Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 51:5 - Sinhala Revised Old Version

5 මක්නිසාද ඉශ්‍රායෙල්වරුන්ගේද යූදාවරුන්ගේද දේශය ඉශ්‍රායෙල්හි ශුද්ධ තැනන්වහන්සේට විරුද්ධව කළ වරදෙන් පිරී තිබෙන නුමුත්, ඔවුන්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ විසින් එය අත්හරිනු නොලැබීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 සව් බලැති දෙවි සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් හා ජුදා සෙනඟ අත්හැරදමා නැත. එහෙත්, බබිලෝනි දේශය ඉශ්රායෙල්හි සුවිශුද්ධ තැනැන් වහන්සේට විරුද්ධ ව වරදින් පිරී තිබේ. ඔවුන් අත්හැරදමා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 සව් බලැති දෙවි සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් හා ජුදා සෙනඟ අත්හැරදමා නැත. එහෙත්, බබිලෝනි දේශය ඉශ්රායෙල්හි සුවිශුද්ධ තැනැන් වහන්සේට විරුද්ධ ව වරදින් පිරී තිබේ. ඔවුන් අත්හැරදමා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 51:5
37 හුවමාරු යොමු  

ඒ කාලයෙහි ස්වාමීන්වහන්සේ යෙරුසලමේ වැසියන් ආරක්ෂාකරනසේක; ඔවුන් අතරෙහි සිටින දුර්වලයා පවා ඒ කාලයෙහි දාවිත් මෙන් වන්නේය; දාවිත්ගේ වංශයද දෙවියන්වහන්සේ මෙන්, එනම් ඔවුන්ට පෙරටුව යන්නාවූ ස්වාමීන්වහන්සේගේ දූතයා මෙන් වන්නේය.


ඒ කාලයෙහි වටකර සිටින සියලුම ජනයන් දකුණෙන්ද වමෙන්ද දාලායන හැටියට යූදාහි ප්‍රධානීන් දර අතරෙහි තිබෙන ගිනි භාජනයක් මෙන්ද ගොයම් මිටියක් තුළ තිබෙන ගිනි පෙනෙල්ලක් මෙන්ද කරන්නෙමි. යෙරුසලමේ වැසියන්ද තමුන්ගේ ස්ථානය වන යෙරුසලමෙහි නැවත වාසයකරනවා ඇත.


ඉශ්‍රායෙල් පුත්‍රයෙනි, ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න. මක්නිසාද සැබෑකමවත් කරුණාවවත් දෙවියන්වහන්සේ ඇඳිනගැනීමවත් දේශයෙහි නැති හෙයින් දේශයේ වැසියන් සමඟ ස්වාමීන්වහන්සේට පැමිණිල්ලක් තිබේ.


ස්වාමීන්වහන්සේද ශුද්ධවූ දේශයෙහි තමන්ගේ කොටස ලෙස යූදා උරුමකරගන, යෙරුසලම නැවත තෝරාගන්නසේක.


පුරාණයේ දවස්වල පටන් ඔබවහන්සේ අපේ පියවරුන්ට දිවුළාවූ සැබෑකම යාකොබ්ටත් කරුණාව ආබ්‍රහම්ටත් ඔබ ඉෂ්ටකරනසේක.


අපරාධය කමාකරන්නාවූ, ස්වකීය උරුමයේ ඉතිරි අයින්ගේ වරදට දඬුවම් නොකර අරින්නාවූ ඔබවහන්සේ සමාන දෙවිකෙනෙක් කවුද? උන්වහන්සේ කරුණාවට ප්‍රියවන නිසා ස්වකීය උදහස සෑම කල්හිම තබා නොගන්නසේක.


එහෙත් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ගණන මනින්ටවත් ගණින්ටවත් බැරිවූ මුහුදේ වැලි මෙන් වන්නේය. තවද: නුඹලා මාගේ සෙනඟ නොවේයයි ඔවුන්ට කියන ස්ථානයේ දීම-ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රයෝයයි ඔවුන්ට කියනු ලැබේ.


එවිට උන්වහන්සේ: ඉශ්‍රායෙල් සහ යූදා වංශයේ අයුතුකම ඉතාම මහත්ය, දේශය ලෙයින් පිරී තිබේ, නුවරද අයුක්තියෙන් පිරී තිබේ. මක්නිසාද–ස්වාමීන්වහන්සේ දේශය අත්හැරියසේක කියාද උන්වහන්සේ නොදක්නාසේක කියාද ඔව්හු කියති.


එවිට උන්වහන්සේ: මනුෂ්‍ය පුත්‍රය, ඒක දුටුවෙහිද? යූදා වංශය මෙහි කරන පිළිකුල්කම්කිරීම ඔවුන්ට සුළු දෙයක්ද? මක්නිසාද ඔව්හු දේශය බලාත්කාරකමෙන් පුරවා තිබේ, ඔව්හු නැවත නැවත මා කෝපකරති. බලව, ඔව්හු අත්ත තමුන්ගේ නාසයට අල්ලති.


ඒ දවස්වල සහ ඒ කාලයේදී ඉශ්‍රායෙල්ගේ අයුතුකම සොයන නුමුත් එය නොතිබෙයි; යූදාගේ පාපයන් සොයන නුමුත් ඒවා සම්බ නොවෙයි. මක්නිසාද මා විසින් ඉතුරුකරන අයින්ට කමාවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


එම්බා මාගේ සේවකයාවූ යාකොබ්, මා නුඹ සමඟ සිටින නිසා භය නොවන්න. මක්නිසාද මා විසින් නුඹ විසුරුවාදැමූ සියලු ජාතීන් තීන්දුවටම නැතිකරන නුමුත් මම නුඹ තීන්දුවටම නැති නොකර, මදලෙස නුඹට දඬුවම් කරන්නෙමි; නුමුත් නුඹට කොහෙත්ම අච්චු නොකර නොසිටින්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: යමෙකුට ඉහළ අහස මනින්ටත් පහත පොළොවේ අත්තිවාරම් සොයා දැනගන්ටත් පුළුවන් නම් මමත් මුළු ඉශ්‍රායෙල් වංශය ඔවුන් කළ සියල්ල නිසා එපාකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


එබැවින් ප්‍රොපේතවරුන් ගැන සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම ඔවුන්ට කොසඹ ඵල කවන්නෙමි, වසදිය පොවන්නෙමි. මක්නිසාද යෙරුසලමේ ප්‍රොපේතවරුන්ගෙන් දූෂිතය දේශය මුළුල්ලෙහි පැතිර ගියේය.


මක්නිසාද ඔවුන් මා අත්හැර, මේ ස්ථානය අන්‍ය එකක් කර, ඔවුන්වත් ඔවුන්ගේ පියවරුන්වත් යූදාහි රජුන්වත් දැන නොගත් අන් දෙවිවරුන්ට මෙහි සුවඳ දුම් ඔප්පුකර, නිර්දෝෂයන්ගේ ලේවලින් මේ ස්ථානය පුරවා තිබේ.


ඔවුන් තමුන්ගේ අශික්ෂිත දේවල මළකඳන්වලින් මාගේ දේශය දූෂ්‍යකොට, තමුන්ගේ පිළිකුල්වලින් මාගේ උරුමය පුරවා තිබෙන නිසා, මම පළමුකොට ඔවුන්ගේ අයුතුකමටත් පාපයටත් දෙගුණයක් ප්‍රතිඵල දෙන්නෙමි.


ඔව්හු: ශුද්ධ සෙනඟය කියාත් ස්වාමීන්වහන්සේගේ මුදාගත් අයය කියාත් කියනු ලබන්නෝය. නුඹ වනාහි: සොයාගත් තැනැත්තීය, අත්නෑරිය නුවරක්ය කියා කියනු ලබන්නෙහිය.


එම්බා යාකොබ්, ඉශ්‍රායෙල්, මේ දේවල් සිහිකරන්න, මක්නිසාද නුඹ මාගේ මෙහෙකරුවාය. මම නුඹ සෑදීමි; නුඹ මාගේ මෙහෙකරුවාය. ඉශ්‍රායෙල්, නුඹ මාගේ සිහියෙන් තොර නොවන්නෙහිය.


මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන් සෙනඟ ඉවත නොදමනසේක, තමන් උරුමයද අත් නොහරිනසේක.


මක්නිසාද අපි වාල්ලුය; නුමුත් අපේ වාල්කමේදී අපේ දෙවියන්වහන්සේ අප අත් නොහැර, අපේ දෙවියන්වහන්සේගේ ගෘහය ගොඩනැගීමටත් ඒකේ බිඳුම් හරි ගැස්සීමටත් අප ජීවත්කරන හැටියටද, යූදාහිත් යෙරුසෙලමෙහිත් අපට පවුරක් දෙන හැටියටද, පාර්සියාවේ රජවරුන්ගේ ඇස් හමුවෙහි අපට කරුණාව පෙන්නූසේක.


ස්වාමීන්වහන්සේ නුඹලා ස්වකීය සෙනඟ කරගන්ට ප්‍රසන්නවූ බැවින් තමන්ගේ මහත් නාමය නිසා තමන් සෙනඟ අත්නොහරිනසේක.


තවද ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කරන ලෙස එසේ යූදාට පව්කරන්ට සැලැස්වීමෙන් ඔහු විසින් කළ පාපය හැර, ඔහු යෙරුසලම එක් කෙළවරක පටන් අනික් කෙළවර දක්වා පිරෙන තෙක් නිදොස් ලේ බොහෝකොට වැගිරවිය.


තවද මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් අත්නෑර, ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි වාසයකරන්නෙමියි කීසේක.


දෙස් තිබීමද බොරු කීමද මිනීමැරීමද සොරකම්කිරීමද කාමමිථ්‍යාචාරයද මිස වෙන කිසිවක් නැත; ලේ වැගිරවීම පිට ලේ වැගිරවීම වෙයි.


මම වනාහි මුහුදේ රැළ ගර්ජනාකරන ලෙස එය අවුස්සන්නාවූ, සේනාවල ස්වාමීන්වහන්සේ යන නාමය ඇත්තාවූ, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.


ඔබ ත්‍රස්තවී සිටින මනුෂ්‍යයෙකු මෙන්ද ගළවන්ට බැරි බලවන්තයෙකු මෙන්ද සිටින්නෙක් මක්නිසාද? එහෙත්, ස්වාමීන්වහන්ස, ඔබ අප මධ්‍යයෙහි සිටිනසේක, ඔබගේ නාමයත් අප කෙරෙහි තබා තිබේ; අප අත්නෑරිය මැනව.


ඔබ යූදා මුළුමනින්ම එපාකළසේක්ද? සියොන් ඔබගේ ආත්මයට පිළිකුලක්වී තිබේද? අපට සුවවීමක් නැති හැටියට ඔබ අපට පහරදුන්නේ මක්නිසාද? අපි සමාදානය ගැන බලා සිටියෙමුව, නුමුත් කිසි හොඳක් නොවීය; සුවවීමේ කාලයක් ගැනද බලා සිටියෙමුව, නුමුත්, මෙන්න, භයානකකම තිබේ.


යාකොබ්ගේ කොටසවූ තැනන්වහන්සේ ඒවාට සමාන නැත; උන්වහන්සේ වනාහි සෑම දේම මැවූ තැනන්වහන්සේය; ඉශ්‍රායෙල් උන්වහන්සේගේ උරුම ගෝත්‍රයය. උන්වහන්සේගේ නාමය සේනාවල ස්වාමීන්වහන්සේය.


නුඹලාගේ සහෝදරයන්ට අම්මී කියාද නුඹලාගේ සහෝදරියන්ට රුහාමා කියාද කියන්න.


නැත්නම් මම ඈ නග්නකොට, ඈ උපන් දවසේදී මෙන් ඈ සිටුවා, කාන්තාරයක් මෙන් කර, වියළි දේශයක් මෙන් තබා, ඈ පිපාසායෙන් නසන්නෙමි;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්