Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගලාති 3:17 - සිංහල කාලීන පරිවර්තනය

17 මා අදහස් කරන්නේ මෙයයි: දෙවියන්වහන්සේ විසින් ස්ථාපිත ගිවිසුම, ඉන් වසර හාරසිය තිහකට පසු පැමිණි දහම් නීතිය මඟින් අවලංගු කළ නො හැකි බවයි; එමඟින් පොරොන්දුව නිෂ්ප්‍රභා කළ නො හැකි බවයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 මා කියන්නේ මෙය යි: දෙවියන් වහන්සේ විසින් කලින් ස්ථීර කරන ලද ගිවිසුමක් ඊට හාරසිය තිස් අවුරුද්දකට පසු පැමිණි ව්‍යවස්ථාවෙන් අවලංගු කරන්න වත්, පොරොන්දු නිෂ්ප්‍රභ කරන්න වත් නොහැකි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 මා කියන්නේ මෙය යි: දෙවියන් වහන්සේ විසින් කලින් ස්ථීර කරන ලද ගිවිසුමක් ඊට හාරසිය තිස් අවුරුද්දකට පසු පැමිණි ව්‍යවස්ථාවෙන් අවලංගු කරන්න වත්, පොරොන්දු නිෂ්ප්‍රභ කරන්න වත් නොහැකි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

17 ඒ වංශය නම් ක්‍රිස්තුස්වහන්සේය. ඉදින් මා කියන්නේ නම්: දෙවියන්වහන්සේ විසින් කලින් ස්ථිරකරනලද ගිවිසුමක්, ඊට හාරසිය තිස් අවුරුද්දකට පසු පැමුණුණාවූ ව්‍යවස්ථාවෙන්, පොරොන්දුව නිෂ්ඵලවන ලෙස, අවලංගුකරන්ට නුපුළුවන් බවය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගලාති 3:17
39 හුවමාරු යොමු  

මන්ද දෙවියන්වහන්සේගේ සියලු පොරොන්දු, උන්වහන්සේ තුළ “ඔව්” වේ. උන්වහන්සේගේ ගෞරවය පිණිස අප දෙවියන්වහන්සේට අපගේ “ආමෙන්!” යන්න උන්වහන්සේ තුළින් පවසන්නේ එබැවිනි.


ඇතමකු අවිශ්වාසවන්ත වූවා නම් කිමෙක් ද? ඔවුන්ගේ විශ්වාසය නොමැතිකමින් දෙවියන්වහන්සේගේ විශ්වාසී භාවය අහෝසි වේ ද?


මා මෙසේ කියන්නේ කිසිවකුගේ හෝ සියුම් චාටු තර්කවලින් ඔබ මුළා නො වන පිණිස ය.


දහම් නීතිය මඟින් දමිටු කරනු ලබන්නට කැමති ඔබ, ක්‍රිස්තුස්වහන්සේ වෙතින් පිට මං කරනු ලැබ, අනුග්‍රහයෙන් වැටී ගියහු ය.


එදිනෙදා ජීවිතයෙන් උදාහරණයක් ගතහොත්, සහෝදරයිනි, මිනිසුන් අතරේ යම් ගිවිසුමක් ස්ථිර කරන ලද පසු, එය අවලංගු කිරීම හෝ ඊට යමක් එකතු කිරීම හෝ කළ නො හැක.


බව්තීස්ම කිරීමේ කාරියට ක්‍රිස්තුස්වහන්සේ මා යැව්වේ නැත. යැව්වේ ශුභාරංචිය දේශනා කරන්නට ය. ඒ ද ප්‍රඥාවේ චතුර වචනවලින් නො වේ. ඒ, ක්‍රිස්තුස්වහන්සේගේ කුරුසියේ බලය ශූන්‍ය නො වන පිණිස ය.


දහම් නීති සංග්‍රහය දෙන ලද්දේ, මෝසෙස් මඟිනි. අනුග්‍රහය හා සත්‍යය පැමිණියේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මඟිනි.


ලෝකය මැවීමටත් පළමුවෙන් හැඳින සිටි නමුදු, උන්වහන්සේ විද්‍යමාන කරන ලද්දේ ඔබ උදෙසා මේ අවසන් කාලවලදී ය.


ඇදහිල්ලෙහි පිහිටා සිටි මේ හැම කෙනකුම මිය ගියේ, පොරොන්දු වූ දෑ නො ලැබ, එහෙත් ඒවා දුරතියා දැක, සාදරයෙන් ඒවා පිළිගනිමිනි; තමන් මේ පොළොවට පිටදේශක්කරුවන් හා ආගන්තුකයින් වග පිළිගනිමිනි.


අනෙක් අතට, පැරණි ආඥාව එහි දුබලතා හා නිෂ්ඵලතා හේතු කොට ඉවත ලනු ලැබ ඇත.


එබැවින් මා ඔබට කියන්නේත්, ස්වාමින්වහන්සේ තුළ තරයේම ඔබෙන් ඉල්ලන්නේත්, තවදුරටත් අන්‍ය-ජාතීන් මෙන් තම නිස්සාර කල්පනා අනුව ජීවිතය ගත නො කරන ලෙසයි.


එසේ නම් දහම් නීතිය දෙවියන්වහන්සේගේ පොරොන්දු හා ප්‍රති විරෝධී ද? සත්තකින්ම නැත! මන්ද ජීවනය ගෙන දිය හැකි දහම් නීතියක් දී තිබුණි නම්, ඇත්තෙන්ම ධර්මිෂ්ඨකම දහම් නීතිය මඟින් ආ හැකිව තිබිණි.


මෙය සිහි තබාගන්න: අඩුවෙන් වපුරන්නා අඩුවෙන් කපා ගනී; වැඩියෙන් වපුරන්නා, වැඩියෙන් කපා ගනී.


එසේ නම් මා අදහස් කරන්නේ කුමක් ද? පිළිමවලට පිදූ ආහාර යමක්ය, පිළිම-රූපය යමක්ය කියා ද?


සහෝදරයිනි, මා අදහස් කරන්නේ මෙයයි. ඉතිරි වී ඇති කාලය කෙටි ය. භාර්යාවන් ඇති අය මෙතැන් පටන් භාර්යාවන් නැත්තන් මෙන් වෙසෙත්වා.


මා අදහස් කරන්නේ මෙයයි: “මම පාවුල් අනුගමන කරමි” කියා හෝ, “මම අපොල්ලොස් අනුගමන කරමි” කියා හෝ, “මම කේපස් අනුගමන කරමි” කියා හෝ “මම ක්‍රිස්තුස්වහන්සේ අනුගමන කරමි” කියා හෝ ඔබ එකිනෙකා පවසන බවයි.


උන්වහන්සේගේ ලේ තුළ ඇදහීම මඟින්, පාප වන්දි නිවාරණය ලබා ගැනීමට සලසා දුන්නේ දෙවියන්වහන්සේ ය. එසේ කර ඇත්තේ, තමන්වහන්සේගේ දිව්‍ය ඉවසිලිවත්කම හේතු කොට, පෙර කල්හි කළ පාප නො සලකා හැරීමෙන්, දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම පෙන්වීමට ය.


දෙවියන්වහන්සේ ඔහුට පැවසූයේ, ‘ඔබගේ දරු පරපුර වසර හාරසියයක කාලයක් අනුන්ගේ දේශයක වහල් භාවයට හා තාඩන-පීඩනයට පත් වෙමින්, පිටදේශීන් මෙන් ගත කරනු ඇත.


එබැවින් මා ඔබට කියන්නේ, ආත්මයාණන්වහන්සේ මඟින් හැසිරෙන්න කියායි. එවිට ඔබ, මාංසයේ ආශා පිනවන්නේ නැත.


එකල ඔබ ක්‍රිස්තුස්වහන්සේගෙන් වෙන්ව, ඉශ්‍රායෙල් පුරවැසි භාවයට පිටස්තරයින්ව, පොරොන්දුවේ ගිවිසුම්වලට පරදේශිකව, බලාපොරොත්තු රහිතව, දෙවියන්වහන්සේගෙන් තොරව ලෝකයේ සිටි හැටි සිහි කරන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්