හෙබ්‍රෙව් 3:19 - Sinhala Revised Old Version මෙසේ නොඇදහිලිකාරකම නිසා ඔවුන්ට ඇතුල්වෙන්ට නුපුළුවන්වූ බව අපට පෙනෙන්නේය. Sinhala New Revised Version එබැවින් ඔවුන්ගේ අවිශ්වාසය නිසා ඔවුන්ට ඒ විශ්‍රාමයට ඇතුළු වන්නට නුපුළුවන් වූ බව අපට පෙනේ. සිංහල කාලීන පරිවර්තනය එබැවින් එහි පිවිසීමට ඔවුන්ට නො හැකි වූයේ නො ඇදහිල්ල නිසා බැව් අපට පෙනේ. Sinhala New Revised Version 2018 එබැවින් ඔවුන්ගේ අවිශ්වාසය නිසා ඔවුන්ට ඒ විශ්‍රාමයට ඇතුළු වන්නට නුපුළුවන් වූ බව අපට පෙනේ. |
අදහාගන්නාවූ බව්තීස්මය ලබන්නාවූ තැනැත්තේ ගළවනු ලබන්නේය; නුමුත් අදහා නොගන්නා තැනැත්තේ වරදට පත්කරනු ලබන්නේය.
උන්වහන්සේ කෙරෙහි අදහාගන්නා විනිශ්චයකරනු නොලැබේ. අදහා නොගන්නා දෙවියන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන්ගේ නාමය කෙරෙහි අදහා නොගෙන සිටින බැවින් දැනටම විනිශ්චය කරනු ලැබ සිටියි.
පුත්‍රයාණන් කෙරෙහි අදහන්නාට සදාකාල ජීවනය ඇත; නුමුත් පුත්‍රයාණන්ට කීකරු නොවන්නා ජීවනය නොදක්නේය, දෙවියන්වහන්සේගේ උදහස ඔහු කෙරෙහි පවතියි.
ඔව්හුද අවිශ්වාසකමෙහි නොපවතිත් නම් පාස්සනු ලබන්නෝය. මක්නිසාද ඔවුන් නැවත පාස්සන්ට දෙවියන්වහන්සේට පුළුවන.
එහෙත් නුඹලා යා යුතු මාර්ගය රාත්‍රියෙහි ගින්නෙන්ද දවාලේ වලාකුළෙන්ද නුඹලාට පෙන්වමින්, නුඹලාට කූඩාරම් ගසාගන්ට ස්ථානයක් සොයාදෙන පිණිස මාර්ගයෙහි නුඹලාට පෙරටුව ගියාවූ,
සහෝදරයෙනි, ජීවමාන දෙවියන්වහන්සේ කෙරෙන් අහක්ව යන්නාවූ නොඇදහිලිකාර නපුරු සිතක් නුඹලා අතරෙන් කිසිවෙකු තුළ නොතිබෙන හැටියට බලාගන්න.
දෙවියන්වහන්සේගේ පුත්‍රයා කෙරෙහි අදහන්නාට තමා තුළේම සාක්ෂිය ඇත්තේය. දෙවියන්වහන්සේව නොඅදහන්නා දෙවියන්වහන්සේ තමන් පුත්‍රයාණන් ගැන දී තිබෙන සාක්ෂිය කෙරෙහි විශ්වාස නොකළ නිසා උන්වහන්සේව බොරුකාරයෙක් කෙළේය.
ඉඳින් ස්වාමීන්වහන්සේ මිසරදේශයෙන් සෙනඟක් ගළවා, ඉන්පසු විශ්වාස නොකළවුන් විනාශකළසේක යන මේ සියල්ල එක වරක්ම නුඹලා දැනගන සිටින නුමුත්, මම නුඹලාට එය සිහිකරවන්ට කැමැත්තෙමි.