ඉන්පසු මෙසේ සිද්ධවිය. සමාරියේ රජවූ ආහබ්ගේ මාලිගාවට සමීපව යෙස්‍රෙයෙලිය නාබොත්ට යෙස්‍රෙයෙල්හි මිදිවත්තක් තිබුණේය.
හොෂෙයා 10:7 - Sinhala Revised Old Version සමාරියේ රජ වනාහි සිඳිනලද්දේය, ඔහු ජලය මතුපිට තිබෙන පතුරක් මෙන්ය. Sinhala New Revised Version සමාරියේ රජ වතුරට ගසාගෙන යන ලී පතුරක් සේ පහ වී යන්නේ ය. Sinhala New Revised Version 2018 සමාරියේ රජ වතුරට ගසාගෙන යන ලී පතුරක් සේ පහ වී යන්නේ ය. |
ඉන්පසු මෙසේ සිද්ධවිය. සමාරියේ රජවූ ආහබ්ගේ මාලිගාවට සමීපව යෙස්‍රෙයෙලිය නාබොත්ට යෙස්‍රෙයෙල්හි මිදිවත්තක් තිබුණේය.
නුමුත් ස්වාමීන්වහන්සේගේ දූතයා තිෂ්බිය එලියාට කථාකොට: නැගිට සමාරියේ රජුගේ පණිවිඩකාරයන්ගේ පෙරමගට ගොස්–නුඹලා එක්‍රෝන්හි දෙවිවූ බාල්-සෙබූබ්ගෙන් විචාරන්ට යන්නේ ඉශ්‍රායෙල්හි දෙවි කෙනෙක් නැති නිසාද?
උස්සියාගේ පුත්‍රවූ යෝතාම්ගේ විසිවෙනි අවුරුද්දේදී ඒලාගේ පුත්‍රවූ හෝෂෙයා රෙමලියාගේ පුත්‍රවූ පෙකාට විරුද්ධව කුමන්ත්‍රණයකොට, ඔහුට පහරදී මරා ඔහු වෙනුවට රජවුණේය.
නුමුත් හෝෂෙයා මිසරයේ සෝ රජු ළඟට පණිවිඩකාරයන් යැවූ නිසාත් අවුරුදුපතා කළ හැටියට අෂූර්හි රජුට කප්පන් ගෙනක් නුදුන් නිසාත් ඔහු කුමන්ත්‍රණය කළ බව අෂූර්හි රජ දැනගෙන ඔහු හිර අඩස්සිකොට බැන්දේය.
නුඹලාගේ මහත් නපුරුකම නිසා බෙතෙල් නුඹලාට එසේ කරන්නේය. අලුයම් වේලෙහි ඉශ්‍රායෙල් රජ සහමුලින්ම සිඳිනු ලබන්නේය.
සැබවින් ඔව්හු දැන් කථාකොට: අපට රජෙක් නැත. මක්නිසාද අපි ස්වාමීන්වහන්සේ කෙරෙහි භය නැත්තෙමුව; රජු අපට මක්කරනවා ඇද්දැයි කියන්නෝය.
ඉශ්‍රායෙල්ගේ පාපය වන ආවෙන්හි උස්තැන්ද නාස්තිවෙයි. කටු සහ ගොකටු ඔවුන්ගේ පූජාසනවල හටගන්නවා ඇත. ඔවුන්: අප වසාගන්නැයි කඳුවලටත්, අප පිටට වැටෙන්නැයි හෙල්වලටත් කියනවා ඇත.
ඔව්හු ස්වකීය ලජ්ජාව නමැති පෙණ දමන මුහුදේ රෞද්‍ර තරංගයෝය; මුළාවයන තාරකාවෝය. ඔවුන්ට අන්ධකාරයේ කළුවරකම සදාකාලේටම තබා තිබේ.