Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යොහන් 8:23 - සිංහල කාලීන පරිවර්තනය

23 ඔවුන් ඇමතූ උන්වහන්සේ, “නුඹලා පහළින් ය; මම ඉහළිනි. නුඹලා මෙලොවින් ය; මා මෙලොවින් නො වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 එබැවින් උන් වහන්සේ, කතා කොට, “ඔබ මෙලොවින් වන්නහු ය; මම එලොවින් වන්නෙමි. ඔබ මේ ලෝකයෙන් ය; මම මේ ලෝකයෙන් නොවෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 එබැවින් උන් වහන්සේ, කතා කොට, “ඔබ මෙලොවින් වන්නහු ය; මම එලොවින් වන්නෙමි. ඔබ මේ ලෝකයෙන් ය; මම මේ ලෝකයෙන් නොවෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

23 උන්වහන්සේද: නුඹලා පහළින් වන්නහුය; මම ඉහළින් වෙමි. නුඹලා මේ ලෝකයෙන් වන්නහුය; මම මේ ලෝකයෙන් නොවෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 8:23
15 හුවමාරු යොමු  

වචනයාණෝ මාංසය බවට පත්ව අප අතර වාසය කළ සේක; අනුග්‍රහයෙන් හා සත්‍යයෙන් පූර්ණ වූ උන්වහන්සේගේ තේජෝ මහිමය, පියාණන්වහන්සේ වෙතින් පැමිණි එකම පුතුණුවන්ගේ තේජෝ මහිමය අපි දුටුවෙමු.


මම ඔවුන්ට ඔබගේ වචනය දුනිමි. මා ලෝකයෙන් නො වන්නා සේ ම, ඔවුන් ද ලෝකයට අයිති නැති නිසා ලෝකයා ඔවුන්ට ද්වේෂ කළහ.


මා ලෝකයෙන් නො වන්නා සේ ම, ඔවුන් ද ලෝකයෙන් නො වේ.


ස්වර්ගයෙන් බැස්සාවූ තැනැත්තාණන් වන මනුෂ්‍ය පුත්‍රයාණන් මිස, කිසිවෙක් කිසි කලෙක ස්වර්ගයට නැඟුනේ නැත;


ඉහළින් එන තැනැත්තා හැමෝටම වඩා උතුම් ය; පොළොවෙන් වන තැනැත්තා අයිති පොළොවටයි. ඔහු කතා කරන්නේ පොළොවේ කෙනකු වාගෙයි. ස්වර්ගයෙන් එන තැනැත්තා සියල්ලන්ට වඩා උතුම් ය.


පරදාරික ජනයිනි, ලෝකය සමඟ මිත්‍රත්වය දෙවියන්වහන්සේ සමඟ සතුරු වීම වග ඔබ දන්නේ නැති ද? එබැවින්, ලෝකය හා මිතුරු වීමට කැමති කවරකු වුව, දෙවියන්වහන්සේ සමඟ සතුරු වෙයි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්