ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 කොරින්ති 11:8 - සිංහල කාලීන පරිවර්තනය

ඔබට සේවය කරන පිණිස, අනෙක් සභාවලින් ආධාර ලබාගැනීමෙන්, මම ඔවුන්ගෙන් කොල්ල කෑවෙමි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔබට සේවය කරන පිණිස, අන් සභාවලින් පැහැරගන්නා සේ ඔවුන්ගෙන් වැටුප් ගතිමි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔබට සේවය කරන පිණිස, අන් සභාවලින් පැහැරගන්නා සේ ඔවුන්ගෙන් වැටුප් ගතිමි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

නුඹලාට සේවයකරන පිණිස වෙන සභාවලින් කුලී ගනිමින් ඔවුන්ට අලාභකළෙමි.

පරිච්ඡේදය බලන්න



2 කොරින්ති 11:8
5 හුවමාරු යොමු  

අපි වෙහෙස වී, අපේම දෑතින් වැඩ කරන්නෙමු. අපට ශාප කරන කල, අපි සෙත් පතන්නෙමු. හිංසා කරන කල, ඒවා විඳ දරා ගන්නෙමු.


නැතහොත් යැපීම් සඳහා වැඩ කිරීමෙන් වැළකී සිටීමට අයිතිය නැත්තේ බාර්ණබස්ට හා මට පමණක් ද?


මා ඔබ සමඟ සිටියදී මට හිඟකම් ඇති වූ කල, ඔබ කිසිවකුට මා බරක් වූයේ නැත. මන්ද මකිදෝනියෙන් පැමිණි සහෝදරයෝ මගේ අවැසිතා සපිරූහ. මෙසේ මා ඔබට බරක් නො වූවාත් හැර, කිසි ලෙසකින් මා ඔබට බරක් වීමෙන් මතුත් වළකින්නෙමි.


සම්පූර්ණ දීමනාවක්, ඕනෑවටත් වඩා වූ දීමනාවක් ලද්දෙමි. එපප්‍රොදිතස් අත ඔබ විසින් මවෙත එවන ලද තෑගි ලැබ මම දැන් හොඳටම සෑහී සිටිමි. ඒවා, දෙවියන්වහන්සේට ප්‍රසන්න වූ සුවඳ පූජාවකි; පිළිගත මනා යාගයකි.