විද්‍යමාන කරන ලද්දේ ඔබ උදෙසා මේ අවසන් කාලවලදී ය.


පොළෝ වාසී සියල්ලෝ, එනම් ලොව මැවූ තැන් පටන් මරා දමන ලද බැටළු පැටවාණන්ගේ ජීවන පොතේ නම් ලියනු නො ලැබූවෝ මෘගයාට නමස්කාර කරති.


ඉන්පසු වෙනත් දේව දූතයකු, පොළොවේ වෙසෙන හැම ජාතියකට, හැම ගෝත්‍රයකට, හැම භාෂාවකට හා හැම ජනතාවකට ප්‍රකාශ කරන්නට සදාතන ශුභාරංචියක් ඇතිව අහස මැද පියාසර කරනු මම දැක්කෙමි.


ඔබ දුටු මෘගයා සිටියේ ය; දැන් නැත. එහෙත්, පතුලක් රහිත වළෙන් නැගිට අවුත්, විනාශයට යන්නට ළඟ ය; ලෝකයේ අත්තිවාරමේ පටන් ජීවන පොතේ නාම නො ලියවුණු පොළෝ වාසීහු, මෘගයා දකින කල පුදුමයට පත් වන්නෝ ය. මන්ද ඌ සිටියේ ය; දැන් නැත; එහෙත් මතු එන්නේ ය.


“අපගේ ස්වාමින්වහන්ස, අපගේ දෙවියන්වහන්ස, මහිමයත්, ගෞරවයත්, බලයත්, ලබන්ට වටින්නේ ඔබවහන්සේ ය. මන්ද ඔබ සියලු දේ මැවූ සේක. ඒවා පවතින්නේත්, ඒවා මවන ලද්දේත් ඔබගේ කැමැත්තෙනි” යි පවසති.