මුළු ඉශ්‍රායෙල් සභාව වැරදි දෙයක් කළොත්, ඒ දෙය සමූහයාගේ ඇස් ඉදිරියෙන් සැඟවී තිබේ නම්, නොකටයුතුයයි ස්වාමීන්වහන්සේ අණකළ දේවලින් යමක් කොට ඔව්හු වැරදිකාරයෝ වූවෝනම්,
හෙබ්‍රෙව් 10:26 - Sinhala Revised Old Version මක්නිසාද සැබෑව දැනගැනීම ලැබුවායින් පසු අපි කැමැත්තෙන්ම පව් කරමු නම්, Sinhala New Revised Version සත්‍යය අවබෝධ වූ පසු අපි දැන දැන ම පව් කරමු නම්, පව් දුර ලන පූජාවක් අපට තවත් නැත. සිංහල කාලීන පරිවර්තනය සත්‍යය අවබෝධය ලද පසුත්, අප දැන දැනම පව් කරනවා නම්, පාප උදෙසා යාගයක් තවත් ඉතිරිව නැත; Sinhala New Revised Version 2018 සත්‍යය අවබෝධ වූ පසු අපි දැන දැන ම පව් කරමු නම්, පව් දුර ලන පූජාවක් අපට තවත් නැත. |
මුළු ඉශ්‍රායෙල් සභාව වැරදි දෙයක් කළොත්, ඒ දෙය සමූහයාගේ ඇස් ඉදිරියෙන් සැඟවී තිබේ නම්, නොකටයුතුයයි ස්වාමීන්වහන්සේ අණකළ දේවලින් යමක් කොට ඔව්හු වැරදිකාරයෝ වූවෝනම්,
ඉශ්‍රායෙල් පුත්‍රයන්ට මෙසේ කියාපන්න–නොකටයුතුයයි ස්වාමීන්වහන්සේ විසින් අණකළ කිසිවකට විරුද්ධව යමෙක් නොදැනුවත්ව පව්කොට එයින් එකක් කළොත්, [ඔහු මෙසේ කළ යුතුය.]
තමාගේ ස්වාමියාගේ කැමැත්ත දැනගනත් සූදානම් නොකළාවූ, ඔහුගේ කැමැත්ත ලෙස නොකළාවූ දාසයා බොහෝ පහර ලබන්නේය.
යේසුස්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුඹලා අන්ධයෝ නම් නුඹලාට පාපයක් නැත; නුමුත් දැන්–අපට පෙනේයයි නුඹලා කියන නිසා නුඹලාගේ පාපය පවතින්නේයයි ඔවුන්ට කීසේක.
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සේවයකිරීමට එහි සිටින පූජකයාටවත් විනිශ්චයකාරයාටවත් ඇහුම්කන් නොදී අහංකාර කමින් හැසිරෙන මනුෂ්‍යයා මරනු ලැබේවා. මෙසේ ඉශ්‍රායෙල්වරුන් අතරෙන් නපුර පහකරන්න.
විනාශවෙන්නවුන්ට අධර්මිෂ්ඨකමේ සියලු රැවටිලිවලින්ද යුක්තවේ; මක්නිසාද ගැළවෙන පිණිස ඔව්හු සැබෑකමට ප්‍රේමවීම පිළිනොගත්තෝය.
පළමුවෙන් මම අපහාසකරන්නෙක්ව, පීඩාකරන්නෙක්ව, නින්දාකරන්නෙක්ව සිටියෙම් නුමුත්, නොදන්නාකමින් හා ඇදහිලි නැතිකමින් එසේ කළ බැවින්, දයාව ලැබුවෙමි.
යමෙක් තමාගේ සහෝදරයා මරණයට නොපමුණුවන පාපයක් කරන බව දුටුවොත් ඔහු යාච්ඤාකරාවා, එවිට ඔහුට, එනම් මරණයට නොපමුණුවන්නාවූ පාපයක් කරන්නන්ට, (දෙවියන්වහන්සේ) ජීවනය දෙනසේක. මරණයට පමුණුවන්නාවූ පාපයක් ඇත්තේය. ඔහු ඉල්ලිය යුතුය කියා මා කියන්නේ ඒ ගැන නොවේ.
මනුෂ්‍යයෙකුට විරුද්ධව මනුෂ්‍යයෙක් පව්කළොත් දෙවියන්වහන්සේ ඔහුට යුක්තිය කරනවා ඇත. නුමුත් ස්වාමීන්වහන්සේට විරුද්ධව මනුෂ්‍යයෙක් පව්කළොත් ඔහු වෙනුවට මැදහත්වන්නේ කවුදැයි ඔවුන්ට කීවේය. නුමුත් ඔව්හු තමුන්ගේ පියාගේ හඬට ඇහුම්කන් නුදුන්නෝය, මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔවුන් නසන්ට අභිප්‍රාකළසේක.