ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




හොෂෙයා 11:4 - Sinhala Revised Old Version

මනුෂ්‍ය ලනුවලින්ද ප්‍රේමයේ බැඳුම්වලින්ද ඔවුන් ඇදගතිමි; ඔවුන්ගේ කම්මුල් පිට තිබුණු වියගහ උස්සන්නන් මෙන් මම ඔවුන් උදෙසා සිට, ඔවුන් ඉදිරියෙහි කෑම තැබීමි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

දයාවේ රැහැන්වලින් ද ප්‍රේමයේ බැමිවලින් ද මම ඔවුන්ට මඟ පෙන්නුවෙමි. ළදරුවෙකු ඔසවන සේ මම ඔවුන් මාගේ මුහුණට ඔසවාගතිමි; පහතට නැමී ඔවුන්ට කෑම කැව්වෙමි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

දයාවේ රැහැන්වලින් ද ප්‍රේමයේ බැමිවලින් ද මම ඔවුන්ට මඟ පෙන්නුවෙමි. ළදරුවෙකු ඔසවන සේ මම ඔවුන් මාගේ මුහුණට ඔසවාගතිමි; පහතට නැමී ඔවුන්ට කෑම කැව්වෙමි.

පරිච්ඡේදය බලන්න



හොෂෙයා 11:4
14 හුවමාරු යොමු  

මම ඔහුට පියා වන්නෙමි, ඔහු මට පුත්‍රයා වන්නේය. ඔහු අයුතුකම් කළොත් මම මනුෂ්‍යයන්ගේ ඉපලෙන්ද මනුෂ්‍ය පුත්‍රයන්ගේ පහරවලින්ද ඔහුට දඬුවම් කරන්නෙමි;


ඔව්හු ඉල්ලුවෝය, උන්වහන්සේ වටුවන් එවූසේක, ස්වර්ගීය භෝජනයෙන් ඔවුන් තෘප්තියට පැමිණවූසේක.


මෝසෙස් කියනුයේ: ස්වාමීන්වහන්සේ අණකළ දේ මේය, මා විසින් මිසර දේශයෙන් නුඹලා ගෙනා කල්හි වනාන්තරයේදී නුඹලා පෝෂණයකළ ආහාර නුඹලාගේ පරම්පරාවල අය දකින පිණිස ඔවුන් නිසා ඕමෙරයක් පුරවා තබාගන්න කීය.


මා ඇදගන්න; අපි නුඹ අනුව දුවන්නෙමුව. රජ තමාගේ ඇතුල් ගෙවලට මා පැමිණෙවුවේය. අපි නුඹ කෙරෙහි ප්‍රීති සන්තෝෂවන්නෙමුව, මුද්‍රිකපානයට වඩා නුඹේ ප්‍රේමය සඳහන්කරන්නෙමුව. ඔවුන් නුඹට ප්‍රේමකරනවා හරිය.


ඔවුන්ගේ සියලුම දුක්වලදී උන්වහන්සේ දුක්වූසේක, උන්වහන්සේගේ අභිමුඛය වන දූත තෙමේ ඔවුන් ගැළෙවුවේය. උන්වහන්සේ තමන්ගේ ප්‍රේමයෙනුත් දයාවෙනුත් ඔවුන් මුදා, පුරාණයේ සියලුම දවස්වල ඔවුන් උසුලා ගෙන ගියසේක.


නුමුත් ධාන්‍යද මිදියුසද තෙල්ද ඈට දුන්නෙත් ඔවුන් විසින් බාල් රුප සෑදීමට ගත් රිදීද රන්ද ඈට වැඩිකළෙත් මා බව ඈ නොදැන සිටියාය.


මම වනාහි නුඹලා මිසරවරුන්ගේ වහලුන්ව නොසිටින පිණිස මිසර දේශයෙන් නුඹලා පිටතට ගෙනාවාවූ නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය; මම නුඹලාගේ වියගහේ බැඳුම් බිඳ නුඹලාට කෙලින්ව යන්ට සැලැස්වීමි.


මම වනාහි භූමියෙන් ඔසවනු ලැබුවොත් සියල්ලන් මා වෙතට ඇදගන්නෙමියි කීසේක.


මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමය අප කෙරෙහි බලපවත්වන්නේය; එසේය, එක් කෙනෙක් සියල්ලන් වෙනුවට මැරුණේය කියාත්, එබැවින් සියල්ලෝම මැරුණෝය කියාත්,


ස්වාමීන්වහන්සේ පමණක්ම ඔහු ගෙනගිය සේක, අන් දෙවිකෙනෙක් උන්වහන්සේ සමඟ නොසිටියේය.


දීකිරිවලින් සහ බැටළු කිරිවලින්ද බැටළුපැටවුන්ගෙත් බාෂාන්හි බැටළුවන්ගෙත් එළුවන්ගෙත් තෙලින්ද තිරිඟු ඇටවල තරකමින්ද ඔහු පෝෂණය කළසේක; මුද්‍රික ඵලවල ලේ වන පානයද නුඹ බීවෙහිය.