පරිසියා නැගිට, තමා තුළ මෙසේ යාච්ඤා කළා: ‘දෙවියන්වහන්ස, මම වෙනත් මිනිසුන් මෙන් නො වන බැවින් ඔබට ස්තුති කරමි. මා පැහැර ගන්නෙක් හෝ අධර්මිෂ්ඨයෙක් හෝ නො වේ. පරදාරිකයෙක් ද නො වේ. මේ බදු අය කරන්නා වගේ ද නො වේ.
1 කොරින්ති 5:10 - සිංහල කාලීන පරිවර්තනය ඉන් අදහස් කළේ, මේ ලෝකයේ ලිංගික අනාචාරීන් හෝ තණ්හාධිකයින් හා වංචනිකයින් හෝ පිළිම වඳින්නන් වෙතින් මුළුමනින් වෙන්ව සිටීම නො වේ. එසේ කිරීමට ඔබ මෙලොවින් ඉවත් විය යුතු වෙයි. Sinhala New Revised Version එයින් මා අදහස් කෙළේ මේ ලෝකයේ මිසදිටුවන් අතර සිටින, අනාචාරයේ හැසිරෙන අයගෙන් ද වස්තු තෘෂ්ණාව ඇති අයගෙන් ද කොල්ලකන අයගෙන් ද රූප වඳින අයගෙන් ද සම්පූර්ණයෙන් ම වෙන් වීම නොවේ. එසේ කිරීමට නම් ඔබ ලෝකයෙන් වෙන් විය යුතු ය. Sinhala New Revised Version 2018 එයින් මා අදහස් කෙළේ මේ ලෝකයේ මිසදිටුවන් අතර සිටින, අනාචාරයේ හැසිරෙන අයගෙන් ද වස්තු තෘෂ්ණාව ඇති අයගෙන් ද කොල්ලකන අයගෙන් ද රූප වඳින අයගෙන් ද සම්පූර්ණයෙන් ම වෙන් වීම නොවේ. එසේ කිරීමට නම් ඔබ ලෝකයෙන් වෙන් විය යුතු ය. Sinhala Revised Old Version නුමුත් මේ ලෝකයෙහි වේශ්‍යාකම්කරන්නන්වත් ලෝභයින් හා කොල්ලකාරයන්වත් රූප වඳින්නන්වත් සමඟ කොහෙත්ම සමාගම් නොපවත්වන හැටියට නොවේය; එසේ කරන්ට නම් නුඹලා ලෝකයෙන් අහක්ව යන්ට ඕනෑය. |
පරිසියා නැගිට, තමා තුළ මෙසේ යාච්ඤා කළා: ‘දෙවියන්වහන්ස, මම වෙනත් මිනිසුන් මෙන් නො වන බැවින් ඔබට ස්තුති කරමි. මා පැහැර ගන්නෙක් හෝ අධර්මිෂ්ඨයෙක් හෝ නො වේ. පරදාරිකයෙක් ද නො වේ. මේ බදු අය කරන්නා වගේ ද නො වේ.
ඔබ ලෝකයට අයිති නම්, තමන්ගේම එකකුට සේ ලෝකයා ඔබට ප්‍රේම කරනු ඇත. එහෙත් ලෝකයා ඔබට වෛර වන්නේ, ඔබ ලෝකයෙන් නො වන නිසාත්, මා ලෝකයෙන් ඔබ තෝරාගත් නිසාත් ය.
“ලෝකයෙන් ඔබ මට දුන් ජනයාට මම ඔබගේ නාමය ප්‍රකාශ කළෙමි. ඔවුන් ඔබවහන්සේගේ ය. ඔබ ඔවුන් මට දුන් සේක. ඔවුහු ද ඔබගේ වචනය රක්ෂා කළෝ ය.
මම ඔවුන් උදෙසා යාච්ඤා කරමි. ලෝකයා උදෙසා යාච්ඤා නො කරමි. එනමුත් ඔබ මට දුන්නවුන් උදෙසා යාච්ඤා කරමි. මන්ද ඔවුන් ඔබවහන්සේගේ ය.
ඔවුන් ඇමතූ උන්වහන්සේ, “නුඹලා පහළින් ය; මම ඉහළිනි. නුඹලා මෙලොවින් ය; මා මෙලොවින් නො වේ.
ප්‍රඥාවන්තයා කොහේ ද? දහම් පඬිවරයා කොහේ ද? මේ යුගයේ තර්කවාදියා කොහේ ද? දෙවියන්වහන්සේ, ලෝකයාගේ ප්‍රඥාව, අඥානකමට හැරවූවා නො වේ ද?
නො ඇදහිලිවත් කෙනකු ඔබට ආහාර වේලකට ඇරියුම් කළ විටෙක, එහි යෑමට ඔබත් කැමති නම්, ඔබට පිළිගන්වන කවර දෙයක් වුව, හෘදය සාක්ෂිය අරබයා ප්‍රශ්න නො කර, භුක්ති විඳින්න.
එහෙත් දැන් මා මේ ඔබට ලියන්නේ, ලිංගික අනාචාරයෙහි, තණ්හාවෙහි වරදකරුවකු වන කෙනකු හෝ පිළිම වඳින්නකු, අපහාසිකයකු, බේබද්දකු හෝ වංචනිකයකු වන සහෝදර නාමය දරන කිසිවකු සමඟ ඇසුරක් නො පවත්වන ලෙස හා එවැන්නකු සමඟ ආහාර ගැනීම නො කළ යුතු ය කියා ය.
එහිදී මේ ලෝකයේ දෙවියා නො ඇදහිලිවතුන්ගේ මනස් අන්ධ කරනු ලැබ ඇත්තේ, දෙවියන්වහන්සේගේ ස්වරූපය වන ක්‍රිස්තුස්වහන්සේගේ තේජසේ ශුභාරංචියේ ආලෝකය ඔවුනට නො පෙනෙන පිණිස ය.
එසේ වූයේ, ඔබ මෙලොව සම්මත දිවි රටාව හා අකීකරුකමේ පුත්‍රයින් තුළ දැනුදු ක්‍රියා කරන දුෂ්ටාත්මය වූ ආකාශ රාජධානි අධිපතියාගේ මාර්ග අනුගමන කරමින්, ඒවා තුළ ජීවත් වූ කාලයේ ය.
එසේ කළ යුත්තේ වංක වූ, දූෂිත වූ මිනිස් පරපුරක් මැද ජීවනයේ වචනය ඔබ තරකොට අල්ලා ගනිමින්, ලෝකයේ දිදුලන තරු විලස ඔබ නිර්දෝෂීව හා පවිත්‍රව දෙවියන්වහන්සේගේ නො කැළැල් දරුවන් වන පිණිස ය.
ප්‍රේමණීයයනි, අපි, එකිනෙකාට ප්‍රේම කරමු; මන්ද ප්‍රේමය දෙවියන්වහන්සේගෙන් ය. ප්‍රේම කරන කවුරුන් වුව, දෙවියන්වහන්සේගෙන් ඉපිද සිටින්නෙකි; දෙවියන්වහන්සේ හඳුනන්නෙකි.
ඒ මහ මකරා පහළට හෙළා දමනු ලැබී ය; මුළු ලෝකයේම රවටන්නා වූ යක්ෂයා හෙවත් සාතන් නමින් හැඳින් වූ ඒ පුරාණ සර්පයා පොළොවට හෙළා දමනු ලැබී ය. උගේ දූතයෝ ද ඌ සමඟ හෙළා දමනු ලැබූහ.