අපට දෙන ලද අනුග්‍රහයට අනුව අප එකිනෙකාට ඇති දීමනා විවිධ ය. කෙනකුගේ දීමනාව දිවැස් වැකි පැවසීම නම්, තම ඇදහිල්ලේ ප්‍රමාණය අනුව භාවිත කරත්වා.
1 කොරින්ති 14:1 - සිංහල කාලීන පරිවර්තනය ප්‍රේමය ලුහුබැඳ යන්න. ආත්මික දීමනා ලබන්නට අතිශය ආශා වන්න. දිවැස් වැකි පැවසීමට වෙසෙසින් ආශා වන්න. Sinhala New Revised Version ප්‍රේමය ඔබේ පරමාර්ථය කර ගන්න. ආත්මික දීමනා, ප්‍රධාන කොට දිවැස් වැකි දෙසීම අත් කරගැනීමට වීර්ය කරන්න. Sinhala New Revised Version 2018 ප්‍රේමය ඔබේ පරමාර්ථය කර ගන්න. ආත්මික දීමනා, ප්‍රධාන කොට දිවැස් වැකි දෙසීම අත් කරගැනීමට වීර්ය කරන්න. Sinhala Revised Old Version ප්‍රේමය අනුව යන්න; ආත්මික දීමනාවලටද ආශාවෙන්න, ප්‍රධානකොට ධර්මවාක්‍ය කියන්ට ආශාවෙන්න. |
අපට දෙන ලද අනුග්‍රහයට අනුව අප එකිනෙකාට ඇති දීමනා විවිධ ය. කෙනකුගේ දීමනාව දිවැස් වැකි පැවසීම නම්, තම ඇදහිල්ලේ ප්‍රමාණය අනුව භාවිත කරත්වා.
එසේ නම් කුමක් කියමු ද? ධර්මිෂ්ඨකම හඹා ගිය නැති අන්‍ය-ජාතීහු, ධර්මිෂ්ඨකම අත්කර ගත්හ. ඒ, ඇදහිල්ල මඟින් ලැබෙන ධර්මිෂ්ඨකම ය.
එහෙත්, වඩා උතුම් දීමනා සඳහා ඕනෑකමින් ආශා වන්න. වඩාත් විශිෂ්ට මාර්ගය මම දැන් ඔබට පෙන්වා දෙමි.
දැන්, පවතින්නේ ඇදහිල්ල, බලාපොරොත්තුව හා ප්‍රේමය යන තුන ය. මෙයින් වඩා උතුම් වන්නේ ප්‍රේමයයි.
මට දිවැස් වැකි කීමේ දීමනාව ද සියලු අබිරහස් ගැන වැටහීම හා සකල දැනගැන්ම ද ඇතත්, කඳු එහා මෙහා කරන සම්පූර්ණ ඇදහිල්ල ඇතත්, ප්‍රේමය නැතිනම් මම හිස් පුද්ගලයෙක්මි.
එබැවින් අන්‍ය භාෂා ඇදහිලිවතුන් උදෙසා නො ව, නො අදහන්නන්ට ලකුණකි. එහෙත් දිවැස් වැකි නො අදහන්නන්ට නො ව, ඇදහිලිවතුන් උදෙසා ය.
තමා දිවැසිවරයෙක් ය, ආත්මික කෙනෙක් ය කියා යමෙක් සිතන්නේ නම්, මා ඔබට ලියන දෑ ස්වාමින්වහන්සේගේ ආඥාවක් වග ඔහු ඒත්තු ගත යුතු ය.
දෙවියන්වහන්සේ ද අපගේ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පියාණන්වහන්සේ ද වූ තැනැන්වහන්සේට ප්‍රශංසා වේවා! උන්වහන්සේ, ස්වර්ග බලමණ්ඩලයන්හි සෑම ආත්මික ආශිර්වාදයකින්ම, ක්‍රිස්තුස්වහන්සේ තුළ අපට ආශිර්වාද කළ සේක.
සභා වැඩිමහල්ලන් ඔබ මත අත් තබා, දිවැසි පණිවුඩයක් මඟින් ඔබට දානය කරන ලද දීමනාව, නො සලකා නො හරින්න.
යහ වැඩ ගැන හොඳ නමක් ඇති තැනැත්තියකි; එනම්, දරුවන් ඇති දැඩි කළ, ආගන්තුක සත්කාර පෑ, ශුද්ධවතුනගේ පා සේදූ, දුකට පත්වූවනට පිහිට වූ, හැම හොඳ වැඩකටම කැපව සිටි තැනැත්තියකි.
එහෙත් දෙවියන්වහන්සේගේ මනුෂ්‍යය, ඔබ මේ හැම වෙතින් පලා ගොස්, ධර්මිෂ්ඨකම ද දේව භක්තිය ද ඇදහිල්ල හා ප්‍රේමය ද තිරසර බව හා මුදු මෙලෙක් ගුණය ද හඹා යන්න.
තාරුණ්‍යයේ ආශා වෙතින් පලායමින්, පිරිසිදු හදවතින් ස්වාමින්වහන්සේ අමතන්නවුන් සමඟ ධර්මිෂ්ඨකමත්, ඇදහිල්ලත්, ප්‍රේමයත්, සාමයත් ලුහුබැඳ යන්න.
සියලු දෙනා සමඟ සාමයෙන් විසීමටත්, ශුද්ධවත් ජීවිතයක් ගත කිරීමටත් පරිශ්‍රම දරන්න. ශුද්ධත්වයෙන් තොරව කිසිවකුත් ස්වාමින්වහන්සේ දකින්නේ නැත.
ප්‍රේමණීයය, නොහොඳ අනුගමන නො කර, හොඳ දෑ අනුගමන කරන්න. හොඳ කරන්නා දෙවියන්වහන්සේගෙනි. නපුර කරන කවරකු වුව ද දෙවියන්වහන්සේ දැක නැත.