Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හොෂෙයා 10:15 - Sinhala Revised Old Version

15 නුඹලාගේ මහත් නපුරුකම නිසා බෙතෙල් නුඹලාට එසේ කරන්නේය. අලුයම් වේලෙහි ඉශ්‍රායෙල් රජ සහමුලින්ම සිඳිනු ලබන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 ඉශ්රායෙල් ජනයෙනි, නුඹලා කර ඇති බලවත් නපුරුකම් නිසා නුඹලාටත් වන්නේ මේ විපත ම ය. යුද ගිනි ඇවිලෙන විට ඉශ්රායෙල් සහමුලින් ම වනසා දමනු ලබනවා ඇත.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 ඉශ්රායෙල් ජනයෙනි, නුඹලා කර ඇති බලවත් නපුරුකම් නිසා නුඹලාටත් වන්නේ මේ විපත ම ය. යුද ගිනි ඇවිලෙන විට ඉශ්රායෙල් සහමුලින් ම වනසා දමනු ලබනවා ඇත.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හොෂෙයා 10:15
8 හුවමාරු යොමු  

සමාරියේ වැසියෝ බෙත්-ආවෙන්හි වස්සන් නිසා භයින් සිටින්නෝය. මක්නිසාද උගේ සෙනඟ ඌ ගැන වැලපෙන්නෝය, උගේ තේජස උගෙන් පහවගිය බැවින් උගේ කපුවෝ ඌ ගැන වෙවුලන්නෝය.


සමාරියේ රජ වනාහි සිඳිනලද්දේය, ඔහු ජලය මතුපිට තිබෙන පතුරක් මෙන්ය.


එසේවී නම් ඒ යහපත් දේ මට මරණය වූයේද? එසේ නොවේවා. නුමුත් මෙසේ වුණේ යහපත්වූ එක කරණකොටගෙන මට මරණය ඉපදවීමෙන් පාපය පාපය ලෙස පෙනෙන පිණිසත්, ව්‍යවස්ථාව කරණකොටගෙන පාපය ඉතා පාපිෂ්ඨව පෙනෙන පිණිසත්ය.


සැබවින් ඔව්හු දැන් කථාකොට: අපට රජෙක් නැත. මක්නිසාද අපි ස්වාමීන්වහන්සේ කෙරෙහි භය නැත්තෙමුව; රජු අපට මක්කරනවා ඇද්දැයි කියන්නෝය.


නුමුත් දැන් ස්වාමීන්වහන්සේ කථාකොට: කුලීකාරයෙකුගේ අවුරුදු ලෙස තුන් අවුරුද්දකින් මෝවබ්ගේ ඉසුරුමත්කම ඔහුගේ මහත් සමූහයා ඇතුළුව නීචකමට පැමිණෙනවා ඇත; ඉතිරිවෙන්නේ ඉතා ස්වල්පවූ දුර්වලවූ කොටසක්යයි කීසේක.


එබැවින් නුඹේ සෙනඟ අතර ඝෝෂාවක් හටගන්නවා ඇත. මෑණියන් ඇගේ දරුවන් සමඟ පොඩිකරනු ලැබූ යුද්ධ දවසේදී ෂල්මාන් විසින් බෙත්-අර්බේල් නාස්තිකළ ලෙස නුඹේ සියලු බලකොටු නාස්තිකරනු ලබනවා ඇත.


ඉශ්‍රායෙල් බාලව සිටි කල මම ඔහුට ප්‍රේමකොට, මාගේ පුත්‍රයාවූ ඔහු මිසරයෙන් කැඳවාගතිමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්