එහෙත් සර්පයා තම කපටිකමින් ඒව රැවටූ සේ, ක්‍රිස්තුස්වහන්සේ කෙරේ ඇති ඔබේ අවංක, පිරිසිදු කැපවීම වෙතින් ඔබේ සිත් මුළා කරනු ලැබේදෝයි බය වෙමි.
2 කොරින්ති 11:14 - සිංහල කාලීන පරිවර්තනය එය පුදුමයක් නො වේ. මන්ද සාතන් පවා තමාම ආලෝකයේ දූතයකුගේ වෙස් පලඳනා බැවිනි. Sinhala New Revised Version එය පුදුමයක් නොවේ. සාතන් පවා ආලෝකයේ දූතයෙකු මෙන් වෙස් වළාගනියි. Sinhala New Revised Version 2018 එය පුදුමයක් නොවේ. සාතන් පවා ආලෝකයේ දූතයෙකු මෙන් වෙස් වළාගනියි. Sinhala Revised Old Version මක්නිසාද සාතන් පවා ආලෝකයේ දූතයෙකුගේ වෙස් ගනියි. |
එහෙත් සර්පයා තම කපටිකමින් ඒව රැවටූ සේ, ක්‍රිස්තුස්වහන්සේ කෙරේ ඇති ඔබේ අවංක, පිරිසිදු කැපවීම වෙතින් ඔබේ සිත් මුළා කරනු ලැබේදෝයි බය වෙමි.
එහෙත් අප ඔබට දේශනා කළ එක හැර, වෙන අන් ශුභාරංචියක් අප හෝ ස්වර්ගයෙන් දේව දූතයකු හෝ ඔබට දේශනා කරන්නේ නම්, ඔහු ශාප ලද්දෙක් වේවා!
මන්ද අපගේ සටන ලෙයින්-මසින් යුතු මිනිස් සතුරනට එරෙහිව නො වේ. පාලන-බලවේගයනට එරෙහිව ය; අධිපතීන්ට එරෙහිව ය; මේ අන්ධකාර ලෝක බලවේගයනට එරෙහිව ය. ආකාශ බලමණ්ඩල දුෂ්ටාත්ම සේනාවන්ට එරෙහිව ය.
ආලෝක රාජ්‍යයෙහි ශුද්ධවන්තයින්ගේ උරුමයේ පංගුකාරකමට ඔබත් සුදුස්සකු කළ පියාණන්වහන්සේට තුති පුදමින් ද ඔබට සිටිනු හැකි වන පිණිස ය.
මන්ද අන්ධකාරයේ ආධිපත්‍යයෙන් අප මුදා ගෙන, ස්වකීය ප්‍රේමණීය පුතණුවන්ගේ රාජ්‍යයට අප ඇතුල්කර ගත්තේ උන්වහන්සේ ය.
ඒ මහ මකරා පහළට හෙළා දමනු ලැබී ය; මුළු ලෝකයේම රවටන්නා වූ යක්ෂයා හෙවත් සාතන් නමින් හැඳින් වූ ඒ පුරාණ සර්පයා පොළොවට හෙළා දමනු ලැබී ය. උගේ දූතයෝ ද ඌ සමඟ හෙළා දමනු ලැබූහ.