Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 24:17 - සිංහල කාලීන පරිවර්තනය

17 “වසරකට පසු මා යෙරුසලමට ආවේ, මගේ ජනයාට සහනාධාර දීමටත්, පඬුරු ඔප්පු කිරීමටත් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 “අවුරුදු කීපයකට පසු මාගේ සෙනඟට සම්මාදම් බාර දී පූජා පවත්වනු සඳහා මෙහි ආවෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 “අවුරුදු කීපයකට පසු මාගේ සෙනඟට සම්මාදම් බාර දී පූජා පවත්වනු සඳහා මෙහි ආවෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

17 ඉතින් අවුරුදු කීපයකට පසු මාගේ ජාතියට දානවල්ද පූජාද දෙන පිණිස ආවෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 24:17
14 හුවමාරු යොමු  

ඔවුන් ඉල්ලූ එකම දේ දුප්පතුන් සිහි තබා ගන්නා ලෙසයි. කරන්නට මා ඉතා ආශා වූ දේ ද එයමයි.


මන්ද මෙම සේවයේදී ඔබ කරන මෙහෙයෙන්, ශුද්ධවතුන්ගේ අවශ්‍යතා සපිරෙනවා පමණක් නො වේ. එයින් දෙවියන්වහන්සේට බොහෝ ස්තුති දීම් ද පිටාර ගලයි.


මන්ද යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ අනුග්‍රහය ඔබ දනිති. උන්වහන්සේ ධනවත් නමුදු ඔබ උදෙසා දිළිඳු බවට පැමිණියේ උන්වහන්සේගේ දිළිඳු බව තුළින්, ඔබ ධනවත් වන පිණිස ය.


එනම්, යුදයේ නො ඇදහිලිවතුන්ගේ අතවරවලින් මා ගලවන පිණිසත්, යෙරුසලම උදෙසා මාගේ උපස්ථානය එහි ශුද්ධවන්තයින් විසින් පිළිගනු ලබන පිණිසත් ය.


ආසියා කලාපයේ කල් ගත කිරීමෙන් වැළකී, එපීසය පසුකර යාත්‍රා කිරීමට පාවුල් තීරණ කළේ, හැකි වෙතොත් පෙන්තකොස්ත දවසට කලින් යෙරුසලමට ළඟා වීමට ඔහු ඉක්මන් කළ බැවිනි.


පසු දින පාවුල් ඒ මිනිසුන් කැටිව ගොස්, ඔවුන් සමඟ තමා ද පවිත්‍ර කරගත්තේ ය. ඉන්පසු පවිත්‍ර වීම සම්පූර්ණ වන දිනයත්, ඔවුන් එකිනෙකා ඔප්පු කළ යුතු පුද පූජාත් ගැන දැනුම් දෙන පිණිස, ඔහු දේව මාලිගයට ගියේ ය.


එබැවින් කල්පනාකාරීව සිටින්න. වසර තුනක් තිස්සේ දිවා රෑ දෙක්හි කඳුළින් යුතුව, මා ඔබ එකිනෙකාට නො නැවතී අවවාද කළ බව මතක තබාගන්න.


තවද පාවුල් තමාට අල්ලසක් දෙතැයි බලාපොරොත්තුව ඔහු වරින් වර පාවුල් තමා වෙත කැඳවා, ඔහු හා කතා බහ කළේ ය.


ඒ අනුව, තීතස් පටන් ගෙන තිබූ පරිදි, මෙම අනුග්‍රාහක සේවය ඔබ අතරේත් සම්පූර්ණ කරන ලෙස, අපි ඔහුගෙන් උදක්ම ඉල්ලීමු.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්