එහිදී සෙනඟට වතුර පිපාසා විය; එහෙයින් සෙනඟ කථාකොට: අපද අපේ දරුවන්ද අපේ සිව්පාවුන්ද පිපාසායෙන් මරවන්ට මිසරයෙන් අප කුමට ගෙනායෙහිද කියා මෝසෙස්ට විරුද්ධව කොඳුළෝය.
හොෂෙයා 2:3 - Sinhala Revised Old Version නැත්නම් මම ඈ නග්නකොට, ඈ උපන් දවසේදී මෙන් ඈ සිටුවා, කාන්තාරයක් මෙන් කර, වියළි දේශයක් මෙන් තබා, ඈ පිපාසායෙන් නසන්නෙමි; Sinhala New Revised Version එසේ නොකළොත් මම ඇය නිරුවත් කරමි; උපන් දා මෙන් නග්න කරමි. නිසරු මරුකතරක් මෙන් ද වියළුණු පාළුකරයක් මෙන් ද වෙන්නට සලස්වන්නෙමි. ඇය පිපාසයෙන් නසන්නෙමි. Sinhala New Revised Version 2018 එසේ නොකළොත් මම ඇය නිරුවත් කරමි; උපන් දා මෙන් නග්න කරමි. නිසරු මරුකතරක් මෙන් ද වියළුණු පාළුකරයක් මෙන් ද වෙන්නට සලස්වන්නෙමි. ඇය පිපාසයෙන් නසන්නෙමි. |
එහිදී සෙනඟට වතුර පිපාසා විය; එහෙයින් සෙනඟ කථාකොට: අපද අපේ දරුවන්ද අපේ සිව්පාවුන්ද පිපාසායෙන් මරවන්ට මිසරයෙන් අප කුමට ගෙනායෙහිද කියා මෝසෙස්ට විරුද්ධව කොඳුළෝය.
දේශය ශෝකවී මැලවේ. ලෙබනොන් ලජ්ජාවී වියලෙයි. ෂාරොන් කාන්තාරයක් මෙන්ය; බාෂාන් සහ කර්මෙල් කොළ හෙළාදමයි.
නුඹේ නග්න භාවය ප්‍රකාශවන්නේය, නුඹේ ලජ්ජාවත් පෙනෙන්නේය. මම පළිගන්නෙමි, කිසි මනුෂ්‍යයෙකු පිළි නොගන්නෙමි.
බොහෝ එඬේරු මාගේ මිදිවත්ත නාස්තිකළෝය, ඔව්හු මාගේ කොටස පාගාදැමුවෝය, මාගේ ප්‍රිය කොටස පාළු කාන්තාරයක් කළෝය.
මේවා මම සිද්ධවුණේ මක්නිසාදැයි නුඹේ සිත තුළ නුඹ ඇසුවාම, නුඹේ අයුතුකමේ ඇඳුම් අහක්කරනු ලැබ, නුඹේ වහන්ද උදුරනු ලැබූ බව දැනගන්න.
ඔවුන්ගේ උත්තමයෝ තමුන් යටතේ සිටින්නන් වතුර ගෙනෙන්ට හරිති. ඔව්හු ළින් ළඟට පැමිණ වතුර සම්බනොවී, හිස් භාජන ඇතුව හැරීඑති. ඔව්හු ලජ්ජාවටත් නින්දාවටත් පැමිණ තමුන්ගේ හිස් වසාගනිති.
ඔහු මරුකතරේ රෝතෙම් ගහකට සමානවී, යහපත පැමිණෙන විට එය නොදැක, ලුණු භූමියක්ව තිබෙන්නාවූ, වැසියන් නැත්තාවූ කාන්තාරයේ වියළි තැන්වල වාසයකරනවා ඇත.
එම්බා වංශය, ස්වාමීන්වහන්සේගේ වචනය බලන්න. මම ඉශ්‍රායෙල්වරුන්ට කාන්තාරයක්ව නොහොත් ඝනාන්ධකාර දේශයක්ව සිටියෙම්ද? අපි නිදහසට පැමුණුණෙමුව, අපි තවත් ඔබ ළඟට නොඑන්නෙමුයයි මාගේ සෙනඟ කියන්නේ මක්නිසාද?
මිසර දේශයෙන් අප පිටතට ගෙන, මරුකතර සහ වළවල් ඇත්තාවූ දේශයක්ද මරණයේ සෙවණ ඇත්තාවූ දේශයක්ද කිසිවෙකු නොගැවසුණාවූ කිසි මනුෂ්‍යයෙකු වාසය නොකළාවූ දේශයක්ද වන කාන්තාරය මැදින් අප ගෙනාවාවූ ස්වාමීන්වහන්සේ කොයිදැයි ඔව්හු නෑසුවෝය.
මක්නිසාද යූදාහි රජුගේ ගෘහය ගැන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹ මට ගිලියද් සහ ලෙබනොන් මුදුන වාගේ නුමුත් සැබවින්ම මම නුඹ කාන්තාරයක්ද වැසියන් නැති නුවරවල්ද කරන්නෙමි.
මම බැලූ විට ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි උන්වහන්සේගේ බලවත් උදහස නිසා සාරවත් දේශය කාන්තාරයක්වූ බවත් එහි සියලු නුවරවල් කඩාදමා තිබෙන බවත් දුටිමි.
ඇගේ නුවරවල් පාළුවක්ද වියළි භූමියක්ද මරුකතරක්ද කිසි මනුෂ්‍යයෙක් වාසය නොකරන්නාවූ, කිසි මනුෂ්‍ය පුත්‍රයෙක් ගමන් නොකරන්නාවූ දේශයක්ද වී තිබේ.
මක්නිසාද ඉශ්‍රායෙල්වරුන්ගේද යූදාවරුන්ගේද දේශය ඉශ්‍රායෙල්හි ශුද්ධ තැනන්වහන්සේට විරුද්ධව කළ වරදෙන් පිරී තිබෙන නුමුත්, ඔවුන්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ විසින් එය අත්හරිනු නොලැබීය.
නුඹේ සියලු පිළිකුල්කම්වලදීද වේශ්‍යාකම්වලදීද නුඹ නිර්වස්ත්‍රව, නග්නව, නුඹේ ලේවල වැතිර උන්නාවූ නුඹේ බාල කාලය නුඹ සිහි නොකෙළෙහිය.
ඔහු සහෝදරයින් අතරේ සඵලව සිටින නුමුත්, පෙරදිග හුළඟක් වන ස්වාමීන්වහන්සේගේ හුස්ම කාන්තාරයෙන් නැගී ඇවිත්, ඔහුගේ උල්පත හිදීයන්නේය, ඔහුගේ ළිඳද වියළීයනවා ඇත. ඒ අය සියලු ප්‍රිය භාජන වන වස්තු කොල්ලකනවා ඇත.
දැන් ඇගේ ප්‍රේමවන්තයන්ගේ ඇස්වලට ඇගේ සල්ලාලකම පෙන්වන්නෙමි, කිසිවෙක් මාගේ අතින් ඈ නොගළවන්නේය.
නුඹ දුටු අං දසයද මෘගයාද වේශ්‍යාවට වෛරවී, ඈ පාළුද නග්නද කර, ඇගේ මාංස කා, ඈ සහමුලින් ගින්නෙන් දවන්නෝය.
එවිට ඔහු ඉතා පිපාසිතව ස්වාමීන්වහන්සේට යාච්ඤාකොට: ඔබගේ මෙහෙකරුවා ලවා ඔබම මේ මහත් ගැළවීම දුන්සේක. දැන් මම පිපාසායෙන් නැසී අචර්මඡේදිතයන්ගේ අතට අසුවන්නෙම්දැයි කීවේය.