1 කොරින්ති 14:9 - සිංහල කාලීන පරිවර්තනය ඔබ පිළිබඳවත් එසේම ය; ඔබගේ දිවෙන් ඔබ තේරුම් ගත හැකි වචන කතා නො කළහොත්, කුමක් කියන්නේදැයි කෙනකු දැනගන්නේ කෙසේ ද? මන්ද ඔබ සුළඟට කතා කරනවා වැන්න. Sinhala New Revised Version එසේ ම, ඔබ අන් භාෂා කථනය කරන විට, පැහැදිලි ව කතා නොකරන්නෙහි නම්, ඔබ කියන දේ තේරුම්ගන්නේ කෙසේ ද? එය ඔබ සුළඟට කතා කරන්නාක් මෙන් වේ. Sinhala New Revised Version 2018 එසේ ම, ඔබ අන් භාෂා කථනය කරන විට, පැහැදිලි ව කතා නොකරන්නෙහි නම්, ඔබ කියන දේ තේරුම්ගන්නේ කෙසේ ද? එය ඔබ සුළඟට කතා කරන්නාක් මෙන් වේ. Sinhala Revised Old Version එසේම නුඹලාත් තේරුම්ගන්ට පහසු වචන දිවෙන් කථා නොකළොත්, කියන දේ දැනගන්නේ කොහොමද? නුඹලා හුළඟට කථාකරන්නාක්මෙන් වේ. |
එබැවින්, මා අරමුණක් නැතිව දුවන්නේ නැත. සුළඟට පහර දෙන මල්ලව පොරකරුවකු මෙන් පහර දෙන්නේ නැත.