නුඹේ වංශය පොළොවේ ධූලි මෙන් වැඩිකරන්නෙමි. එසේ හෙයින් මනුෂ්‍යයෙකුට පොළොවේ ධූලි ගණන්කරන්ට පුළුවන්නම් නුඹේ වංශයත් ගණන් කළ හැකි වන්නේය.
හොෂෙයා 1:10 - Sinhala Revised Old Version එහෙත් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ගණන මනින්ටවත් ගණින්ටවත් බැරිවූ මුහුදේ වැලි මෙන් වන්නේය. තවද: නුඹලා මාගේ සෙනඟ නොවේයයි ඔවුන්ට කියන ස්ථානයේ දීම-ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රයෝයයි ඔවුන්ට කියනු ලැබේ. Sinhala New Revised Version “එහෙත්, ඉශ්රායෙල් ජනයා මුහුදේ වැලි මෙන් ගිණිය නොහැකි, මැනිය නොහැකි තරම් විශාල සංබ්‍යාවක් වන්නෝ ය. ‘නුඹලා මාගේ සෙනඟ නොවන්නහු ය’යි කියනු ලැබූ ස්ථානයේ දී ම, ‘නුඹලා ජීවමාන දෙවියන් වහන්සේගේ දරුවෝ ය’යි කියනු ලබන දවස පැමිණෙන්නේ ය. Sinhala New Revised Version 2018 “එහෙත්, ඉශ්රායෙල් ජනයා මුහුදේ වැලි මෙන් ගිණිය නොහැකි, මැනිය නොහැකි තරම් විශාල සංබ්‍යාවක් වන්නෝ ය. ‘නුඹලා මාගේ සෙනඟ නොවන්නහු ය’යි කියනු ලැබූ ස්ථානයේ දී ම, ‘නුඹලා ජීවමාන දෙවියන් වහන්සේගේ දරුවෝ ය’යි කියනු ලබන දවස පැමිණෙන්නේ ය. |
නුඹේ වංශය පොළොවේ ධූලි මෙන් වැඩිකරන්නෙමි. එසේ හෙයින් මනුෂ්‍යයෙකුට පොළොවේ ධූලි ගණන්කරන්ට පුළුවන්නම් නුඹේ වංශයත් ගණන් කළ හැකි වන්නේය.
මම ඒකාන්තයෙන්ම නුඹට ආශීර්වාද කරන්නෙමි, අහසේ තාරකා මෙන්ද මුහුදු වෙරෙළහි වැලි මෙන්ද නුඹේ වංශය බොහෝසෙයින් වැඩිකරන්නෙමි; නුඹේ වංශය තමන් සතුරන්ගේ දොරටුව හිමිකරගන්නේය;
ඒකාන්තයෙන් මම නුඹට යහපත කර නුඹේ වංශය ගණන් කළ නොහැකි තරමට මුහුදේ වැලි මෙන් වැඩිකරන්නෙමියි ඔබවහන්සේ කීසේකැයි කීවේය.
මෙසේ ඔබගේ සෙනඟවූ ඉශ්‍රායෙල් ඔබ සදාකාලේටම ඔබට සෙනඟක් කොට ස්ථිරකරගන ඔබම, ස්වාමීන්වහන්ස, ඔවුන්ගේ දෙවියන්වහන්සේ වී සිටිනසේක.
මම උතුරු දිසාවට කථාකොට: දෙන්නැයි කියාත්, දකුණු දිසාවට: නවත්වා නොගන්නැයි කියාත්, දුර සිට මාගේ පුත්‍රයන්ද පොළොවේ කෙළවරින් මාගේ දූවරුන්ද,
නුඹේ වංශය වැලි මෙන්ද නුඹෙන් පැවත එන්නෝ එහි වැලිඇට මෙන්ද වන්නෝය. ඔහුගේ නම මා ඉදිරියෙන් සිඳදමනු ලබන්නේවත් නැති කරනු ලබන්නේවත් නැත.
මක්නිසාද ඔබ අපේ පියාණෝය, ආබ්‍රහම් අප නොදන්න නුමුත්, ඉශ්‍රායෙල් අප නාඳුනන නුමුත්, ස්වාමීන්වහන්ස, ඔබම අපේ පියාණෝය, අපේ මිදුම්කාරයාණෝය; එය පුරාණයේ සිට ඔබගේ නාමයය.
ඉතින් ස්වාමීන්වහන්ස, ඔබ අපේ පියාණෝය, අපි මැටිය. ඔබ අපේ කුම්භකාරයාය; අපි සියල්ලෝ ඔබගේ අතේ කර්මාන්තයය.
මා ගැන විභාග නොකළ අයට ප්‍රකාශවුණෙමි; මා නොසෙවු අයට සම්බවුණෙමි. මාගේ නාමය නොදැරූ ජාතියකට: මම මෙහිය, මම මෙහියයි කීවෙමි.
ඉශ්‍රායෙල් පුත්‍රයන් පිරිසිදු භාජනයක ස්වාමීන්වහන්සේගේ ගෘහයට පඬුරු ගෙනෙන්නාක්මෙන් ඔවුන් නුඹලාගේ සියලු සහෝදරයන් සියලු ජාතීන් අතරෙන් අශ්වයන් පිටින්ද රථවලින්ද දෝලාවලින්ද අශ්වතරයන් පිටින්ද ඔටුවන් පිටින්ද මාගේ ශුද්ධ කන්ද වන යෙරුසලමට ස්වාමීන්වහන්සේට පඬුරක් කොට ගෙනෙනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
අහස් සේනාව ගණන්කරන්ටවත් මුහුදු වැලි මනින්ටවත් බැරුවාක්මෙන් මාගේ මෙහෙකරුවාවූ දාවිත්ගේ වංශයද මට සේවයකරන ලෙවීවරුන්ද වැඩිකරන්නෙමියි කීය.
මාගේ රාජ්‍යයේ ආණ්ඩුව පවතින සෑමතැනම මනුෂ්‍යයන් දානියෙල්ගේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි වෙවුලා භය වෙන හැටියට අණකරමි. මක්නිසාද උන්වහන්සේ ජීවමානවූ සදාකාලයටම සිටින්නාවූ දෙවියන්වහන්සේය, උන්වහන්සේගේ රාජ්‍යය නැති නොවී, උන්වහන්සේගේ ආණ්ඩුව කෙළවර දක්වා පවත්නේය.
ස්වාමීන්වහන්සේ මෙසේ කීසේක: ඔහුට ලෝ-අම්මී යන නම තබන්න. මක්නිසාද නුඹලා මාගේ සෙනඟ නොවේය, මමත් නුඹලාගේ දෙවියන්වහන්සේව නොසිටින්නෙමි.
මම ඈ දේශයෙහි මට වපුරාගන, කරුණාව නොලත් ඇත්තීට අනුකම්පාකරන්නෙමි; මාගේ සෙනඟ නොවූවන්ට: නුඹ මාගේ සෙනඟයයි කියන්නෙමි; ඒ අයද: ඔබ මාගේ දෙවියන්වහන්සේයයි කියනවා ඇත.
නුමුත් යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගත්තෝද, එනම් උන්වහන්සේගේ නාමය කෙරෙහි අදහාගන්නෝද, ඔවුන්ට දෙවියන්වහන්සේගේ දරුවන් වෙන්ට උන්වහන්සේ බලය දුන්සේක.
මක්නිසාද මැවිල්ල දෙවියන්වහන්සේගේ පුත්‍රයන්ගේ එළිදරව්වීම උනන්දු ප්‍රාර්ථනාවෙන් බලා සිටියි.
නුඹලාට පියෙක් වන්නෙමි, නුඹලාද මට පුත්‍රයොත් දූවරුත් වන්නහුයයි සර්ව පරාක්‍රමවූ ස්වාමීන්වහන්සේ කියනසේක.
එහෙයින් මළ කෙනෙකු වැනි එක තැනැත්තෙකුගෙන් පවා ගණනින් අහසේ තාරකා මෙන්ද ගණන්කළ නොහැකි මුහුදු වෙරෙළ් වැලි මෙන්ද වූ සමූහයක් හටගත්තේය.