හෙබ්‍රෙව් 2:18 - Sinhala Revised Old Version මක්නිසාද උන්වහන්සේම පරීක්ෂාකරනු ලැබ දුක්වින්ද බැවින්, පරීක්ෂාකරනු ලබන්නන්ට පිහිටවෙන්ට උන්වහන්සේට පුළුවන. Sinhala New Revised Version උන් වහන්සේ ම පරීක්ෂා කරනු ලැබ, දුක් වින්ද බැවින්, පරීක්ෂා කරනු ලබන්නන්ට සරණ වීමට උන් වහන්සේට පිළිවන. සිංහල කාලීන පරිවර්තනය මන්ද පරීක්ෂා කරනු ලැබ, උන්වහන්සේම වේදනා වින්ද බැවින්, පරීක්ෂාවනට හසුව සිටින්නවුනට පිහිට වීමට උන්වහන්සේට පුළුවන. Sinhala New Revised Version 2018 උන් වහන්සේ ම පරීක්ෂා කරනු ලැබ, දුක් වින්ද බැවින්, පරීක්ෂා කරනු ලබන්නන්ට සරණ වීමට උන් වහන්සේට පිළිවන. |
දවස්පතා මා දේවමාළිගාවෙහි නුඹලා සමඟ සිටියදී නුඹලා මට විරුද්ධව අත් දිඟුකළේ නැත. නුමුත් මෙය නුඹලාගේ පැයත් අන්ධකාරයේ බලයත්යයි කීසේක.
ඔවුන් මට දුන්නාවූ මාගේ පියාණන්වහන්සේ සියල්ලන්ටම වඩා උතුම්ය; පියාණන්වහන්සේගේ අතින් ඔවුන් උදුරාගන්ට කාටවත් බැරිය.
මනුෂ්‍යයා විසින් ඉසිලිය හැකි පරීක්ෂාවක් මිස අනිකක් නුඹලාට පැමුණුණේ නැත. නුමුත් දෙවියන්වහන්සේ විශ්වාස කෙනෙක්ය. උන්වහන්සේ නුඹලාගේ පුළුවන්කමට වඩා නුඹලා පරීක්ෂාකරනු ලබන්ට ඉඩ නොදී, නුඹලාට පරීක්ෂාව ඉවසිය හැකිවන පිණිස ඒ සමඟ ගැළවෙන මාර්ගයද සාදාදෙනසේක.
සියලු දේ පවා තමන්ට යටත්කරන්ට පුළුවන්වූ බලය ලෙස, උන්වහන්සේ අපේ පහත්කමේ ශරීර තමන්වහන්සේගේ තේජසේ ශරීරයට සමානවන පිණිස ඒවා වෙනස්කරනවා ඇත.
ඒ කාරණය නිසා මේ දේවලුත් විඳීමි. එසේවී නුමුත් මම ලජ්ජා නොවෙමි. මක්නිසාද මා විසින් අදහාගත් තැනන්වහන්සේ කවුද කියා මම දැනගෙන, මා උන්වහන්සේට භාරදී තිබෙන දේ ඒ දවස දක්වා ප්‍රවේසම්කරන්ට උන්වහන්සේ පොහොසත් බව විශ්වාසකරගන සිටිමි.
ඔවුනුත් දුර්වලකමින් වටව සිටින බැවින් අඥානයන්ද මුළාවෙන්නන්ද ගැන මෘදුකමින් හැසිරෙන්ට ඔවුන්ට පුළුවන;
භක්තිවන්තයන් පරීක්ෂාවෙන් ගළවන්ටත් අධර්මිෂ්ඨයන්, ප්‍රධානකොට කිලුටුකමේ තෘෂ්ණාවෙන් මාංසය අනුව හැසිරෙන්නාවූ, අධිපතිකමට අපහාසකරන්නාවූ අය,
ඉතින් නුඹලා නොපැකිලෙන ලෙස ආරක්ෂාකරන්ටත් මහත් ප්‍රීතියෙන් යුක්තව උන්වහන්සේගේ තේජස ඉදිරියෙහි කැලැල් රහිතව තබන්ටත් සමර්ථවූ,
මාගේ ඉවසීමේ වචනය නුඹ රක්ෂාකළ හෙයින් පොළොවේ වසන්නන් පරීක්ෂාකිරීමට මුළු ලෝකය පිටට පැමිණෙන්ට තිබෙන්නාවූ පරීක්ෂාවේ පැයෙන් මමත් නුඹ ආරක්ෂාකරන්නෙමි.