2 යොහන් 1:6 - සිංහල කාලීන පරිවර්තනය ප්‍රේමය මෙයයි: දෙවියන්වහන්සේගේ ආඥාවනට අනුව පැවත සිටීමයි. මුල පටන් ඔබ අසා ඇති පරිදි උන්වහන්සේගේ ආඥාව, ඔබ එහි පැවත සිටීමයි. Sinhala New Revised Version මේ ප්‍රේමය නම්, උන් වහන්සේගේ ආඥා අනුව ජීවත් වීම ය. ආඥාව නම්, පටන්ගැන්මේ සිට ඔබ ඇසූ ලෙස ප්‍රේමයෙන් ජීවත් වීම ය. Sinhala New Revised Version 2018 මේ ප්‍රේමය නම්, උන් වහන්සේගේ ආඥා අනුව ජීවත් වීම ය. ආඥාව නම්, පටන්ගැන්මේ සිට ඔබ ඇසූ ලෙස ප්‍රේමයෙන් ජීවත් වීම ය. Sinhala Revised Old Version ප්‍රේමය නම් උන්වහන්සේගේ ආඥා ලෙස හැසිරීමය. ආඥාව නම් නුඹලා පටන්ගැන්මේ සිට ඇසූ ලෙස ප්‍රේමයෙහි හැසිරීමය. |
මාගේ ආඥා ඇති කවරකු වුව, ඒවා පිළිපදින්නේ නම්, මට ප්‍රේම කරන්නේ ඔහු ය. මට ප්‍රේම කරන්නා, මගේ පියාණන්වහන්සේ විසින් ප්‍රේම කරනු ලබයි; මමත් ඔහුට ප්‍රේම කරමින්, ඔහුට හෙළිදරවු වෙමි” යි පැවසූ සේක.
යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “යමෙක් මට ප්‍රේම කරනවා නම්, ඔහු මගේ වචන පිළිපදියි. මගේ පියාණන්වහන්සේ ඔහුට ප්‍රේම කරන සේක. අපි ඔහු වෙත පැමිණ, ඔහු සමඟ වාසය කරන්නෙමු.
මා, මගේ පියාණන්වහන්සේගේ ආඥා පිළිපදිමින්, උන්වහන්සේගේ ප්‍රේමයේ රඳා සිටි අයුරින්, ඔබත් මාගේ ආඥා පිළිපදින්නේ නම්, මගේ ප්‍රේමයේ රඳා සිටිනු ඇත.
මුල පටන් ඔබ ඇසූ දෑ ඔබ තුළ පවතීවා; මුල පටන් ඔබ ඇසූ දෑ ඔබ තුළ පවතිනවා නම්, එවිට ඔබ පුත්‍රයාණන්වහන්සේත්, පියාණන්වහන්සේත් තුළ පැවත සිටී.
එහෙත් උන්වහන්සේගේ වචනය පිළිපදින යම් කෙනකු වේ ද, සැබවින් ම ඔහු තුළ දෙවියන්වහන්සේගේ ප්‍රේමය සම්පූර්ණ කෙරේ. අප උන්වහන්සේ තුළ සිටිනා වග සහතිකයෙන් දැනගන්නේ එලෙසිනි.
ප්‍රේමණීයයනි, මා ඔබට අලුත් ආඥාවක් ලියනවා නො වේ. මුල පටන්ම ඔබට තිබූ පැරණි ආඥාවකි. මෙම පැරණි ආඥාව ඔබ අසා ඇති වචනයයි.
අප ඉල්ලන කවර දෙයකට වුව උන්වහන්සේ අපට සවන් දෙන වග අප දන්නවා නම්, උන්වහන්සේගෙන් අප ඉල්ලූ ඉල්ලීම අපට ලැබෙන බව අපි දනිමු.
දෙවියන්වහන්සේට ප්‍රේම කිරීම මෙයයි: එනම් උන්වහන්සේගේ ආඥා රක්ෂා කිරීමයි. උන්වහන්සේගේ ආඥා බර නැත.
ප්‍රිය ස්වාමිදුවණියනි, මෙහිදී මා ඔබට අලුත් ආඥාවක් ලියනවා නො වේ. මුල පටන් අපට තිබූ ආඥාව ලෙස එකිනෙකාට ප්‍රේම කරමුයි ඉල්ලමි.