යමකුට වහලුන් සේ අවනත වීමට ඔබ ඉදිරිපත් වේ නම්, එය මරණයට ගෙන යන පාපය හෝ ධර්මිෂ්ඨකමට ගෙන යන කීකරුකමට හෝ එසේ අවනත වන දේට, ඔබ වහලකු වන බව දන්නේ නැති ද?
1 කොරින්ති 9:24 - සිංහල කාලීන පරිවර්තනය තරඟ දිවීමකදී සැවොම තරඟ වදින නමුත්, ත්‍යාගය ලබන්නේ එක් කෙනකු පමණක් බව ඔබ දන්නේ නැද්ද? එබැවින් එය අත්කර ගැනීමටම දුවන්න. Sinhala New Revised Version දිවීම් තරඟයක දී බොහෝ දෙනෙකු දුවන නමුත්, ත්‍යාගය දිනා ගන්නේ එක් කෙනෙකු පමණක් බව ඔබ නොදන්නහු ද? එසේ ම ඔබත් දිනන පිණිස දුවන්න. Sinhala New Revised Version 2018 දිවීම් තරඟයක දී බොහෝ දෙනෙකු දුවන නමුත්, ත්‍යාගය දිනා ගන්නේ එක් කෙනෙකු පමණක් බව ඔබ නොදන්නහු ද? එසේ ම ඔබත් දිනන පිණිස දුවන්න. Sinhala Revised Old Version දුවන ස්ථානයෙහි සියල්ලන්ම දුවන නුමුත් තෑග්ග ලබන්නේ එක්කෙනෙක්ම බව නොදනිවුද? එසේම නුඹලාත් ලබාගන්නා පිණිස දුවන්න. |
යමකුට වහලුන් සේ අවනත වීමට ඔබ ඉදිරිපත් වේ නම්, එය මරණයට ගෙන යන පාපය හෝ ධර්මිෂ්ඨකමට ගෙන යන කීකරුකමට හෝ එසේ අවනත වන දේට, ඔබ වහලකු වන බව දන්නේ නැති ද?
දේව මාලිග සේවයේ යෙදෙන්නන්, දේව මාලිගයෙන්ම ආහාර ලබන බවත්, පූජාසනයේ ආවතේව කරන්නන්, යාග පූජාවලින් කොටසක් ලබන බවත් ඔබ දන්නේ නැති ද?
එබැවින්, මා අරමුණක් නැතිව දුවන්නේ නැත. සුළඟට පහර දෙන මල්ලව පොරකරුවකු මෙන් පහර දෙන්නේ නැත.
මා එහි ගියේ, එළිදරවුවකට අනුව ය. මා දුවමින් සිටියේත්, දිව්වේත් නිෂ්ඵලව නො වන වග සහතික කරගන්නා පිණිස, අන්‍ය-ජාතීන් අතර මා ප්‍රකාශ කළ ශුභාරංචිය, ප්‍රධානීන් සේ සැලකුණු අයට පෞද්ගලිකව පෙන්වා දුන්නෙමි.
මෙසේ, මාගේ දිවීම හෝ මා දැරූ වෙහෙස නිෂ්ඵල නො වීය කියා ක්‍රිස්තුස්වහන්සේගේ දවසේදී මට උදම් ඇනිය හැකි වනු ඇත.
මේ දෑ මා අත්කර ගෙන සිටිනවා නො වේ. පරිපූර්ණත්වයට පමුණුවනු ලැබ සිටිනවාත් නො වේ. ක්‍රිස්තුස් යේසුස්වහන්සේ මා අල්ලා ගත්තේ කුමක් සඳහා ද, ඒ දෑ අල්ලා ගැනීමට වැර දරමින් සිටිමි.
ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේගෙන් වූ ස්වර්ගීය කැඳවීමේ දිනුම ලබන්නට දිනුම් කණුව කරා පෙරට දුවන්නෙමි.
ඔබට හිමි ත්‍යාගයට ඔබ නුසුදුස්සකු කිරීමට ව්‍යාජ යටහත්කමට හා දේව දූත නමස්කාරයට කැමති කිසිවකුට ඉඩ නො දෙන්න. තමන් දුටු දර්ශන ගැන පුරසාරම් දොඩමින්, තම මාංසික සිත් පුහු සංකල්පනාවලින් පුරවා ගෙන, උදාරම් වන
එබැවින් මෙතරම් ඉමහත් සාක්ෂිකරුවන් සමූහයක් අප වට කොට සිටින බැවින්, හැම බරක් හා පහසුවෙන් අප පටලවා ගන්නා පාපය පසෙක ලා, අප ඉදිරියේ සලසා ඇති තරඟ දිවුම,
පරීක්ෂා මැද නො සැලී ස්ථිරව සිටින මිනිසා භාග්‍යවත් ය. මන්ද ඔහු ඒ පරීක්ෂා ඉසිලූ පසු, තමන්වහන්සේට ප්‍රේම කරන්නවුන්ට දෙවියන්වහන්සේ පොරොන්දු වූ ජීවනයේ ඔටුන්න ලබන්නේ ය.
“මම ඉක්මනින් එමි. කිසිවකුත් ඔබේ ඔටුන්න උදුරා නො ගන්න ලෙසට, ඔබට ඇති දෑ තරකොට අල්ලාගෙන සිටින්න.