ඔහු බෙතෙල්හි සෑදූ පූජාසනයට තමාගේම සිතින් නියමකරගත් මාසය වන අටවෙනි මාසේ පසළොස්වෙනිදා ගියේය. ඔහු ඉශ්‍රායෙල් පුත්‍රයන්ට මංගල්‍යයක් නියමකොට, සුවඳ දුම් ඔප්පුකරන පිණිස පූජාසනයට නැගී ගියේය.
හොෂෙයා 11:2 - Sinhala Revised Old Version ඔවුන් කැඳවූ පමණටම ඔව්හු ඔවුන් වෙතින් ඉවත්ව ගියෝය. ඔව්හු බාල් දේවතා වුන්ට යාගකළෝය, කැපූරූපවලට සුවඳ දුම් ඔප්පුකළෝය. Sinhala New Revised Version මා ඔවුන් පුතෙකු සේ සලකන්න සලකන්න ඔව්හු වඩ වඩා මට පිටුපා යන්න ගියෝ ය. ඔව්හු බාල් දේවතාවන්ට පූජා කළහ; කැපූ රූපවලට සුවඳ දුම් ඔප්පු කළහ. Sinhala New Revised Version 2018 මා ඔවුන් පුතෙකු සේ සලකන්න සලකන්න ඔව්හු වඩ වඩා මට පිටුපා යන්න ගියෝ ය. ඔව්හු බාල් දේවතාවන්ට පූජා කළහ; කැපූ රූපවලට සුවඳ දුම් ඔප්පු කළහ. |
ඔහු බෙතෙල්හි සෑදූ පූජාසනයට තමාගේම සිතින් නියමකරගත් මාසය වන අටවෙනි මාසේ පසළොස්වෙනිදා ගියේය. ඔහු ඉශ්‍රායෙල් පුත්‍රයන්ට මංගල්‍යයක් නියමකොට, සුවඳ දුම් ඔප්පුකරන පිණිස පූජාසනයට නැගී ගියේය.
ඉතින් දැන් පණිවුඩ යවා සියළු ඉශ්‍රායෙල්වරුන්ද බාල්ගේ ප්‍රොපේතවරුන් හාරසිය පනසද යෙසෙබෙල්ගේ මේසයේ කන අෂේරිය ප්‍රොපේතවරුන් හාරසියදෙනාද මා ළඟට කර්මෙල් කන්දට රැස්කරවන්නැයි කීවේය.
එහෙත් ඔබ බොහෝ අවුරුදු ගණනක් ඔවුන් ගැන ඉවසා, ඔබගේ ආත්මයෙන් ඔබගේ ප්‍රොපේතවරුන් ලවා ඔවුන්ට අවවාදකෙරෙවුසේක. නුමුත් ඔව්හු ඇහුම්කන් නුදුන්නෝය. ඔබද දේශවල ජනයන් අතට ඔවුන් පාවාදුන්සේක.
එසේය, නුඹලාගේ අයුතුකම්ද කඳු උඩ සුවඳ දුම් ඔප්පුකොට හෙල් උඩ මට අපහාස කළාවූ නුඹලාගේ පියවරුන්ගේ අයුතුකම්ද නිසා ඔවුන්ගේ ළයට ප්‍රතිඵල දෙන්නෙමි, ඔවුන්ගේ පළමු ක්‍රියාවල් ඔවුන්ගේ ළයට මැනදෙන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
එහෙත් මාගේ සෙනඟ මා මතකනැතිකළෝය, ඔව්හු දේව රූපවලට සුගන්ධ ද්‍රව්‍ය දැවුවෝය; ඒවා වනාහි හරි නොගැස්සූ මාර්ගයකද අතුරු පාරවලද යන ලෙස පුරාණ මාවත් වන ඔවුන්ගේ මාර්ගවල ඔවුන් පැකිලවති.
ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹ ගොස් යූදාහි මනුෂ්‍යයන්ටත් යෙරුසලමේ වැසියන්ටත් මෙසේ කියන්න–මාගේ වචනවලට කීකරුවෙන හැටියට නුඹලා දැනමුතුකම පිළිගන්නේ නැද්දැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
නුමුත් ඔව්හු නෑසුවෝය, අන්දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පු නොකරන ලෙස තමුන්ගේ දුෂ්ටකමෙන් හැරෙන්ට ඔව්හු කන් යොමු නොකළෝය.
මාගේ සෙනඟ මා කෙරෙන් පසුබටවීමට ඇලුම්ව සිටිති. උසස් තැන්හි වසන තැනන්වහන්සේ වෙතට එන්ට ඔවුන් කැඳවන නුමුත්, කිසිවෙක් උන්වහන්සේව උසස් නොකරන්නේය.
ඈ ඇගේ මුදුද ආභරණද පැළඳගෙන, ඇගේ ප්‍රේමවන්තයන් පස්සේ ගොස්, මා සිහිනැතිකොට, ඈ විසින් සුවඳදුම් ඔප්පුකරන්ට යෙදුණාවූ බාල් දේවතාවුන්ගේ දවස් නිසා ඈට දඬුවම් කරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
ඔව්හු කඳු මුදුන්වල යාග කරති, හෙල් උඩ අලෝනද ලිබ්නාද ඒලාද යන ගස්වල සෙවණ හොඳ නිසා ඒවා යට සුවඳ දුම්ද ඔප්පුකරති. එබැවින් නුඹලාගේ දූවරු වේශ්‍යාකම් කරති, නුඹලාගේ යෙහෙළියෝද කාමමිථ්‍යාචාරයකරති.
නුඹලාගේ පියවරුන්ට සමාන නොවෙන්න, පළමු අනාගතවක්තෘවරුන්: නුඹලාගේ නපුරු මාර්ගවලින්ද නපුරු ක්‍රියාවලින්ද හැරෙන්නැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක කියා ඔවුන්ට මොරගැසූ නුමුත්, ඔවුන් ඇසුවේවත් මට ඇහුම්කන්දුන්නේවත් නැතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
අනේ! අනාගතවක්තෘවරුන් මරන්නාවූ, නුඹ ලඟට එවූවන්ට ගල් ගසන්නාවූ යෙරුසලම, යෙරුසලම, කිකිළී ඇගේ පැටවුන් පියාපත් යටට එකතුකරගන්නාක්මෙන් නුඹේ දරුවන් එකතුකරගන්ට මම කී වරක් කැමතිවීම්ද! නුමුත් නුඹලා කැමතිවුණේ නැත.
විනිශ්චය නම් මේය–ලෝකයට ආලෝකය පැමිණ තිබෙන නුමුත්, මනුෂ්‍යයන්ගේ ක්‍රියා නපුරු බැවින් ඔවුන් ආලෝකයට වඩා අන්ධකාරයට ඇලුම්වූ බවය.
තදවූ කුලල් ඇත්තෙනි, සිතින්ද කන්වලින්ද අචර්මඡේදිතයෙනි, නුඹලා නිතරම ශුද්ධාත්මයාණන්ට විරුද්ධව සිටිහුය. නුඹලාගේ පියවරුන් කළාක් මෙන් නුඹලාත් කරහුය.
ඉශ්‍රායෙල් පුත්‍රයෝ නැවතත් ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණ දේ කොට බාල්දේවතාවුන්ටත් අෂ්ටාරොත්ටත් සිරියේ දෙවිවරුන්ටත් ශීදොන්හි දෙවිවරුන්ටත් මෝවබ්හි දෙවිවරුන්ටත් අම්මොන් පුත්‍රයන්ගේ දෙවිවරුන්ටත් පිලිස්තිවරුන්ගේ දෙවි වරුන්ටත්, සේවයකළෝය; ස්වාමීන්වහන්සේට සේවය නොකොට උන්වහන්සේ අත්හැරියෝය.
ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණුදේ කළෝය, ඔව්හු තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සිහිනැතිකොට බාල් දේවතාවුන්ටත් අෂේරීන්ටත් සේවයකළෝය.