දෙවියන්වහන්ස, පවිත්‍ර සිතක් මා තුළ මැවුව මැනව; ස්ථිර ආත්මයක් මා තුළෙහි අලුතෙන් සෑදුව මැනව.
හෙබ්‍රෙව් 6:6 - Sinhala Revised Old Version වැටීගිය කල්හි ඔවුන් නැවත පසුතැවිල්ලට පමුණුවන්ට නුපුළුවන; මක්නිසාද ඔව්හු දෙවියන්වහන්සේගේ පුත්‍රයා තමුන්ටම දෙවනු කුරුසියෙහි ඇණගසා නින්දාවට පමුණුවති. Sinhala New Revised Version ඔවුන් නැවත වැටී ගියොත් නැවත පාපයෙන් හරවාගැනීමට නුපුළුවන, මන්ද ඔව්හු දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන්, නැවතත් කුරුසියේ ඇණ ගසා උන් වහන්සේට ප්‍රසිද්ධියේ නින්දා කරති. සිංහල කාලීන පරිවර්තනය වැටී ගියහොත්, යළි නගා සිටුවීම සඳහා පසුතැවිල්ලට ගෙන ඒම කළ නො හැක්කකි; ඔවුහු තමන්ටම හානියක් ද උන්වහන්සේට නිග්‍රහ ද කරමින්, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් නැවතත් කුරුසියේ ඇණ ගසති. Sinhala New Revised Version 2018 ඔවුන් නැවත වැටී ගියොත් නැවත පාපයෙන් හරවාගැනීමට නුපුළුවන, මන්ද ඔව්හු දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන්, නැවතත් කුරුසියේ ඇණ ගසා උන් වහන්සේට ප්‍රසිද්ධියේ නින්දා කරති. |
දෙවියන්වහන්ස, පවිත්‍ර සිතක් මා තුළ මැවුව මැනව; ස්ථිර ආත්මයක් මා තුළෙහි අලුතෙන් සෑදුව මැනව.
නුමුත් ද්‍රෝහිකම් කරන්නන්ගේද පව්කාරයන්ගේද විනාශය එකවිටම සිදුවන්නේය, ස්වාමීන්වහන්සේ අත්හරින්නෝ විනාශවන්නෝය.
යේසුස්වහන්සේ ඔවුන් දෙස බලමින්: ඒක මනුෂ්‍යයන්ට නම් නුපුළුවන; නුමුත් දෙවියන්වහන්සේට සියල්ලම පුළුවනැයි කීසේක.
මෙසේ නුඹලා නුඹලාගේ පියවරුන්ගේ ක්‍රියාවලට සාක්ෂිකාරයෝව, ඊට එකඟවන්නහුය. මක්නිසාද ඔව්හු ඔවුන් මැරුවෝය, නුඹලා ඔවුන්ගේ සොහොන්කොත් ගොඩනගන්නහුය.
විරුද්ධව සිටින්නන් විසින් සැබෑව දැනගන්නා පිණිසද, යක්ෂයා තමාගේ කැමැත්ත කිරීමට අසුකරගත් ඔවුන් මත්කමෙන් පිබිද,
නුඹලා සිතන්නේ මොකද? දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් පාගාදමා, තමා පිරිසිදුකළ ගිවිසුමේ ලේ අශුද්ධ දෙයක් කොට සිතා, අනුග්‍රහයේ ආත්මයාණන්වහන්සේට අපහාසකළ තැනැත්තා ඊට වඩා කොපමණ මහත් දඬුවමකට සුදුස්සෙක් කොට ගණන්ගනු නොලබන්නේද?
උන්වහන්සේ වනාහි තමන් ඉදිරියෙහි තබා තිබුණු ප්‍රීතිය නිසා ලජ්ජාව නොසලකා, කුරුසිය දරාගන, පසුව දෙවියන්වහන්සේගේ සිංහාසනයේ දකුණු පැත්තෙහි වැඩහිඳගත්සේක.
එබැවින් අහස පසුකරගියාවූ දෙවියන්වහන්සේගේ පුත්‍රවූ යේසුස් නම් මහා උත්තම පූජකයෙක් අපට සිටින නිසා, අපේ ඇදහිල්ල තදින් අල්ලාගන සිටිමු.
මක්නිසාද වරක් ආලෝකකරනු ලැබුවාවූ, ස්වර්ගීය දීමනාවේ රසය වින්දාවූ, ශුද්ධාත්මයාණන්වහන්සේට පංගුකාරයන් වුණාවූ,
මක්නිසාද ඔවුන් ධර්මිෂ්ඨකමේ මාර්ගය දැනගත්තායින් පසු, ඔවුන්ට භාරදුන් ශුද්ධවූ ආඥාවෙන් හැරීයනවාට වඩා ඒ මාර්ගය දැන නොගත්තා නම් ඔවුන්ට යහපත්ය.
යමෙක් තමාගේ සහෝදරයා මරණයට නොපමුණුවන පාපයක් කරන බව දුටුවොත් ඔහු යාච්ඤාකරාවා, එවිට ඔහුට, එනම් මරණයට නොපමුණුවන්නාවූ පාපයක් කරන්නන්ට, (දෙවියන්වහන්සේ) ජීවනය දෙනසේක. මරණයට පමුණුවන්නාවූ පාපයක් ඇත්තේය. ඔහු ඉල්ලිය යුතුය කියා මා කියන්නේ ඒ ගැන නොවේ.