“එහෙත් ඔබ, අනුන් ලවා රබ්බී කියා අමතා ගත යුතු නැත. මන්ද ඔබට සිටින්නේ එක ගුරුවරයෙකි. ඔබ හැම සහෝදරයින් ය.
1 කොරින්ති 1:12 - සිංහල කාලීන පරිවර්තනය මා අදහස් කරන්නේ මෙයයි: “මම පාවුල් අනුගමන කරමි” කියා හෝ, “මම අපොල්ලොස් අනුගමන කරමි” කියා හෝ, “මම කේපස් අනුගමන කරමි” කියා හෝ “මම ක්‍රිස්තුස්වහන්සේ අනුගමන කරමි” කියා හෝ ඔබ එකිනෙකා පවසන බවයි. Sinhala New Revised Version මා කියන්නේ මෙය යි: ඔබ අතර ඇතැමෙක්, ‘මම පාවුලුගේ පැත්තට ය’; ඇතැමෙක්, ‘මම අපොල්ලොස්ගේ පැත්තට ය’; ඇතැමෙක්, ‘මම කේපස්ගේ පැත්තට ය’; ඇතැමෙක්, ‘මම ක්‍රිස්තුන් වහන්සේගේ පැත්තට ය’යි කියති. Sinhala New Revised Version 2018 මා කියන්නේ මෙය යි: ඔබ අතර ඇතැමෙක්, ‘මම පාවුලුගේ පැත්තට ය’; ඇතැමෙක්, ‘මම අපොල්ලොස්ගේ පැත්තට ය’; ඇතැමෙක්, ‘මම කේපස්ගේ පැත්තට ය’; ඇතැමෙක්, ‘මම ක්‍රිස්තුන් වහන්සේගේ පැත්තට ය’යි කියති. Sinhala Revised Old Version ඉඳින් මාගේ තේරුම නම්, නුඹලා එක් එක්කෙනා: මම පාවුල්ගේය; මම අපොල්ලොස්ගේය; මම කේපස්ගේය; මම ක්‍රිස්තුස්වහන්සේගේයයි කියන බවය. |
“එහෙත් ඔබ, අනුන් ලවා රබ්බී කියා අමතා ගත යුතු නැත. මන්ද ඔබට සිටින්නේ එක ගුරුවරයෙකි. ඔබ හැම සහෝදරයින් ය.
ඔහු යේසුස්වහන්සේ වෙත සීමොන් කැඳවාගෙන ආවේ ය. යේසුස්වහන්සේ ඔහු දෙස බලා, “ඔබ යොහන්ගේ පුත්‍ර සීමොන් ය. ඔබ කේපස් නමින් හඳුන්වනු ලබන්නේ යැ” යි කී සේක. (එහි අර්ථය පේතෘස් ය).
මේ අතර ඇලෙක්සන්ද්‍රීය වාසී අපොල්ලොස් නම් යුදෙව්වෙක් එපීසය වෙත ආවේ ය. ඔහු උගතෙකි; ශුද්ධ ලියවිලි පිළිබඳ විශාරදයෙකි.
අපොල්ලොස් කොරින්තියෙහි සිටියදී, පාවුල් රට මැද්දෙන් ගමන් කර, එපීසය වෙත ළඟා විය. එහිදී ඔහුට ගෝලයින් ඇතමකු හමු වී,
සහෝදරයිනි, මසට හා ලෙයට දෙවියන්වහන්සේගේ රාජ්‍යය උරුම කර ගත නො හැකි වග, දිරා යන දේට නො දිරන දේ උරුම නැති වග මම ඔබට ප්‍රකාශ කරමි.
දැන්, අප සහෝදර අපොල්ලොස් ගැන: අනෙක් සහෝදරයින් සමඟ ඔබ වෙත එන්නැයි මා ඕනෑකමින් ඉල්ලා සිටියත්, දැන්ම ඒමට ඔහු කොහෙත්ම කැමති නැත. එහෙත් ඉඩ ලැබුණු කල ඔහු එනු ඇත.
සහෝදරයිනි, අපොල්ලොස් හා මා අදාළ කරමින්, මා මේ සියල්ල ඔබගේ යහපත තකා ලීවේ, ලියා තිබෙන දේ ඉක්මවා නො යන පිණිස, ඔබ අපගෙන් ඉගෙන ගන්නා පිණිස ය. කෙනකුට එරෙහිව වෙනත් කෙනකු උදෙසා ඔබ උඩඟු නො වන පිණිස ය.
සහෝදරයිනි, මා අදහස් කරන්නේ මෙයයි. ඉතිරි වී ඇති කාලය කෙටි ය. භාර්යාවන් ඇති අය මෙතැන් පටන් භාර්යාවන් නැත්තන් මෙන් වෙසෙත්වා.
සෙසු අපෝස්තුලුවරුන් ද ස්වාමින්වහන්සේගේ සහෝදරයින් හා කේපස් ද මෙන් ඇදහිලිවත් භාර්යාවක කැටිව යන්නට අයිතිය අපට නැද්ද?
ඔබ බලන්නේ, ඔබගේ ඇසට පෙනෙන ලෙස ය. තමා ක්‍රිස්තුස්වහන්සේට අයත් යයි යමකුට සහතික නම්, ඔහු ක්‍රිස්තුස්වහන්සේට අයිතිවා සේ, අපත් අයිති බැව් කල්පනාවට ගනීවා.
මෙය සිහි තබාගන්න: අඩුවෙන් වපුරන්නා අඩුවෙන් කපා ගනී; වැඩියෙන් වපුරන්නා, වැඩියෙන් කපා ගනී.
මට දී තිබූ ඒ අනුග්‍රහය හැඳිනගත් කල, සභා කණු මෙන් සැලකෙන යාකොබ්, කේපස් හා යොහන් පංගුකාරකමේ දකුණත බාර්ණබස්ටත්, මටත් දුන්නේ, අප අන්‍ය-ජාතීන් වෙතත්, ඔවුන් චර්මඡේදිතයින් වෙතත් යා යුතු බවට එකඟ වෙමිනි.
මා අදහස් කරන්නේ මෙයයි: දෙවියන්වහන්සේ විසින් ස්ථාපිත ගිවිසුම, ඉන් වසර හාරසිය තිහකට පසු පැමිණි දහම් නීතිය මඟින් අවලංගු කළ නො හැකි බවයි; එමඟින් පොරොන්දුව නිෂ්ප්‍රභා කළ නො හැකි බවයි.