එකල ඔව්හු කථාකොට: එන්න, අපි යෙරෙමියාට විරුද්ධව උපා යොදමු; මක්නිසාද පූජකයාගෙන් ව්‍යවස්ථාවවත් ප්‍රඥාවන්තයාගෙන් මන්ත්‍රණයවත් අනාගතවක්තෘගෙන් වචනයක්වත් නැතිව නොයන්නේය. එන්න, අපි ඔහුට දිවෙන් පහරදී, ඔහුගේ කිසිම වචනයකට ඇහුම්කන් නොදී සිටිමුයයි කීවෝය.
හොෂෙයා 4:4 - Sinhala Revised Old Version එහෙත් කිසිවෙක් පැමිණිලි නොකෙරේවා, කිසිවෙක් අවවාද නොකෙරේවා; මක්නිසාද නුඹේ සෙනඟ පූජකයා සමඟ පැමිණිලිකරන අය වාගේය. Sinhala New Revised Version “සෙනඟට විරුද්ධ ව කිසිවෙක් චෝදනාවක් වත්, පැමිණිල්ලක් වත් නොකරත් වා! මාගේ චෝදනාව පූජකයන්ට විරුද්ධ ව ය. Sinhala New Revised Version 2018 “සෙනඟට විරුද්ධ ව කිසිවෙක් චෝදනාවක් වත්, පැමිණිල්ලක් වත් නොකරත් වා! මාගේ චෝදනාව පූජකයන්ට විරුද්ධ ව ය. |
එකල ඔව්හු කථාකොට: එන්න, අපි යෙරෙමියාට විරුද්ධව උපා යොදමු; මක්නිසාද පූජකයාගෙන් ව්‍යවස්ථාවවත් ප්‍රඥාවන්තයාගෙන් මන්ත්‍රණයවත් අනාගතවක්තෘගෙන් වචනයක්වත් නැතිව නොයන්නේය. එන්න, අපි ඔහුට දිවෙන් පහරදී, ඔහුගේ කිසිම වචනයකට ඇහුම්කන් නොදී සිටිමුයයි කීවෝය.
මම නුඹේ දිව නුඹේ උඩුතල්ලේ ඇලෙන්ට සලස්වන්නෙමි, එවිට නුඹ ගොළුවී, ඔවුන්ට තරවටුකරන මනුෂ්‍යයෙක් නොවී සිටිනවා ඇත. මක්නිසාද ඔව්හු කැරළිකාර වංශයක්ය.
යමෙකුගේ ඇට ගෙයින් පිටතට ගෙනයන්ට ඔහුගේ මාමාද ඔහු පුලුස්සන්නාද ඔහු උස්සන විට, ගෙය ඇතුළේ ඉන්න අයට කථාකරමින්: නුඹ සමඟ තවත් යමෙක් ඇද්දැයි අසන්නේය; ඔහු: නැතැයි කියනවා ඇත. එවිට ඔහු: නිශ්ශබ්දව ඉඳින්න; ස්වාමීන්වහන්සේගේ නාමය අප විසින් සඳහන්කරන්ට හොඳ නැතැයි කියනවා ඇත.
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සේවයකිරීමට එහි සිටින පූජකයාටවත් විනිශ්චයකාරයාටවත් ඇහුම්කන් නොදී අහංකාර කමින් හැසිරෙන මනුෂ්‍යයා මරනු ලැබේවා. මෙසේ ඉශ්‍රායෙල්වරුන් අතරෙන් නපුර පහකරන්න.