එසේම දැන් ඔබගේ ශෝකය තිබේ. එනමුත් මා යළි ඔබ දකින්නෙමි. එවිට ඔබගේ හදවත් ප්‍රීති වනු ඇත. ඔබගේ ප්‍රීතිය කිසිවකුත් ඔබෙන් පැහැර ගන්නේ නැත.
2 තිමෝති 1:4 - සිංහල කාලීන පරිවර්තනය ඔබ හෙළූ කඳුළු සිහි වන විට, ඔබ දැකීමේ දැඩි ආශාවක් ඇති වන්නේ, මා ප්‍රීතියෙන් පිරී යන පිණිස ය. Sinhala New Revised Version ඔබේ කඳුළු සිහි කර මාගේ ප්‍රීතිය සම්පූර්ණ කරගැනීම පිණිස මම ඔබ දකින්නට ආශාවෙමි. ඔබ තුළ තිබෙන අවංක ඇදහිල්ල මට සිහි වෙයි. Sinhala New Revised Version 2018 ඔබේ කඳුළු සිහි කර මාගේ ප්‍රීතිය සම්පූර්ණ කරගැනීම පිණිස මම ඔබ දකින්නට ආශාවෙමි. ඔබ තුළ තිබෙන අවංක ඇදහිල්ල මට සිහි වෙයි. Sinhala Revised Old Version එසේය, නුඹේ කඳුළු සිහිකර, නුඹ තුළ තිබෙන අවංක ඇදහිල්ල සිහියට ගෙන, මම ප්‍රීතියෙන් පූර්ණවන පිණිස නුඹ දකින්ට ආශාවෙමි. |
එසේම දැන් ඔබගේ ශෝකය තිබේ. එනමුත් මා යළි ඔබ දකින්නෙමි. එවිට ඔබගේ හදවත් ප්‍රීති වනු ඇත. ඔබගේ ප්‍රීතිය කිසිවකුත් ඔබෙන් පැහැර ගන්නේ නැත.
මේ දක්වා මාගේ නාමයෙන් ඔබ කිසිවක්ම ඉල්ලා නැත. ඉල්ලන්න; එවිට ඔබට ලැබෙන්නේ ය. එසේ ඔබේ ප්‍රීතිය සම්පූර්ණ වන්නේ ය.
යුදෙව්වන්ගේ කුමන්ත්‍රණවලින් දැඩි සේ මා පරීක්ෂා කළ ද, සියලු ආකාර යටහත්කමින් හා කඳුළින් යුතුවයි මා ස්වාමින්වහන්සේට සේවය කළේ.
එබැවින් කල්පනාකාරීව සිටින්න. වසර තුනක් තිස්සේ දිවා රෑ දෙක්හි කඳුළින් යුතුව, මා ඔබ එකිනෙකාට නො නැවතී අවවාද කළ බව මතක තබාගන්න.
මා ඔබ දැකීමේ ආශාවෙන් පසුවන්නේ, ඔබ ශක්තිමත් කෙරෙන පිණිස, ඔබට යම් ආත්මික ත්‍යාගයක් දීමටයි.
ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේම සෙනෙහසින් යුතුව ඔබ හැමට මා කෙතරම් ආශා වෙම් ද යන්න දෙවියන්වහන්සේම සාක්ෂි වන සේක.
ඔබ හැම දකින්නට ඔහු දැඩි ආශාවෙන් සිටීමත්, ඔහු රෝගීව සිටි වග ඔබත් දැනගැනීම නිසා ඔහු සංවේගයට පත් වීමත් ඊට හේතුවයි.
සහෝදරයිනි, සුළු කලකට සිතින් නො ව ගතින් ඔබ වෙතින් අප වෙන් කරනු ලැබ සිටියදී වුව, ඔබගේ මුහුණ දැකීමේ දැඩි ආශාවෙන් යුතුව යළි ඔබ වෙත ඒමට අපි හැම උත්සාහයක්ම දැරීමු.
ශීත කාලයට කලින් මෙහි ඒමට උත්සාහ කරන්න. යුබුලස් ඔබට ආචාර කරයි. පුදෙන්ස්, ලීනස්, ක්ලෝදියා හා සහෝදරවරු සැවොම ඔබට ආචාර කරති.
උන්වහන්සේ ඔවුන්ගේ ඇස්වලින් කඳුළු හැම පිසදාලනු ඇත. මින් මතු මරණයක් නැත; ශෝක වීමක්, හැඬීමක්, වේදනාවක් ද මින් මතු නැත. මන්ද පළමු දෑ පහව ගොසිණි.”
මන්ද සිංහාසනය මැද සිටින බැටළු පැටවාණෝ, ඔවුනගේ එඬේරාණන් වන්නේ ය; ‘උන්වහන්සේ ජීවන දිය උල්පත් වෙත ඔවුනට මඟ පෙන්වන්නාහ.’ ‘දෙවියන්වහන්සේම ඔවුනගේ ඇස්වල කඳුළු හැම පිසදමන්නාහ’ යි” පැවසී ය.