උන්වහන්සේ ඔවුන් අමතමින්, “දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ රහස් දැනගැනීමට ඔබට වර දී තිබේ. එහෙත් පිටස්තර අයට හැම දෙයක්ම දන්වන්නේ උපමා මඟිනි.
1 කොරින්ති 5:12 - සිංහල කාලීන පරිවර්තනය මන්ද පිටස්තර අය විනිශ්චය කිරීමට මට ඇති කාරිය කුමක් ද? ඔබ විනිශ්චය කළ යුතුව ඇත්තේ, ඇතුළත සිටින්නන් නො වේ ද? Sinhala New Revised Version සභාවෙන් පිටත වූවන් විනිශ්චය කිරීම මාගේ වැඩක් ද? දෙවියන් වහන්සේ ඔවුන් විනිශ්චය කරන සේක. Sinhala New Revised Version 2018 සභාවෙන් පිටත වූවන් විනිශ්චය කිරීම මාගේ වැඩක් ද? දෙවියන් වහන්සේ ඔවුන් විනිශ්චය කරන සේක. Sinhala Revised Old Version මක්නිසාද පිටත සිටින්නවුන් විනිශ්චයකරන්ට මට ඇති කම මොකද? නුඹලා වනාහි ඇතුළත සිටින්නන් විනිශ්චයකරනවා නොවේද? |
උන්වහන්සේ ඔවුන් අමතමින්, “දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ රහස් දැනගැනීමට ඔබට වර දී තිබේ. එහෙත් පිටස්තර අයට හැම දෙයක්ම දන්වන්නේ උපමා මඟිනි.
එහෙත් උන්වහන්සේ පිළිතුරු දෙමින්, “යහළුව, මා, ඔබ අතරේ විනිසකරුවකු හෝ බෙදුම්කරුවකු කොට පත් කළේ කවුරු දැ?” යි ඇසූ සේක.
යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මගේ රාජ්‍යය මෙලොවෙන් නො වෙයි. මගේ රාජ්‍යය මෙලොවෙන් වූවා නම්, මා අත්අඩංගුවට ගන්නට යුදෙව්වන්ට ඉඩ නො දී මගේ සේවකයින් සටන් වදින්නට තිබුණි. එනමුත් දැන් මාගේ රාජ්‍යය මේ ලෝකයෙන් නො වේ යැ” යි කී සේක.
කාලය ඉතා හොඳින් පාවිච්චි කරමින්, පිටස්තර අය සමඟ කටයුතු කිරීමේදී නැණවත්ව ක්‍රියා කරන්න.
එසේ වූ කල, ඔබගේ ජීවන රටාව, පිටස්තර අයගේ ගරුත්වය දිනාගනු ඇත. ඔබ අනුන්ගේ පිහිටෙන් යැපෙන්නකු ද නො වනු ඇත.
තවද ඔහු අපකීර්තියට හා යක්ෂයාගේ උගුලට හසු නො වන පිණිස, පිටස්තර අයගෙන් හොඳ නමක් දිනා ගත්තකු විය යුතු ය.