Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එපීස 1:6 - සිංහල කාලීන පරිවර්තනය

6 එසේ කළේ, උන්වහන්සේගේ ප්‍රේමණීයයාණන් වන ක්‍රිස්තුස්වහන්සේ තුළ ස්වකීය ත්‍යාගවත්කමින් අපට දුන් මහිමවත් අනුග්‍රහයේ ප්‍රශංසාව සඳහා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 උන් වහන්සේ එසේ කළේ තමන් වහන්සේගේ ප්‍රේමයාණන් වහන්සේ තුළ අපට දේව වරප්‍රසාදය අනුව ලබාදුන් මහිමාන්විත කරුණාවේ ප්‍රශංසාව සඳහා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 උන් වහන්සේ එසේ කළේ තමන් වහන්සේගේ ප්‍රේමයාණන් වහන්සේ තුළ අපට දේව වරප්‍රසාදය අනුව ලබාදුන් මහිමාන්විත කරුණාවේ ප්‍රශංසාව සඳහා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

6 තමන්වහන්සේගේ කැමැත්තේ ප්‍රසන්නකමේ හැටියට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන පුත්‍රයන් වීමට අප පෙර නියමකළසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එපීස 1:6
41 හුවමාරු යොමු  

මන්ද අන්ධකාරයේ ආධිපත්‍යයෙන් අප මුදා ගෙන, ස්වකීය ප්‍රේමණීය පුතණුවන්ගේ රාජ්‍යයට අප ඇතුල්කර ගත්තේ උන්වහන්සේ ය.


ඇත්තේ, ක්‍රිස්තුස්වහන්සේ තුළ මුලින්ම බලාපොරොත්තු තැබූවන් වන අප, උන්වහන්සේගේ මහිමයේ ප්‍රශංසාව උදෙසා සිටින පිණිස ය.


මාගේ දෙවියන්වහන්සේ, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ උන්වහන්සේගේ තේජසේ ඉසුරුමත් භාවයේ ප්‍රකාරයට ඔබගේ සියලු අවශ්‍යතා සපුරන සේක.


තවද, “මේ මා ප්‍රේම කරන මාගේ පුත්‍රයාණෝ ය; ඔහු සමඟ මම බෙහෙවින් ප්‍රසන්නව සිටිමි” යි පවසන හඬක් අහසින් විය.


එහෙත් ඔබ! අන්ධකාරයෙන් ස්වකීය විස්මිත ආලෝකයට ඔබ කැඳවූ තැනැන්වහන්සේගේ විශිෂ්ටතා ප්‍රකාශ කරන පිණිස, තෝරාගනු ලැබූ වංශයකි; රාජකීය පූජක පැලැන්තියකි; ශුද්ධ වූ ජාතියකි; දෙවියන්වහන්සේගේම භුක්තිය වූ ජනතාවකි.


දෙවියන්වහන්සේගේ තේජෝ මහිමය හා ප්‍රශංසාව උදෙසා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් පැමිණෙන ධර්මිෂ්ඨකමේ පලයෙන් ඔබ සපිරෙනු ඇත.


ඒ ශුද්ධාත්මයාණන්වහන්සේ, දෙවියන්වහන්සේගේ තේජෝ මහිමයේ ප්‍රශංසාව සඳහා, උන්වහන්සේ සන්තකවූවන් වන අපට අපගේ මිදීමේ උරුමය සහතික කරන ඇපකරය වේ.


යමෙක් වචනය කතා කරන්නේ නම්, ඔහු දෙවියන්වහන්සේගේ වචන කතා කරන්නකු ලෙස එය කළ යුතු ය. යමෙක් සේවය කරන්නේ නම්, දෙවියන්වහන්සේ සපයන ශක්තියෙන් ඔහු එය කළ යුතු ය. එසේ කළ යුත්තේ, හැම දේහිදීම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් දෙවියන්වහන්සේ තේජෝමහිමයට පැමිණෙන පිණිස ය. තේජෝමහිමයත්, ආධිපත්‍යයත් සදහට ම උන්වහන්සේගේ ය! ආමෙන්.


පාපය නො දත් තැනැන්වහන්සේ අප උදෙසා පාපය වීමට දෙවියන්වහන්සේ සැලසූ සේක. එසේ කළේ, උන්වහන්සේ තුළ අප, දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම වන පිණිස ය.


මන්ද දෙවියන්වහන්සේගේ අනුග්‍රහය, වඩ වඩා බොහෝ ජනතාවක් වෙත පැතිර යෑමෙන්, දෙවියන්වහන්සේගේ තේජෝමහිමයට නැගෙන ස්තුති දීම් අධික වන පිණිස මේ සියල්ල ඔබ උදෙසා ය.


යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් දෙවියන්වහන්සේට පිළිගත මනා ආත්මික යාග පූජා ඔප්පු කරන ශුද්ධ වූ පූජක පංතියක් වන පිණිස, ඔබත් ආත්මික ගෘහයක්ව ගොඩ නැගෙන ජීවමාන ගල් වැන්න.


තවද ඔබගේ හදවත්-ඇස්, අවබෝධයෙන් එළිය කරන ලෙස ද මම යාච්ඤා කරමි. එසේ කරන්නේ, උන්වහන්සේගේ කැඳවීමේ බලාපොරොත්තුව කුමක් ද යන්නත්, ශුද්ධවන්තයින් අතරේ උන්වහන්සේගේ මහිමවත් උරුමයේ ඉසුර කවරේ ද යන්නත්,


එබැවින් දැන්, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ සිටින්නවුන් දඬුවමට පත් කිරීමක් නැත.


පියාණන්වහන්සේ මට ප්‍රේම කරන හේතුව, මා විසින්ම ආපසු ගන්නා පිණිස, මා මගේ ජීවිතය පිදීමයි.


දෙවියන්වහන්සේ ස්වකීය පුත්‍රයාට ප්‍රේම කරන සේක්, හැම දෙයක්ම පුත්‍රයාණන් අතට දී තිබේ.


“උසස් තැන්හි දෙවියන්වහන්සේට වේවා මහිමය, උන්වහන්සේගේ ප්‍රසාදය ලද පොළොවේ ජනයාට වේවා සාමය.”


ඔහු කතා කරද්දීම, මෙන්න, දීප්තිමත් වලාකුළක් ඔවුන් වසාගෙන; ඒ වලාවෙන් කටහඬක් නික්මී, “මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයා ය; මොහු කෙරේ මම බොහෝ ප්‍රසන්නව සිටිමි. එතුමාණන්ට සවන් දෙනු” යි කියැවිණි.


මා උන්වහන්සේ තුළ සිටින පිණිසත් ය. එය අත්කර ගන්නේ දහම් නීතියෙන් එන මගේම ධර්මිෂ්ඨකමින් නො ව, ක්‍රිස්තුස්වහන්සේ ඇදහීම මඟින් එන, ඇදහිල්ල මත දෙවියන්වහන්සේ වෙතින් එන ධර්මිෂ්ඨකම මඟිනි.


එසේ කළේ, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ අපට පානා උන්වහන්සේගේ කරුණාව පෙන්නුම් කරමින්, මතු පැමිණෙන යුගවලදී උන්වහන්සේගේ අනුග්‍රහයේ අනුපමේය ඉසුරුමත් භාවය විදහා දක්වනු පිණිස ය.


“අවසන් පැයේදී වැඩට ගනු ලැබූ කම්කරුවෝ අවුත්, එකකු ඩිනාරිය බැගින් ලදහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්