ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




හිතෝපදේශ 28:2 - Sinhala Revised Old Version

දේශයක කැරළිකාරකම නිසා එහි අධිපතියෝ බොහෝ වෙති; එහෙත් තේරුම සහ දැනගැන්ම ඇති මනුෂ්‍යයන් කරණකොට එය බොහෝ කල් පවතින්නේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

කැරලිකාර රාජ්‍යයක නායකයෝ බොහෝ දෙනෙකි, එහෙත් නැණවත් පැණසර අයගෙන් යුත් රාජ්‍යයක් තිරසර ව පවතියි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

කැරලිකාර රාජ්‍යයක නායකයෝ බොහෝ දෙනෙකි, එහෙත් නැණවත් පැණසර අයගෙන් යුත් රාජ්‍යයක් තිරසර ව පවතියි.

පරිච්ඡේදය බලන්න



හිතෝපදේශ 28:2
14 හුවමාරු යොමු  

යෙරොබොවම්ගේ පුත්‍රවූ නාදාබ් යූදාහි රජවූ ආසාගේ දෙවෙනි අවුරුද්දේ ඉශ්‍රායෙල් කෙරෙහි රජ වී දෑවුරුද්දක් රජකම්කෙළේය.


යූදාහි රජවූ ආසාගේ තුන්වෙනි අවුරුද්දේදී බාෂාතෙමේ නාදාබ් මරා ඔහු වෙනුවට රජවුණේය.


ඇද නැත්තන්ගේ ආශීර්වාදයෙන් නගරය උසස්වෙයි; එහෙත් දුෂ්ටයන්ගේ මුඛයෙන් එය පෙරළාදමනු ලබයි.


එහි දිළිඳුවූ ප්‍රඥාවන්ත මනුෂ්‍යයෙක් සිටියේය, ඔහු තමාගේ ප්‍රඥාවෙන් ඒ නුවර ගැළෙවුවේය. එහෙත් කිසිවෙක් ඒ දිළිඳු මනුෂ්‍යයා සිහිකළේ නැත.


නුඹෙන් පැවතඑන්නෝ පරණ නටබුන් තැන් ගොඩනගන්නෝය. නුඹ බොහෝ පරම්පරාවල අත්තිවාරම් ගොඩනගන්නෙහිය; කැඩුම් හරිගස්සන්නාය, වාසය පිණිස මාවත් අලුත්වැඩියාකරන්නායයි නුඹට කියනු ලැබේ


එබැවින්, රජ්ජුරුවෙනි, මාගේ දැනමුතුකමට ප්‍රසන්නවී, ධර්මිෂ්ඨකම්කිරීමෙන් ඔබගේ පාපද දිළිඳුන්ට කරුණාකිරීමෙන් ඔබගේ අපරාධද පහකළ මැනව; එසේ කිරීමෙන් සමහරවිට ඔබගේ සමාදානය පවතින්ට පුළුවනැයි කීවේය.


මාගේ උදහසින් නුඹට රජෙකු දුන්නෙමි, මාගේ කෝපයෙන් ඔහු පහකෙළෙමි.