ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




හිතෝපදේශ 28:7 - Sinhala Revised Old Version

ව්‍යවස්ථාව රක්ෂාකරන්නා ඥානවත් පුත්‍රයෙක්ය; එහෙත් නාස්තිකාරයන්ගේ යහළුවා තමාගේ පියා ලජ්ජාවට පමුණුවයි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

නීතිය රකින්නා නැණවත් පුත්‍රයෙකි; දාමරිකයන් ඇසුරු කරන්නා තම පියාට නිගාවකි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

නීතිය රකින්නා නැණවත් පුත්‍රයෙකි; දාමරිකයන් ඇසුරු කරන්නා තම පියාට නිගාවකි.

පරිච්ඡේදය බලන්න



හිතෝපදේශ 28:7
10 හුවමාරු යොමු  

තමාගේ පියාගෙන් කොල්ලකමින් තමාගේ මවු පන්නාදමන්නා ලජ්ජා උපදවන්නාවූ, නින්දා පමුණුවන්නාවූ පුත්‍රයෙක්ය.


තමාගේ පියාගෙන් හෝ මව්ගෙන් හෝ සොරාගෙන: වරදක් නැතැයි කියන්නා විනාශකාරයෙකුගේ යහළුවෙක්ය.


ඉපලද තරවටුකිරීමද ප්‍රඥාව දෙන්නේය; එහෙත් තමාගේ කැමැත්තට අත්හරිනු ලබන දරුවා තමාගේ මව් ලජ්ජාවට පමුණුවයි.


ප්‍රඥාවට ප්‍රියවන්නා තමාගේ පියා ප්‍රීතිකරන්නේය; එහෙත් වේශ්‍යාවන් ආශ්‍රයකරන්නා තමාගේ සම්පත් නැතිකරන්නේය.


නොබෝ දවසකට පසු බාල පුත්‍රයා සියල්ල එකතුකරගෙන, දුර රටකට ගොස්, එහිදී අවකල් ක්‍රියාවෙන් ජීවත්වෙමින්, තමාගේ වස්තුව නාස්තිකෙළේය.


නුමුත් ඔබගේ සම්පත වේශ්‍යාවන් සමඟ නාස්තිකළාවූ මේ ඔබගේ පුත්‍රයා ආ වේලේ, ඔහු නිසා තරකළ වස්සා මැරුවෙහියයි පියාට කීවේය.