ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 කොරින්ති 1:13 - සිංහල කාලීන පරිවර්තනය

මන්ද ඔබට කියවන්නටත්, තේරුම් ගන්නටත් අපහසු කිසිවක් අප ඔබට ලියන්නේ නැත. මගේ බලාපොරොත්තුව ඔබ මුළුමනින්ම වටහා ගනු ඇත කියා ය; එනම්,

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

අප ඔබට ලියන්නේ කියවන්නටත් තේරුම්ගන්නටත් පුළුවන් දේ පමණ ය. දැනට ඔබ තේරුම්ගෙන තිබෙන්නේ අර්ධ වශයෙන් ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

අප ඔබට ලියන්නේ කියවන්නටත් තේරුම්ගන්නටත් පුළුවන් දේ පමණ ය. දැනට ඔබ තේරුම්ගෙන තිබෙන්නේ අර්ධ වශයෙන් ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එසේය, නුඹලා කියවන්නාවූද ඒත්තුගන්නාවූද කාරණයන් හැර වෙන කාරණයන් නුඹලාට නොලියමුව, නුඹලා කෙළවර දක්වා ඒවා ඒත්තුගන්නහුයයි බලාපොරොත්තුවෙමි.

පරිච්ඡේදය බලන්න



2 කොරින්ති 1:13
6 හුවමාරු යොමු  

දවස උදා වූ පසු, ඒ ගොඩබිම හඳුනා ගැනීමට ඔවුන්ට බැරි විය. එහෙත් වෙරළක් සහිත මුහුදු බොක්කක් දුටු ඔවුහු හැකි වේ නම් නැව එහි ගෙන යෑමට තීරණය කළහ.


යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ දවසේ ඔබ දෝෂයෙන් තොරව සිටින පිණිස, උන්වහන්සේ අවසානය දක්වාම ඔබ දරා සිටිනු ඇත.


එහෙත් අප, එම සෝදිසි කිරීමට අනුව අසමත්ව නැති වග ඔබ දැනගනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.


තවද ලජ්ජා සහගත රහස් මාර්ග අත්හළ අපි, වංචනිකව ක්‍රියා කිරීම හෝ දෙවියන්වහන්සේගේ වචනය විකෘති කිරීම ප්‍රතික්ෂේප කරන්නෙමු. අනෙක් අතට අපි, සත්‍යතාව ඇති සැටියෙන් ඉදිරිපත් කිරීමෙන් දෙවියන්වහන්සේගේ ඇස් හමුවේ හැම මිනිසකුගේම හෘදය සාක්ෂියට අප ගැන පැහැදීමක් දෙන්නෙමු.


එනිසා ස්වාමින්වහන්සේට භයවීම කුමක්දැයි දන්නා අපි, මිනිසුන්ට ඒත්තු ගැන්වීමට වැර දරන්නෙමු. අප කවුරුන්දැයි දෙවියන්වහන්සේ දන්නා සේක. අප කවුරුන්දැයි ඔබේ හෘදය සාක්ෂියත් එලෙසම දන්නේය යනු මගේ බලාපොරොත්තුවයි.


අප තුළ ක්‍රිස්තුස්වහන්සේ උදෙසා ඇති හැම හොඳ දෙයක් පිළිබඳව පූර්ණ අවබෝධයක් ඔබට ලැබෙන පිණිස, ඔබගේ ඇදහිල්ලේ හවුල්කාරකමෙහි ඔබ පලදායි වන පිණිස මම යාච්ඤා කරමි.