2 කොරින්ති 8:6 - සිංහල කාලීන පරිවර්තනය ඒ අනුව, තීතස් පටන් ගෙන තිබූ පරිදි, මෙම අනුග්‍රාහක සේවය ඔබ අතරේත් සම්පූර්ණ කරන ලෙස, අපි ඔහුගෙන් උදක්ම ඉල්ලීමු. Sinhala New Revised Version එබැවින් තීතස්, මුලින් ම පටන්ගත් මේ සහනාධාර සේවය ඔබ අතරෙහි සම්පූර්ණ කරන ලෙස අපි ඔහුගෙන් උදක් ම ඉල්ලා සිටියෙමු. Sinhala New Revised Version 2018 එබැවින් තීතස්, මුලින් ම පටන්ගත් මේ සහනාධාර සේවය ඔබ අතරෙහි සම්පූර්ණ කරන ලෙස අපි ඔහුගෙන් උදක් ම ඉල්ලා සිටියෙමු. Sinhala Revised Old Version එහෙයින් තීතස් පළමුවෙන් පටන්ගත් ලෙසම මේ අනුග්‍රහයත් නුඹලා අතරෙහි සම්පූර්ණකරන්ට අපි ඔහුට අවවාදකළෙමුව. |
ඔබ වෙත යන්නැයි තීතස්ගෙන් ඉල්ලූ මම, අපගේ සහෝදරයාත් ඔහු සමඟ එවීමි. තීතස්, ඔබෙන් වාසියක් ලබා ගත්තා ද? අපි එකම ආත්මයකින් යුතුව ක්‍රියා නො කළෙමු ද? එකම පියවර නො ගත්තෙමු ද?
මා සහෝදර තීතස් එහිදී හමු නො වූ බැවින්, මගේ ආත්මයට සැනසීමක් නො විණි. එබැවින් මම ඔවුන්ගෙන් සමුගෙන, මකිදෝනිය බලා ගියෙමි.
මේ සම්බන්ධව මගේ නිගමනය මෙයයි; පසුගිය වසරේ මෙම වැඩය කිරීමට පමණක් නො ව, එය කිරීමේ ආශාව ද ඇතිව ඊට මුල පිරුවෝ ඔබම බැවින් මෙය ඔබට වැඩදායක ය.
එපමණක් නො වේ, ස්වාමින්වහන්සේගේ ගෞරවය උදෙසාත්, අපගේ උනන්දුව පෙන්නුම් කිරීමටත් අප විසින් මෙහෙය වන මෙම අනුග්‍රහයේ සහනාධාරය රැගෙන අප හා යෑමට සභා විසින් මොහු පත් කරනු ලැබ ඇත.
තීතස් ගැන කියනවා නම්, ඔබ උදෙසා ඔහු මගේ සහායකයා හා හවුල් වැඩකරුවා ය. අපගේ මේ සහෝදරයින් සභා නියෝජිතයින් ය; ක්‍රිස්තුස්වහන්සේගේ තේජස ය.
එනිසා කලින් ඔබ වෙත අවුත්, ඔබ පොරොන්දු වූ දීමනාව කල් ඇතිව පිළියෙල කරන ලෙස මේ සහෝදරයින් පෙලඹවීම යෝග්‍යයයි මා සිතුවේ, එය බලෙන් ලබා ගත්තක් නො ව, කැමැත්තෙන් දෙන දීමනාවක් සේ පිළියෙල වන පිණිස ය.
සම්පූර්ණ දීමනාවක්, ඕනෑවටත් වඩා වූ දීමනාවක් ලද්දෙමි. එපප්‍රොදිතස් අත ඔබ විසින් මවෙත එවන ලද තෑගි ලැබ මම දැන් හොඳටම සෑහී සිටිමි. ඒවා, දෙවියන්වහන්සේට ප්‍රසන්න වූ සුවඳ පූජාවකි; පිළිගත මනා යාගයකි.
දෙවියන්වහන්සේගේ අනේකාකාර අනුග්‍රහයේ විශ්වාසනීය කළමනාකරුවන් ලෙස එකිනෙකාට ලැබී ඇති දීමනාව කවරක් වුව ද, එය අන්‍යයන්ට සේවය කිරීමට යොදවන්න.