ඔව්හු අබ්නේර් හෙබ්‍රොන්හි තැන්පත්කළෝය. රජ ශබ්ද නගා අබ්නේර්ගේ සොහොන්පළ ළඟදී ඇඬීය. මුළු සෙනඟද ඇඬුවෝය.
හිතෝපදේශ 24:17 - Sinhala Revised Old Version නුඹේ සතුරා වැටෙන කල ප්‍රීතිනොවන්න; ඔහු පැකිලී වැටෙන කලද නුඹේ සිත ප්‍රීතිමත් නොවේවා. Sinhala New Revised Version ඔබේ සතුරාගේ විපත ගැන සතුටු නොවන්න; ඔහුගේ වැටීම ගැන ප්‍රීති නොවන්න. Sinhala New Revised Version 2018 ඔබේ සතුරාගේ විපත ගැන සතුටු නොවන්න; ඔහුගේ වැටීම ගැන ප්‍රීති නොවන්න. |
ඔව්හු අබ්නේර් හෙබ්‍රොන්හි තැන්පත්කළෝය. රජ ශබ්ද නගා අබ්නේර්ගේ සොහොන්පළ ළඟදී ඇඬීය. මුළු සෙනඟද ඇඬුවෝය.
එහෙත් මා පැකුලුණු කල ඔව්හු ප්‍රීතිමත්ව රැස්වූවෝය. නීචයෝ මට විරුද්ධව රැස්වූය, එය දැන නොගත්තෙමි; ඔව්හු නොනැවතී මා ඉරාදැමුවෝය.
මට සතුරුව සිටින්නෝ අයුත්තේ මා ගැන ප්‍රීතිමත් නොවෙත්වා. නිෂ්කාරණයේ මට වෛරවන්නෝ ඇස ඉඟි නොකෙරෙත්වා.
මාගේ එදිරිකාරයෝ: නුඹේ දෙවියන්වහන්සේ කොයිදැයි නිතර මට කියමින්, මාගේ ඇටවලට කඩුවකින් ඇන්නාක්මෙන් මට නින්දාකෙරෙති.
දිළින්දාට සරදම්කරන්නා ඔහුගේ මැවුම්කාරයාණන්ට නින්දාකරයි; විපත්තියට ප්‍රීතිවෙන්නා දඬුවම් නොලැබ නොසිටියි.
නුඹේ සහෝදරයාගේ දවස වන ඔහුගේ විපත්ති දවස නොබලන්න, යූදා පුත්‍රයන්ගේ විනාශවීමේ දවසේදී ඔවුන් ගැන ප්‍රීති නොවන්න; ඔවුන්ගේ විපත්ති දවසේදී උඩඟුකමෙන් කථා නොකරන්න.
එම්බා මාගේ සැතිරිය, මට විරුද්ධව ප්‍රීති නොවන්න. මම වැටුණු විට නැගිටින්නෙමි. මා අඳුරෙහි හිඳින කල ස්වාමීන්වහන්සේ මට එළියක්ව සිටිනසේක.
ඔවුන්ගේ සිත් ප්‍රීතිමත්වූ කල: අපට ක්‍රීඩා පෙන්වන්ට සම්සොන්ට අඬගසන්නැයි කියා ඔව්හු හිරගෙයින් ඔහු අඬගස්වාගත්තෝය; ඔහු ඔවුන් ඉදිරියේ ක්‍රීඩා කෙළේය. ඔව්හු කුළුනු කණු අතරේ ඔහු සිටෙවුවෝය.