අධර්මිෂ්ඨ වස්තුව ගැන ඔබ විශ්වාසවන්ත වන්නේ නැතිනම්, සත්‍ය ධනය ඔබට බාර දෙන්නේ කවුරු ද?
2 තිමෝති 1:14 - සිංහල කාලීන පරිවර්තනය ඔබට භාර දෙන ලද යහපත් දෑ අප තුළ වෙසෙන ශුද්ධාත්මයාණන්වහන්සේ මඟින් ආරක්ෂා කරගන්න. Sinhala New Revised Version අපට භාර දුන් මේ අගනා දෙය අප තුළ වාසය කරන ශුද්ධාත්මයාණන්ගේ උපකාරයෙන් ආරක්ෂා කරන්න. Sinhala New Revised Version 2018 අපට භාර දුන් මේ අගනා දෙය අප තුළ වාසය කරන ශුද්ධාත්මයාණන්ගේ උපකාරයෙන් ආරක්ෂා කරන්න. Sinhala Revised Old Version නුඹට භාරදුන් යහපත් දෙය අප තුළ වසන ශුද්ධාත්මයාණන්වහන්සේ කරණකොටගෙන ආරක්ෂාකරන්න. |
අධර්මිෂ්ඨ වස්තුව ගැන ඔබ විශ්වාසවන්ත වන්නේ නැතිනම්, සත්‍ය ධනය ඔබට බාර දෙන්නේ කවුරු ද?
ඒ, සත්‍යතාවේ ආත්මයාණන් ය. උන්වහන්සේ පිළිගන්නට ලෝකයාට බැරි ය. මන්ද ලෝකයා උන්වහන්සේ දකින්නේවත්, හඳුනන්නේවත් නැත; එහෙත් ඔබ උන්වහන්සේ හඳුනති. මන්ද උන්වහන්සේ ඔබ සමඟ වාසය කරන සේක්, ඔබ තුළ සිටින සේක.
හැම අතින්ම බොහෝ ය. මුලින්ම, දෙවියන්වහන්සේගේ කියමන් බාර දෙනු ලැබ ඇත්තේ, යුදෙව්වන්ට ය.
යේසුස්වහන්සේ මළවුන්ගෙන් නැගිට වූ තැනැන්වහන්සේගේ ආත්මයාණන්, ඔබ තුළ වාසය කරන සේක් නම්, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ මරණින් නැගිට වූ තැනැන්වහන්සේ, ඔබ තුළ වෙසෙන ස්වකීය ආත්මයාණන් මඟින්, මැරෙනසුලු ඔබගේ ශරීරයන්ට ද ජීවනය දෙන සේක.
මන්ද මාංසයට අනුව ජීවත් වෙතොත් ඔබ මියෙනු ඇත. එහෙත් ශාරීරික ක්‍රියා, ආත්මයාණන් මඟින් නසා දමනවා නම්, ඔබ ජීවත්වනු ඇත.
කෙසේ වෙතත්, දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ ඔබ තුළ වසන සේක් නම්, ඔබ මාංසය තුළ නො ව, ආත්මයාණන් තුළ ය. ක්‍රිස්තුස්වහන්සේගේ ආත්මයාණන් නැති කවරකු වුවත්, උන්වහන්සේට අයිති නැත.
දෙවියන්වහන්සේගේ මාලිගය ඔබ වගත්, දෙවියන්වහන්සේගේ ආත්මයාණන් ඔබ තුළ වාසය කරන වගත් ඔබ දන්නේ නැති ද?
දෙවියන්වහන්සේගෙන් ඔබ ලද, ඔබ තුළ වෙසෙන ශුද්ධාත්මයාණන්වහන්සේගේ මාලිගාව, ඔබේ ශරීරය බව ඔබ දන්නේ නැති ද? ඔබ, ඔබටම අයිති නැත.
මා එය කරන්නේ මගේම ස්ව කැමැත්තෙන් නම්, මට ඊට ත්‍යාගයක් ඇත. කැමැත්තෙන් නො වේ නම්, මා සිටින්නේ මට පැවරූ භාරකාරත්වයක් යටතේ ය.
එබැවින් මෙතැන් පටන් අප, මාංසයට අනුව කිසිවකු සලකන්නේ නැත. වරක් අප ක්‍රිස්තුස්වහන්සේ මාංසයට අනුව සැලකූ නමුදු, තවදුරටත් උන්වහන්සේ ගැන එසේ සලකන්නේ නැත.
අනෙක් අතට, චර්ම-ඡේදිතයන් උදෙසා වූ ශුභාරංචිය පේතෘස්ට පැවරුණු සේ ම, චර්මඡේද නො වූවනට ශුභාරංචිය දීම මට පවරා ඇති බැව් ඔවුහු දුටහ.
ස්වකීය ආත්මයාණන් මඟින් දෙවියන්වහන්සේ වාසය කරන මන්දිරයක් වන ලෙස, ඔබත් ක්‍රිස්තුස්වහන්සේ තුළ එකට ගොඩ නගනු ලබමින් සිටිති.
මිදි යුෂ බී, මත් නො වන්න. එයින් දුරාචාරයට මං පෑදේ. ඒ වෙනුවට ආත්මයාණන්වහන්සේගෙන් පූර්ණ වන්න.
යුස්තස් නම් ලත් යේසුස් ද ඔබට ආචාර කරයි. දෙවියන්වහන්සේගේ රාජ්‍යය උදෙසා මා හා සේවය කරන්නන් අතරේ සිටින චර්මඡේදිතයෝ ඔවුහු පමණෙකි. සැබවින් ම ඔවුන් මට මහත් සැනසිල්ලකි.
මෙම සාර දහම, භාග්‍යවත් දෙවියන්වහන්සේගේ තේජාන්විත ශුභාරංචියට අනුකූලව උන්වහන්සේ විසින්ම මට බාර දෙන ලද ඉගැන්වීම් ය.
එම්බා තිමෝති, ඔබට බාර දී ඇති දෑ රැකගන්න; හිස් දෙඩවිල්ලෙන් හා දැනුම යැයි බොරුවෙන් හඳුන්වන පරස්පර-විරෝධී අදහස්වලින් ද වළකින්න.
මෙලෙස මා දැන් දුක් විඳින්නේ එනිසා ය. එහෙත් මා ලජ්ජා වන්නේ නැත. මන්ද මා අදහාගෙන සිටින්නේ කවුරුදැයි මා දන්නා බැවිනි. තවද මා උන්වහන්සේට භාර දුන් දෑ ඒ දවස දක්වා ආරක්ෂා කරන්නට උන්වහන්සේ සමත් බැව් මම ඒත්තු ගෙන සිටිමි.
බොහෝ සාක්ෂිකරුවන් ඉදිරියේ මා පවසනු ඔබ අසා ඇති දෑ, අන් අයට ද ඉගැන්වීමට සමත් විශ්වාසී මනුෂ්‍යයින් අතට පත් කරන්න.
සහෝදරයන්ට අවංක ලෙස ප්‍රේම කරන පිණිස ඔබ සත්‍යයට කීකරුවීමෙන්, ඔබගේ ජීවය පවිත්‍ර කරගෙන සිටින බැවින්, පවිත්‍ර හදවතකින් උද්යෝගීව එකිනෙකාට ප්‍රේම කරන්න.