ඒ, “මම බොහෝ ජාතීන්ට ඔබ පියාණන් කළෙමි” යි ලියා ඇති පරිදි, ආබ්‍රහම් තමා විශ්වාසය තැබූ දෙවියන්වහන්සේ ඉදිරියේ ය; උන්වහන්සේ මළවුන්ට ජීවනය දෙන, නැති දේ ඇති දේ වන්නට අණ කරන තැනැන්වහන්සේ ය.
1 කොරින්ති 1:28 - සිංහල කාලීන පරිවර්තනය දැන් පවතින දෑ නිෂ්ප්‍රභා කරන පිණිස දෙවියන්වහන්සේ තෝරා ගත්තේ, ලෝකයා විසින් පහත් කොට, නීච කොට සලකන එමෙන්ම දැන් නො පවතින දෑ ය. Sinhala New Revised Version ලෝකයා අගය කොට සලකන දේ නැති කරනු පිණිස, දෙවියන් වහන්සේ ලෝකයා පහත් කොට සලකන, හෙළා දකින, එමෙන් ම වැදගැම්මක් නැතැ යි සලකන දේ, තෝරාගත් සේක. Sinhala New Revised Version 2018 ලෝකයා අගය කොට සලකන දේ නැති කරනු පිණිස, දෙවියන් වහන්සේ ලෝකයා පහත් කොට සලකන, හෙළා දකින, එමෙන් ම වැදගැම්මක් නැතැ යි සලකන දේ, තෝරාගත් සේක. Sinhala Revised Old Version ඇත්තාවූ දේවල් නැති කරන පිණිස නැති දේවල් වැනි ලෝකයේ පහත් දේවල්ද සුළුකොට සිතනු ලබන දේවල්ද දෙවියන්වහන්සේ තෝරාගත්සේක. |
ඒ, “මම බොහෝ ජාතීන්ට ඔබ පියාණන් කළෙමි” යි ලියා ඇති පරිදි, ආබ්‍රහම් තමා විශ්වාසය තැබූ දෙවියන්වහන්සේ ඉදිරියේ ය; උන්වහන්සේ මළවුන්ට ජීවනය දෙන, නැති දේ ඇති දේ වන්නට අණ කරන තැනැන්වහන්සේ ය.
ප්‍රඥාවන්තයා කොහේ ද? දහම් පඬිවරයා කොහේ ද? මේ යුගයේ තර්කවාදියා කොහේ ද? දෙවියන්වහන්සේ, ලෝකයාගේ ප්‍රඥාව, අඥානකමට හැරවූවා නො වේ ද?
එසේ වුව ද පරිණතවූවන් අතරේ අපි ප්‍රඥාව කතා කරන්නෙමු. එය, මේ වත්මන් යුගයේ හෝ මතු අහෝසි වන මේ යුගයේ බලධාරීන්ගේ ප්‍රඥාවක් නො වේ.
මම අනුවණයකු වීමි. එහෙත් ඊට බල කළේ ඔබයි. මන්ද මා ගැන සාක්ෂි දිය යුතුව තිබුණේ ඔබ ය. මන්ද මා ගණන් ගතයුත්තකු නො වුවත්, ඒ සුපිරි අපෝස්තුලුවරුනට වඩා කෙලෙසකවත් මා අඩු නැත.
නොපනත්කමේ මිනිසා එළිදරවු කරනු ලබන්නේ ඉන්පසුව ය; යේසුස් ස්වාමින්වහන්සේ සිය මුවෙහි හුස්මෙන් ඔහු නසා හෙළා, ස්වකීය ආගමනයේ තේජසින් ඔහු වනසනු ඇත.
එම දරුවන් ලෙයින් හා මසින් පංගුකාර වූ බැවින් උන්වහන්සේ ද එම ස්වභාවයට පංගුකාර වූ සේක. එසේ කළේ, මරණය මඟින් මරණයේ බලධාරියා වන යක්ෂයා විනාශ කරන පිණිසත්,
එකම එක පැයකින් ඒ සියලු ධනය නැති නාස්ති වී ඇත.’ “සියලු නැව්පතීහු ද මුහුදු ගමන්හි යෙදෙන සැවොම ද නාවිකයින් හා මුහුදින් දිවි රැකගන්නා සැවොම ද ඈත්ව සිටගෙන,