“ඔබ හදවත් කලබල වන්නට ඉඩ නො දෙන්න. ඔබ දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නහු ය; මා කෙරෙහිත් විශ්වාස කරන්න.
එපීස 1:12 - සිංහල කාලීන පරිවර්තනය ඇත්තේ, ක්‍රිස්තුස්වහන්සේ තුළ මුලින්ම බලාපොරොත්තු තැබූවන් වන අප, උන්වහන්සේගේ මහිමයේ ප්‍රශංසාව උදෙසා සිටින පිණිස ය. Sinhala New Revised Version මෙසේ වූයේ ක්‍රිස්තුන් වහන්සේ තුළින් ප්‍රථමයෙන් බලාපොරොත්තු ලැබූ අප, උන් වහන්සේගේ මහිමයේ ප්‍රශංසාව සඳහා සිටින පිණිස ය. Sinhala New Revised Version 2018 මෙසේ වූයේ ක්‍රිස්තුන් වහන්සේ තුළින් ප්‍රථමයෙන් බලාපොරොත්තු ලැබූ අප, උන් වහන්සේගේ මහිමයේ ප්‍රශංසාව සඳහා සිටින පිණිස ය. Sinhala Revised Old Version එසේ වුණේ ක්‍රිස්තුස්වහන්සේ තුළ පළමුවෙන් බලාපොරොත්තුවුණාවූ අප උන්වහන්සේගේ මහිමයේ ප්‍රශංසාව සඳහා සිටින පිණිසය. |
“ඔබ හදවත් කලබල වන්නට ඉඩ නො දෙන්න. ඔබ දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නහු ය; මා කෙරෙහිත් විශ්වාස කරන්න.
එසේ කළේ, උන්වහන්සේගේ ප්‍රේමණීයයාණන් වන ක්‍රිස්තුස්වහන්සේ තුළ ස්වකීය ත්‍යාගවත්කමින් අපට දුන් මහිමවත් අනුග්‍රහයේ ප්‍රශංසාව සඳහා ය.
එසේ කළේ, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ අපට පානා උන්වහන්සේගේ කරුණාව පෙන්නුම් කරමින්, මතු පැමිණෙන යුගවලදී උන්වහන්සේගේ අනුග්‍රහයේ අනුපමේය ඉසුරුමත් භාවය විදහා දක්වනු පිණිස ය.
සභාව තුළත්, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ මඟින් සියලු පරම්පරාවන්හිදීත් සදහට ම තේජෝ මහිම වේවා. ආමෙන්!
ස්වාමින්වහන්සේගේ ප්‍රේමයට පාත්‍ර වූ සහෝදරයිනි, ආත්මයාණන්වහන්සේගේ පවිත්‍ර කිරීමේ කාරිය තුළින් හා සත්‍යය ඇදහීම තුළින් ගැලවීම ලබන පිණිස, පටන්ගැන්මේ සිට දෙවියන්වහන්සේ ඔබ තෝරා ගෙන ඇති බැවින්, ඔබ ගැන දෙවියන්වහන්සේට නිබඳව ස්තුති දීම අප විසින් කළ යුත්තකි.
මෙලෙස මා දැන් දුක් විඳින්නේ එනිසා ය. එහෙත් මා ලජ්ජා වන්නේ නැත. මන්ද මා අදහාගෙන සිටින්නේ කවුරුදැයි මා දන්නා බැවිනි. තවද මා උන්වහන්සේට භාර දුන් දෑ ඒ දවස දක්වා ආරක්ෂා කරන්නට උන්වහන්සේ සමත් බැව් මම ඒත්තු ගෙන සිටිමි.
උන්වහන්සේගේ මැවිලි අතර, අප නාඹුල් පල විශේෂයක් වන පිණිස, උන්වහන්සේ තමන්ගේම අභිමතය පරිදි සත්‍යතාවේ වචනයෙන් අප උත්පාද කළ සේක.
උන්වහන්සේ මළවුන්ගෙන් නැගිටුවා, උන්වහන්සේ තේජසට පත් කළ දෙවියන්වහන්සේ තුළ ඔබ ඇදහිලිවතුන් වන්නේ උන්වහන්සේ මඟිනි. ඒ, ඔබේ ඇදහිල්ලත්, බලාපොරොත්තුවත් දෙවියන්වහන්සේ තුළ වන පිණිස ය.