1 කොරින්ති 12:15 - සිංහල කාලීන පරිවර්තනය “මා අතක් නො වන බැවින් ශරීරයට මා අයිති නැතැ” යි පාදය කිව හැකි නමුදු, එයින් එය ශරීරයේ කොටසක් නො වන්නේ නැත. Sinhala New Revised Version යම් හෙයකින් පාදය: “මම අත නොවන බැවින් ශරීරයට අයිති නොවෙමි”යි කීවත්, ඒ නිසා එය ශරීරයට අයිති නොවන්නේ නොවේ. Sinhala New Revised Version 2018 යම් හෙයකින් පාදය: “මම අත නොවන බැවින් ශරීරයට අයිති නොවෙමි”යි කීවත්, ඒ නිසා එය ශරීරයට අයිති නොවන්නේ නොවේ. Sinhala Revised Old Version ඉඳින් පාදය: මම අත නොවන බැවින් ශරීරයට අයිති නොවෙමියි කීවත් ඒ නිසා ශරීරයට අයිති නොවන්නේ නොවේ. |
තවද, “මා ඇසක් නො වන බැවින් ශරීරයට මා අයිති නැතැ” යි කන කිව හැකි නමුදු, එයින් එය ශරීරයේ කොටසක් නො වන්නේ නැත.