එක් එක් සභාව සඳහා සභා-මූලිකයින් පත් කළ පාවුල් හා බාර්ණබස්, නිරාහාරව සිට, යාච්ඤා කොට තමන් විශ්වාසය තැබූ ස්වාමින්වහන්සේට ඔවුන් භාර කළහ.
2 කොරින්ති 8:19 - සිංහල කාලීන පරිවර්තනය එපමණක් නො වේ, ස්වාමින්වහන්සේගේ ගෞරවය උදෙසාත්, අපගේ උනන්දුව පෙන්නුම් කිරීමටත් අප විසින් මෙහෙය වන මෙම අනුග්‍රහයේ සහනාධාරය රැගෙන අප හා යෑමට සභා විසින් මොහු පත් කරනු ලැබ ඇත. Sinhala New Revised Version එපමණක් නොව, සමිඳාණන් වහන්සේගේ මහිමය උදෙසා ද අපගේ උද්‍යෝගයේ සාක්ෂියක් වශයෙන් ද පුදන මේ දීමනාව අප සමඟ ගෙන යන පිණිස අපේ සහකාරයා වීමට සභාවන් මඟින් ඔහු පත් කර ඇත. Sinhala New Revised Version 2018 එපමණක් නොව, සමිඳාණන් වහන්සේගේ මහිමය උදෙසා ද අපගේ උද්‍යෝගයේ සාක්ෂියක් වශයෙන් ද පුදන මේ දීමනාව අප සමඟ ගෙන යන පිණිස අපේ සහකාරයා වීමට සභාවන් මඟින් ඔහු පත් කර ඇත. Sinhala Revised Old Version එපමණක් නොව අපේ සේවයෙන් ඉෂ්ටකරන්නාවූ මේ ප්‍රසාදය ගැන අප සමඟ ගමන්කිරීමට ස්වාමීන්වහන්සේගේ ගෞරවයද අපගේ මනාපවීමද සඳහා ඔහුත් සභාවන් විසින් නියමකරනලද්දේය. |
එක් එක් සභාව සඳහා සභා-මූලිකයින් පත් කළ පාවුල් හා බාර්ණබස්, නිරාහාරව සිට, යාච්ඤා කොට තමන් විශ්වාසය තැබූ ස්වාමින්වහන්සේට ඔවුන් භාර කළහ.
ඉන්පසු තමන් අතරින් මිනිසුන් කීප දෙනකු තෝරා, පාවුල් හා බාර්ණබස් සමඟ අන්තියෝකිය වෙත යැවීම සුදුසු වග අපෝස්තුලුවරුනට හා සභා-මූලිකයනට ද මුළු සභාවට ද පෙනී ගියේ ය. සහෝදරයින් අතර නායකයින් වූ බර්සබස් නම් ලත් යූදස් ද සීලස් ද ඒ කාරිය සඳහා තෝරාගත් ඔවුහු,
එබැවින් ඒකමතිකව අප හැමගේ නිගමනය වූයේ, මිනිසුන් කීප දෙනකු තෝරා ඔබ වෙත එවීමයි. අප, ඔවුන් එවන්නේ අපගේ ප්‍රේමණීය සහෝදරයින් වන බාර්ණබස් හා පාවුල් යන
සිය සහායකයින් වූ තිමෝති හා එරස්තස් මකිදෝනිය වෙත පිටත් කළ පාවුල්, තවත් මඳ කලක් ආසියා කලාපයේ ගත කළේ ය.
සැණෙකින් මුළු නගරය පුරා මහත් ගාලගෝට්ටියක් පැන නැඟිණි. ඔවුහු පාවුල්ගේ ගමන් සගයින් වූ මකිදෝනියෙහි ගායස් හා අරිස්තාර්කස් අල්ලා, ඇදගෙන රංග පීඨයට කඩා වැදුණහ.
එපමණක් නො වේ; එම සමඟියට අප පත් කළ යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ මඟින් දෙවියන්වහන්සේ තුළ අපි ප්‍රමෝද වන්නෙමු.
මන්ද දෙවියන්වහන්සේගේ අනුග්‍රහය, වඩ වඩා බොහෝ ජනතාවක් වෙත පැතිර යෑමෙන්, දෙවියන්වහන්සේගේ තේජෝමහිමයට නැගෙන ස්තුති දීම් අධික වන පිණිස මේ සියල්ල ඔබ උදෙසා ය.
එබැවින් එලෙසම ක්‍රියාවෙන් දැන් එය සම්පූර්ණ කරන්න. ඔබට ඇති දෙයින් එය සම්පූර්ණ කිරීමෙන්, ඔබ ආශාවෙන් ඊට දැක්වූ ඕනෑකමට ද එය ගැළපේ.
මන්ද ඕනෑකම ඇත්නම්, එය පිළිගැනෙන්නේ කෙනකුට ඇති දේට අනුකූලව ය; ඔහුට නැති දේට අනුකූලව නො වේ.
අප මේ පියවර ගත්තේ අප විසින් මෙහෙය වන මෙම නො මසුරු තිළිණය ගැන කිසිවකුගේවත් දොස් දැක්මක් සිදු නො වන පිණිස ය.
මන්ද අකාය වාසීන් පසුගිය වසරේ සිටම සූදානමින් සිටින බැව් පවසමින්, මකිදෝනියෙහි ජනයාට ඔබ ගැන මා කළ පාරට්ටුව ලෙස, ඔබගේ ලැදි සූදානම ගැන මම දනිමි. ඔවුන් වැඩි දෙනකු පොලඹවනු ලැබුවේ ඔබගේ එම උද්යෝගයයි.
සියලු කල්හි, සියලු දේහි, සියල්ලෙන් සපිරි, සියලු යහපත් වැඩෙහි ඔබ ඉසුරුමත් වන පිණිස, සියලු අනුග්‍රහය ඔබට බහුල කරන්නට දෙවියන්වහන්සේට පුළුවන.